මෙහි අන්තර්ගත පිරිත් සූත‍්‍ර පිරුවානා පොත් වහන්සේ උපුටා ගනිමින් සකසා ඇත. භාවිතයේ පහසුව උදෙසා ව්‍යවහාරික සිංහල අක්‍ෂර වින්‍යාසය යොදාගෙන ඇත. නිවරදි උාරණය සදහා අදාල පිරිත් දේශණාවන් ශ‍්‍රවනය කරන ලෙසට පින් සිත් පෙරටුව ඉල්ලා සිටිමි.


අක්‍ෂර වින්‍යාසය අධ්‍යයනය සදහා පිරුවානා පොත් වහන්සේ පරිශීලනය කරීමට කාරුණික වන්න.

මෙම ව්‍යායාමයට අතහිත දුන් සැමටත් ඔවුන් නමින් මිය පරලව ගියාවූ සියලූ දෙනාටත්, දිග, කෙටි, මහත, මධ්‍යම, විශාල, සියුම්, ශරීර ඇත්තෝ වූ ද, දිය ගොඩ වෙසෙන සියලූ සත්තූහූද, පෙනෙන, නොපෙනෙන, දුර, ළඟ, වෙසෙන සත්වයෝද, උපතට පැමිනි සහ උපතක් සොයන සත්තූහූද, ඉපදීම අවසන් කල සත්තූහූද, ඇතුළු සියලූ විශ්ව වාසීනට මෙම පිරිත් දේශණාවන්ගේ ආනුභාවයෙන් පින් අනුමෝදන් වේවා සියල්ලෝම සැප ඇත්තෝ වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා.

ප‍්‍රාර්ථනා

උතුම් බුදු බණ නිරන්තරයෙන් දෙසූ දළදා සමිඳු සරණයි
නුවන් සනහන කැළණි මියුගුණ සෑරදුන් සිලූමිණෙහි සරණයි
සමන් ගිරහිස පහන් කරමින් තැබූ මුණිසිරිපතුලෙ සරණයි
නිවන් දක්නා ජාති දක්වා අප හැමට තුණුරුවන් සරණයි

ගෙයින් පිටවී නැවත එනතුරු අපට මුණිගුණ පිහිට වේවා
කරන්නට යන සියලූ කටයුතු සිතන අයුරින් සඵල වේවා
මෙයින් මතු කරදරද උවදුරු අපේ දිවියට අත් නොවේවා
බුදුන් දම් සඟරුවන් බලයෙන් සදාකල්හිම අප රකීවා