කරණීය මෙත්ත සූත්‍රය​

කරණීය මෙත්ත සූත්‍රය​

Play Sound

කරණීයමත්ථ කුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානි සන්තුස්සකෝ ච සුභරෝ ච අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති සන්තින්ද්‍රියෝ ච නිපකෝ ච අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ න ච ඛුද්දං සමාචරේ කිඤ්චි යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං සුඛිනෝ වා ඛෙමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා යේ කේචි පාණභූත ත්ථි තසා වා ථාවරා වා අනවසේසා දීඝා වා යේ මහන්තාවා මජ්ඣිමා රස්ස කාණුකථූලා දිට්ඨා වා යේව අද්දිට්ඨා යේ ච  දූරේ වසන්ති අවිදූරේ භූතා වා සම්භවේසී වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා න පරො පරං නිකුබ්බේථ නා තිමඤ්ඤෙථ කත්ථචි නං කඤ්චි ඛයාරෝසනා පටිඝසඤ්ඤා නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛමිඡෙය්‍ය මාතා යථා නියං පුත්තං ආයූසා ඒකපුත්ත මනුරක්ඛේ එවම්පි සබ්බ භූතේසූ මානසං භාවයේ අපරිමාණං මෙත්තං ච සබ්බලෝකස්මිං මානසං භාවයේ අපරිමාණං උද්ධං අධෝ ච තිරියං ච අසම්බාධං අවේරං අසපත්තං තිට්ඨං චරං නිසින්නෝ වා සයානෝවා යාවතස්ස විගතමිද්ධෝ ඒතං සතිං අධිට්ඨෙය්‍ය බ‍්‍රහ්මමේතං විහාරං ඉධමාහු දිට්ඨිං ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතී ති. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු, ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු.

උතුම් ශාන්තිපද සංඛ්‍යාත නිර්වාණයක් වේද එය අවබෝධකොට වසනු කැමති අභිවෘද්ධිය සලසා ගැනීමට කැමති පුද්ගලයා විසින් කළයුතු පිලිවෙත් මගක් වෙයි. ඔහු නිවන් අවබෝධය පිනිස, වත් සමාදම් වීමට, පිලිපැදීමට දක්ෂ වන්නේය. හුදු මහත් කටයුතුවල හැකිබවද සෘජු බව මෙන්ම, මනා සෘඡු බවද ඇත්තේය. සුවච බවද, මෘදු බවද, මනා නිහතමානී බවද, ඇතිකරගතයුත්තේය. ලද දෙයින් තුටුවීමද, පහසුවෙන් පෝෂණයට හැකිවීමද, අල්ප කෘත්‍යතාවයද, සැහැල්ලූ පැවතුම් ඇතිබවද, සන්සුන් ඉඳුරන් ඇති බවද, උතුම් නුවණද කඩිසරබවද, ගිහිගෙවල අනිසි නොඇල්මද, තිබිය යුතුයි. හැඩි දැඩි අසංවර ගති මෙන්ම කුලයන් කෙරෙහි නොඇලූනෙක් වන්නේය. නුවණැති අන්්‍යයන්ගේ අවමානයට ලක්වන කුඩා දෙයකුදු නොකරන්නේය. සියලූම සත්වයෝ සැප ඇත්තෝ වෙත්වා භය නැත්තෝ වෙත්වා සුඛිත සිත් ඇත්තෝ වෙත්වා. තෘෂ්ණා භය නිසා තැතිගන්නා වූ ද, තෘෂ්ණා භය නොමැති හෙයින් ස්ථාවර වූ ද, දිග, කෙටි, මහත, මධ්‍යම, විශාල, සියුම් ශරීර ඇත්තෝ ද, සියලූ දිය ගොඩ වෙසෙන හැම සත්තූහූද, පෙනෙන, නොපෙනෙන, දුර, ළඟ, වෙසෙන සත්හූද, උපතට පැමිනි සහ උපතක් සොයන සත්තූහූද, ඉපදීම අවසන් කල සත්තූහූද, සියල්ලෝම සැප ඇත්තෝ වෙත්වා. කෙනෙකු තව කෙනෙකුට වංචා නොකරත්වා, අවමන් නොකරත්වා, කෝපයෙන්, ද්වේශයෙන්, කටයුතු නොකරත්වා, අන් අයගේ දුක් කැමති නොවේවා.  කය වචනය පිලිබද විකෘතියෙන් ද මනෝවි‍‍ය‍කූලත්වයෙන් ද කෙනෙකු තව කෙනෙකුට දුකක් නොවේවා. සිය පණ මෙන් රකින, එක පුතු ඇති මව මෙන්, සියලූ සත්වයන් කෙරෙහි අප‍්‍රමාණ වූ මෛත‍්‍රිය පතුරත්වා. උඩටද, යටටද, හරහටද, හැම දෙයට ඇති බාධා, හිරිහැර, වෛර චේතනා, කරදර, නැතිවන සේ, සැම සත වෙත මෛතී‍ය  පතුරත්වා. සිටගෙනද, ඇවිදිමින්ද, සයනයකරමින්ද, අවදියෙන්ද, සැම කල්හී මේ මෛතී‍ය සහගත සිහියෙන්ම යුතු වෙත්වා. මෙය බුද්ධ ශාසනයේ ශ්‍රේෂ්ඨ විහරණය වේ. මිත්‍යා දෘෂ්ඨියට නොපැමින, උතුම් දැක්මෙන් යුක්තව, වස්තු කාමයෙහි නොඇලී ජීවිතය ගෙවන්නා, යලි උපතට නොපැමිණේ, ඉපිද රහත් බවට පැමිණ නිවන්මගට පැමිණ පිරිනිවන් පාන්නේය. මේ උතම් පිරිතෙන් ඒපිරිතේ සත්‍යයේ බලයෙන් සියළු රෝග, සියළු භය, සියළු දුක්, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.