වසල සූත්‍රය

ඒවං මේ සූතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමේ අථ ඛෝ භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථියං පිණ්ඩාය පාවිසි. තේන ඛො පන සමයේන අග්ගිකභාරද්වාජස්ස බ‍්‍රාහ්මණස්ස නිවේසනෙ අග්ගි පජ්ජලිතො හොති ආහූති පග්ගහීතා. අථ ඛො භගවා සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො යෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තේනුපසංකමි, අද්දසා ඛො අග්ගිකභාරද්වාජෝ බ්රාහ්මණො භගවන්තං දුරතො ව ආගච්චන්තං, දිස්වාන භගවන්තං එතදවොච, තත්‍රෙව මුණ්ඩක, තත්‍රෙව සමණක, තත්‍රෙව වසලක තිට්ඨාහී ති. එවං වුත්තේන භගවා අග්ගිකභාරද්වාජං බ්රාහ්මණං එතදවොච. ජානාසි පන ත්‍වං බ්රාහ්මණ වසලං වා  වසලකරණෙ වා ධම්මෙ ති. නඛ්වාහං භෝ ගොතම ජානාමි වසලං වා  වසලකරණෙ වා ධම්මෙ,  සාධුමෙ භවං ගෝතමෝ තථා ධම්මං දෙසෙතු. යථාහං ජානෙය්‍යං සලං වා  වසලකරණෙ වා ධම්මෙ. තෙන හි බ්රාහ්මණ සුණාහි සාධුකං මනසි කරොහි භාසිස්සාමීති. ඒවං හෝති ඛො අග්ගිකභාරද්වාජෝ බ්රාහ්මණො භගවතො පච්චස්සෝසී. භගවා එතදවොච. කොධනො උපනාහීච පාපමක්කී ච යො නරො විපන්නදිට්ඨි මායාවී තං ජඤ්ඤ වසලො ඉති. එකජං වා දවිජංවාපි යොධ පාණානි හිංසති යස්ස පාණෙ දයා නත්‍ථි තං ජඤඤ වසලො ඉති. යො හන්ති පරිරුන්‍ධති ගාමානි නිගාමානි ච නිග්ගාහකො සමඤ්ඤාතො තං ජඤඤ වසලො ඉති. ගාමෙ වා යදි වාරඤේඤ යං පරෙසං මමායිතං ථෙය්‍යා අදින්නං ආදියති තං ජඤඤා වසලො ඉති. යො හවෙ ඉණමාදාය චුජ්ජමානො පලායති න හි තෙ ඉණමත්‍ථිති තං ජඤඤ වසලො ඉති. යො වෙ කිඤ්චික්ඛකම්‍යතා පන්‍ථස්මිං වජතං ජනං හනත්වා කිඤ්චික්ඛ මාදෙති තං ජඤඤ වසලො ඉති. යො අත්තහෙතු පරහේතු ධනහේතු ච යො නරො සක්ඛිපුට්ඨො මුසා බ‍්‍රෑති තං ජඤඤ වසලො ඉති. යො ඤතීනං සඛානං වා දාරෙසු පතිදිස්සති සහසා සම්පියේන වා තං ජඤඤ වසලො ඉති. යො මාතරං වා පිතරං වා ජිණ්ණකං ගතයොබ්බනං පහූසන්තො න භරති තං ජඤඤ වසලො ඉති. යො මාතරං වා පිතරං වා භාතරං භගිනිං සසුං හන්ති රොසෙති වාචාය තං ජඤඤ වසලො ඉති. යො අත්‍ථං පුචජිතො සන්තො අනත්‍ථ මනුසාසති පටිච්ජන්නෙන මන්නේති තං ජඤඤ වසලො ඉති. යො කත්‍වා පාපකං කම්මං මා මං ජඤඤති ඉච්ඡුති යො පටිචඡුන්නකම්මන්තො තං ජඤඤ වසලො ඉති. යො වෙ පරකුලං ගනත්‍වා භුත්‍වාන සුවිභොජනං ආගතං න පටිපූජෙති තං ජඤඤ වසලො ඉති. යො බ්රාහ්මණං වා සමණං වා අඤඤං වා පි වණිබ්බකං  මුසාවාදෙන වඤ්චෙති තං ජඤඤ වසලො ඉති. යො බ්රාහ්මණං වා සමණං වා භත්තකාලෙ උපට්ඨතෙ රොසෙති වාචා න ච දෙති තං ජඤඤ වසලො ඉති. අසතං යො ධ පබ‍්‍රෑති මොහෙන පලිගුණ්ඨිතො කිඤචිකඛං නිජිගිංසානො තං ජඤඤ වසලො ඉති. යො චත්තානං සමුක්කංසෙ පරඤච මවජානති නිහීනො සෙන මානෙන තං ජඤඤ වසලො ඉති. රොසකො කදරියො ච පාපිච්ජෝ මව්ඡුරී සඨො අහිරිකො අනොතප්පි තං ජඤඤ වසලො ඉති. යො බුඞං පරිභාසති අථ වා තස්ස සාවකං පරිබ්බාජං ගහට්ඨං වා තං ජඤඤ වසලො ඉති. යො වෙ අනරහා සන්තො අරහං පටිජානති චොරො සබ්රහ්මකෙ ලොකෙ එස ඛො වසලාධමො එතෙ ඛො වසලා වුත්තා මයා වො යෙ පකාසිතා. න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්රාහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්රාහ්මණො. තදමිනාපි විජානාථ යථා මෙදං නිදස්සනං චණ්ඩාලපුත්තො සොපාකො මාතඞගො ඉති විස්සුතො. සො යසං පරමං පත්තො මාතඞගො යං සුදුල්ලභං ආගඤ්ඡුුං තස්සුපට්ඨානං ඛත්තියා බ්රාහ්මණා බහු. සො දෙවයාන මාරුය්හ විරජං සො මහාපථං කාමරාගං විරාජෙත්‍වා බ්රහ්මලොකුපගො අහු. න නං ජාති නිවාරෙසි බ්රහ්මලොකුපපත්තියා අජ්ඣායක කුලෙ ජාතා බ්රාහ්මණා මන්තබන්‍ධුනො. තෙ ච පාපෙසු කම්මෙසු අභිණ්න මුපදිස්සරෙ දිට්ඨෙව ධම්මෙ ගාරය්හා සම්පරායෙ ච දුග්ගතිං න තෙ ජාති නිවාරෙති දුග්ගච්චා ගරහාය වා න ජච්චා වසලො හොති න ජච්චා හොති බ්රාහ්මණො කම්මනා වසලො හොති කම්මනා හොති බ්රාහ්මණෝ ති. ඒවං වුත්තෙ අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච. අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම සෙය්‍යථාපි භො ගොතම නිකකුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය පටිච්ඡුන්නං වා විවරෙය්‍ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්‍ය චක්ඛුමන්තො රූපානි දක්ඛ්න්තීති. එව මේවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි. ධම්මං ච භික්ඛුසංඝංච, උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති. ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා

එකල එක් සමහයක භාග්‍යවතුන්වහන්සේ අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක  එකල්හී එක් දිනක පෙරවරුවෙහි භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර පිඬුසිගා වැඩි සේක ඒ අවස්ථාවේදී අග්ගික භාරද්වාජ බමුණානන් ගේ නිවස අසල යාගයක් සදහා ගිනි දල්වා තිබිනි  පිඬුසිගා වැඩි බුදුන් වහන්සේ ද එතැනට එළඹි සේක  ඒ දුටු  අග්ගික භාරද්වාජ බමුණානන් කෝපාවිෂ්ඨව භාග්‍යවතුන්වහන්සේට මුඩු, මහණ, දීන, ශ‍්‍රමනය, වසලය ඔතැනම සිටිනු යයි බැන වැදුනේය  ඒ අවස්ථාවේදී භාග්‍යවතුන්වහන්සේ අග්ගික භාරද්වාජ බමුණානන්හට මෙසේ  වදාලහ බමුන තොප වසලයා කවරෙක් ද, සැඩොලා කවරෙක් ද, යන වග හෝ ඒ බව ඇතිකරන කරුනු කවරේද යයි දන්නේදැයි විමසීය  ගෞතමයානන් වහන්ස මම නොදනිමි, එම දහම දෙසා වදාරන සේක්වා යයි සැළ කලහ එසේ නම් බ‍්‍රාහ්මණය අසව, මනා සේ සිත්හි රදවාගනු, මා මෙසේ පවසන්නම් යැයි භාග්‍යවතුන්වහන්සේ වදාලහ  අග්ගික භාරද්වාජ බ‍්‍රාහ්මණ තෙමේ එය පිලිගත්හ  බුදුරදුන් විසින් වසල බව ඇතිකරන කරුනු මෙසේ වදාලහ යම් මනුෂ්‍යයෙකු කෝපවන සුලූ වන්නේද, බැඳගත් වෛරයෙන් පසුවන්නේද, පාපී ගුණමකුවකු වන්නේද, විකෘති කරන ලද අදහස් වලින් අනුන් රවටනාසුලූ වන්නේද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු එකවර උපදිනා වූ හෝ, බිත්තරවලින් උපදිනා වූ යම් සත්වයෙක් වදයට හිංසාවට ලක්කරයිද, ප‍්‍රානය සිදලයිද, දිවි ඇති සතුන් කෙරෙහි දයාවක් කරුණාවක් නොදක්වයිද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු ගම් නියම් ගම් වනසයිද, ඒවා මංකොල්ල කයිද, බලහත්කාරකම් පැහැරගරනීම් සිදුකරයිද, එසේ ප‍්‍රසිද්ධියට පත් වේද,  හෙතෙම වසලයකු වන්නේය යමෙකු ගමක හෝ වනයක අන්්‍යයන් විසින් රුකගත් වස්තුවක්, තමා වෙත නොදුන් වස්තුවක්, සොරා ගනීද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු ණයට ලබාගත් යමක් එසේ ලබා නොගත් සේ පවසමින් නැවත ලබානොදී පලායානම්, හෙතෙම වසලයකු වන්නේය යමෙකු තන්හා සහිත සිතුවිලි පෙරටුකොට ගෙන යම් වස්තුවක්, යම් මගියෙකු මරනයට පත්කර හෝ, පීඩාවට ලක්කර ලබාගතේ නම්, හෙතෙම වසලයකු වන්නේය යමෙකු තමුන්ගේ හෝ අනුන්ගේ ප‍්‍රයෝජනය තකා යම් වස්තුවක් ලබාගැනීමේ අදහසන්, දැන දැන සාක්ෂි වසයෙන් මුසාවක් පවසන්නේද, හෙතෙම වසලයකු වන්නේය  යමෙකු තම ඥාතියෙකුගේ හෝ යහළුවකුගේ අඹුවක් සමග, බලහත්කාරයෙන් හෝ දෙදෙනාගේ ස්වකීය කැමැත්තෙන්, අනාචාරයේ හැසිරෙන්නේද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු හැකියාවන් සහ වත් පොහොසත් කම් සහිත වූවද, තම වයෝවෘද මෑණියන් හෝ පියානන් පෝෂනය නොකරමින් නොසලකා හරීද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු තම මෑණියන්ට, පියානන්ට, සොහොයුරු සොහොයුරියන්ට, හෝ ඥාතින්ට තරහා සිතැතිව බැනවදීද, දඬු මුගුරැු ආදීයෙන් පහරදෙත්ද, හෝ වසලයකු වන්නේය යමෙකු විසින් යම් කරුනක් විමසා සිටි කල්හී, එහි සැබෑ අර්ථය සඟවා වෙනත් අරුතක් පවසන්නේ හෝ ඔහුට හෝ ඇයට තේරුම්ගත නොහැකි අයුරින් අරුත සඟවා ප‍්‍රකාෂ කරන්නේ ද හෙතෙම වසලයකු වන්නේය යමෙකු පාපී අකුසල කර්මයන් සිදුකර, ඒ කි‍්‍රයාවන් අනුන්ගෙන් සඟවා, අනුන් මෙකී කි‍්‍රයාවන් දැන නොගනීවා යයි පතයි ද තම කි‍්‍රයාවන් රහසිගතව සිදුකරයි ද හෙතෙම වසලයකු වන්නේය යමෙකු අන්්‍යයන්ගේ නිවෙස් වලින් ප‍්‍රනීත ආහාරපාන අනුභව කොට, ඔවුන් තම නිවසට පැමිනි කල්හී ඔවුනට නිසි ආහාර පානයන් ගෙන් සංග‍්‍රහ නොකරන්නේ ද හෙතෙම වසලයකු වන්නේය යමෙකු බමුනෙකු වේවා, ශ‍්‍රමණයකු වේවා, යාචකයකු වේවා, යම් දෙයක් නොදෙන අරමුනෙන් බොරුවෙන් හෝ මුසාවෙන් ඔවුන් රවටයි ද හෙතෙම වසලයකු වන්නේය යමෙකු ආහාර පාන ලබාගන්නා අවස්ථාව්දී පැමිනෙන ශ‍්‍රමණ බ‍්‍රාහ්මණ ආදීන්ට තරහා සිතැතිව බැනවදී කිසිවක් නොදෙන්නේ නම් හෙතෙම වසලයකු වන්නේය යමෙකු මුලාවට හෝ මෝහනයට පත්ව තමන් රිසි වූ යම් දෙයක් ලබාගන්නා අටියෙන්, අසත්්‍යයක් අභූත දෙයක් පවසන්නේද හෙතෙම වසලයකු වන්නේය යමෙකු පරිහානියට පත්ව, තමන් ගේ මානය හේතුකොටගෙන තමන් උසස් කොට පතමින් අන්්‍යයන් හෙලා දකීද හෙතෙම වසලයකු වන්නේය යමෙකු අන්්‍යයන් පෙලමින් කෝපයට පත්කරයිද, තද මසුරු බවින් යුක්තවේද, පාපී සිත් ඇත්තෙකු වේද,  කපටි වේද, පවට ලැජ්ජා බිය නැති වේද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු සම්මා සම්බුදුන් වහන්සේට පරිභව කරයිද, නැතහොත්  උන්වහන්සේගේ ශ‍්‍රාවක පැවිදි උතුමන් හෝ අන් පරිබ‍්‍රාජකයකු හෙලා දකිත්ද, හෙතෙම වසලයකු වන්නේය යමෙකු රහත් බව නොලබා තමා අරහාදී ගුණයෙන් යුතු යැයි පවසත්ද, හෙතෙම දෙවි බඹුන් සහිත මෙ ලොව සොරෙකු වන්නේමය  හෙතෙම අධමවූ නීච වූ පුද්ගලයෙකි, මා විසින් මෙසේ වදාල සියල්ලන්ම ඒකාන්තයෙන්ම වසලයන් වන්නේය යමෙකු උපතින් අධම හෝ නීච පුද්ගලයෙක් නොවේ  තවද උප්පත්තියෙන් බ‍්‍රාහ්මණයෙකුද නොවේ  තමන් විසින් කරනු ලබන දෑ හේතුකොටගෙන අධම හෝ නීච පුද්ගලයෙකු වේ, බ‍්‍රාහ්මණයෙකුද වේ මාගේ නිදසුන් ඒ අයුරින් දැනගනු මැනව  සෝපාක නම් සැඩොල් දරුවෙකු මාතංග නම් ප‍්‍රසිද්ධ විය  හෙතෙම හීනකුල උපන්නමුත්, ඉතා දුර්ලභ වූ යශසයකට කීර්තියකට පත්විය  ඔහුට උවටැන් සදහා බොහෝ ක්ෂති‍්‍රයයෝද බ‍්‍රාහ්මණයෝද ඔහු වෙත පැමිනියහ හෙතෙම සියළු කෙලෙස් වලින් තොර වූ ශ්‍රේෂ්ඨ වූ බුද්ධාදීන් විසින් පිලිපන් අෂ්ඨ සමාපත්තියට පිලිපන්ව, කාම රාග දුරුකොට බඹ ලොවට වෙත ගියේ විය සැඩොල් කුලයේ උපන් බව ඔහු බඹ ලොව උපතලැබීම නොවැලැක්වීය වේද හදාරන කුලයේ උපන් යන්ත‍්‍ර මන්ත‍්‍ර හදාරන බමුණන්ද නිතර පාපී කි‍්‍රයාවන්හි යෙදෙති ඔවුන් මෙලොවදී ම ගැරහීමට ලක්වේ, මරනින්පසු පරලොවෙහිදීද දුගතියට පත්වේ  ඔවුන් උපන් උසස් කුල භාවය ඔවුන් දුගතිගාමී බවින් හෝ, ගැරහීමට ලක්වීමෙන් නොවලක්වයි ජාතියෙන් වසලයකු නොවේ ජාතියෙන් බ‍්‍රාහ්මණයෙකුද නොවේ  තමන් විසින් කරනු ලබන කර්මයන් හේතුකොටගෙන වසලයකු  හෝ බ‍්‍රාහ්මණයෙකු වේ මෙසේ දේශනා කොට වදාල කල්හි අග්ගික භාරද්වාජ බමුණුතෙමේ බුදුරජානන් වහන්සේට මෙසේ සැල කලහ  ඔබ වහන්සේගේ ධර්ම දේශණාව අතිශ්‍රේෂ්ඨය භාග්‍යවතුන් වහන්ස අතිශ්‍රේෂ්ඨය  පින්වත් භාග්‍යවතුන් වහන්ස යටිකුරුව තැබූ භාජනයක් උඩුකුරු කරන්නේ යම් සේද, යටපත් වූ නිදානයක් ගොඩගන්නේ යම් සේද, මං මුලාවූවකුට මං පෙත පෙන්වාදෙන්නාසේද, දෙනෙත් ඇත්තවුන්ට අන්ධකාරයේ තබන ලද සිතුවමක් දකිත්වා යයි, තෙලින් පිරුන පහනක් දල්වන්නා සේද, පින්වත් භාග්‍යවතුන් වහන්සේ විසින් නන් අයුරින් ඒ අගනා ධර්මය දේසනාකොට වදාල සේක  මම ඒ භාග්‍යවතුන් වහන්සේද ධර්මයද, භික්ෂු සංඝයා වහන්සේද, දිවිහිම් කොට සරන යමි   භගවත් ගෞතමයන් වහන්ස අදින් පසු මා දිවිහිමියෙන් ඔබ සරණගියාවූ උපාසකයකු සේ සලකත්වා මේ උතම් පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලූ රෝග සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.