තිරොකුඞ්ඩ සුත්‍රය

තිරොකුඞ්ඩ සුත්‍රය

තිරොකුඞ්ඪසු තිට්ඨන්ති සන්ධීසිංසාටකෙසු ව ද්වාරබාහාසු තිට්ඨන්ති ආගත්වාන සකං ඝරං පහූතෙ අන්නපානම්හි ඛජ්ජහොජ්ජෙ උපට්ඨිතෙ න තෙසං කොචි සරති සත්තානං කම්මපච්චයා ඒවං දදන්ති ක්‍දාතීනං යෙ හොන්ති අනුකම්පකා සුචිං පණීතං කාලෙන කප්පියං පානභෝජනං ඉදං වො ක්‍දාතීනං හොතු සුඛිතා හොන්තු ක්‍දාතියො තෙ ච තත්‍ථ සමාගන්ත්‍වා ක්‍දාතිපෙතා සමාගතා පහූතෙ අන්නපානම්හි  සක්කච්චං අනුමෝදරෙ චිරං ජීවන්තු නො ක්‍දාති යෙසං හෙතු ලභාමසෙ අම්හාකක්‍දච කතා පූජා දායකාච අනිප්ඵලා නහි තත්‍ථ කසී අත්ථී ගොරක්ඛෙකත්‍ථ න විජ්ජති වණිජ්ජා තාදිසි නත්‍ථි හිරෙක්‍ද්ක්‍දන කයාක්කයං ඉතෝ දින්නෙන යාපෙන්ති පෙතා කාලකතා තහිං උන්නමෙ උදකං වට්ඨං යථා නින්නං පවත්තති එව මෙව ඉතො දින්නං පෙතානං උපකප්පති යථා වාරිවහා පූරා පරිපූරෙන්ති සාගරං එව මෙව ඉතෝ දින්නං පෙතානං උපකප්පති අදාසි මෙ අකාසි මෙ ක්‍දාති මිත්තා සඛා චමෙ පෙතානං දක්ඛිණං දජ්ජා පුබ්බෙ කත මනුස්සරං නහි රුණ්ණං ව සොකො වා යා චක්‍ද්ක්‍දා පරිදෙවනා න තං පෙතාන මත්‍ථාය ඒවං තිට්ඨන්ති ක්‍දාතයෝ අයං ඛො දක්ඛිණා දින්නා සඕඝම්හි සුප්පතිට්ඨිතා දීඝ රත්තං හිතායස්ස ඨානසො උපකප්පති සො ක්‍දාති ධම්මො ච අයං නිදස්සිතො පෙතාන පූජා ච කතා උළාරා බලක්‍ද්ච භික්ඛූන මනුප්පදින්නං තුම්හෙහි පුක්‍දක්‍දං පසුතං අනප්පකන්ති.
ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා
ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා
ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා

ඥාති පේ‍්‍රතයෝ තමන් පෙර විසූ ගෙය කරා ඇවිත් බිත්තියෙන් පිටතද, ගෘහ සන්ධි,  බිත්ති සන්ධි, තවද සතරමං සන්ධි, තුන්මං සන්ධි, යන මේ තෑන්හි ද න`ගර ද්වාර, ගෘහ ද්වාර, උලූඅහු කණු ආදියෙහි ද සිටිති. බොහෝ වූ ආහාර පානද කැවිලිද අනෙකුත් භෝජනද පිළියෙල කොට ඇති කල්හි පවා ඒ පේ‍්‍රත ලෝකයෙහි උපන් එම සත්වයන්ගේ අකුසල කර්ම හේතුවෙන් කිසිම නෑයෙකු විසින් ඔවුන් සිහි නොකරයි. නෑයන් අතුරෙන් යමි කෙනෙක් ඔවුනට අනුකම්පා කරන්නා වූ වෙත්ද පවිත‍්‍රවූ ප‍්‍රණීතවූ කැපවූ ආහාර පාන දන් දෙති.  මේ පින පරලව ගිය අප නෑයන්ට අත්වේවා. ඒ නෑයන් සුවපත් වේවා. ඒ ඥාතී පේ‍්‍රතයෝද ඒ දන් දෙන තැනට නොයෙක් දිශාවලින් අවුත් එක් රුස් වන්නාවූ වෙති.බොහෝ වූ ආහාර දෙනු ලබන කල්හි මනාසේ සතුටු ව පින් අනුමෝදම් කෙරෙත්. මෙසේ පින් අනුමෝදම් කලාවූ යමෙක් වෙත්නම්, එම නෑයන් බොහෝ කල් ජීවත් වෙත්වා. ඔවුන් විසින් දන් දුන් දෑ පින් පැමිනවීමක් ලෙසින් අපහට ද පූජා කරන ලදී යයි තුති කෙරෙත්. ඒ දන් දුන් දායකයෝද මහත් ඵල වෙති. ඒ පේ‍්‍රත ලොකයේ සී සෑමක් නැත, ගව පාලනයක් නැත, සම්පත් ලැබීමට හේතුවන වෙළ`දාමකුද නොමැත, රන් රිදීයෙන් කරන්නාවූ ගණුදෙනුද  නොමැත, මියයාමෙන් අනතුරුව පේ‍්‍රතාවේෂයට පැමිනි මොවුන් මනුලොව වසන නෑ හිතමිතුරන් විසින් දෙනු ලබන පින් වලින් එම පේ‍්‍රතාවේෂයෙහි යැපේ. යම් සේ උස් බිමක රුස්වූ ජලය බිම් මට්ටම කරා ගලාබසීද එපරිද්දෙන් ම මෙම මිනිස් ලොව දී ඥාතීන් විසින් දුන් දානය එහි විපාකයක් වශයෙන් පේ‍්‍රතයන් හට ලැබේ.  කුඩා ගං`ගාවන් හි එක්රැස් වූ ජලය මහා නදීන් පුරවාලමින් මහා සයුර පුරවාලත්ද ඒ පරිද්දෙන් මේ මිනිස් ලොවේදී ඥාතීන් විසින් දුන්දෙය දුන් දානය විපාකදීමක් වශයෙන් පේ‍්‍රතයන්ට ලැබේ. මට මෙබදු ධනයක් හෝ ධානයක් හෝ දුන්නේයැයි ද මගේ මෙම ධානය ලබාදුන්නේ මොහු මාගේ ඥතී හෙයින්ද මාගේ මිතුරෙකු හෙයින්ද මාගේ කල්යාන මිත‍්‍රයෙකු හෙයින්ද මෙසේ ඔවුන් පෙර කරන ලද උපකාර සිහිකරමින්ද මියගියවුන් උදෙසා දන් දිය යුත්තේය. හැඞීමක් හෝ ශෝකය ප‍්‍රකාෂකිරීමක් හෝ යම් අනෙකුත් ආකාරයේ වැලපීමක් හෝ වේද එය පරලොව ගියවුන්ගේ ප‍්‍රයෝජනය පිණිස නොවේ. එයින් පලක් නොවේ. ඒ පේ‍්‍රතයෝ එහි උපන් පරිද්දෙන්ම සිටිති. ඔබ විසින් අද තම ඥාතිසමූහයා උදෙසා යම් දානයක් දෙන ලද්දේද එම දක්‍ෂිනාව සංඝයා කෙරෙහි පූජාකලා වන්නේය. එහෙයින් එය ඒ පේ‍්‍රත සමූහයාට දීර්ඝ කාලයක් හිතසුව පිණිස විපාක දෙයි.  එසැනෙකින්ම විපාකදෙයි. පේ‍්‍රතයන් පේ‍්‍රතභාවයෙන් මුදවා දිව්‍ය සම්පත්තියට පමුනවන්නාවූ  මෙම දානය ලබාදුන්නාවූ ඔබ විසින්,  ඔබගේ ඥාතීන් විසින්,  ඥාතීන් උදෙසා කලයුතු වූ ඥාතී ධර්මයක් දක්වන ලදී. එය පේ‍්‍රතයන් හට මහත් වූ පූජාවක් වේ. නිරර්ථක වූ හැඞීම් වැලපීම් ආදිය ඥාතිධර්ම නොවේ. ඔබ විසින් ලබාදුන්නාවූ දානය භික්‍ෂූන්හට ශක්තිය ලබාදෙන ලදී. ඔබ විසින් මහත් වූ පින් රැස්කරගන්නා ලදී.   මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.