ජය පිරිත

ජය පිරිත

සිරි ධිති මති තේජෝ ජයසිද්ධි මහිද්ධි මහා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ථස්ස භගවතෝ අරහතො සම්මා සම්බුද්ධස්ස ද්වත්තිංස මහාපුරිසලක්ඛණානුභාවෙන අසීත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවෙන අට්ඨුත්තරසත මංගල ලක්ඛාණුනුභාවෙන ඡුබ්බණ්ණරංස්‍යානුභාවෙන කේතුමාලානුභාවෙන දසපාරමිතානුභාවෙන දසඋපපාරමිතානුභාවෙන දසපරමත්තපාරමිතානුභාවෙන සීලසමාධීපඤ්ඤානුභාවෙන බුද්ධානුභාවෙන ධම්මානුභාවෙන සංඝානුභාවෙන තේජානුභාවෙන ඉධ්‍යානුභාවෙන බලානුභාවෙන කේය්‍යධම්මානුභාවෙන චතුරාසිතිසහස්ස ධම්මක්ඛන්ධානුභාවෙන නවලොකුත්තර ධම්මානුභාවෙන අට්ඨංගිකමග්ගානුභාවෙන අට්ඨසමාපත්‍යානුභාවෙන ඡුළභිඤ්ඤානුභාවෙන මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛානුභාවෙන සබ්බපාරමිතානුභාවෙන රතනත්තය සරණානුභාවෙන තුය්හං සබ්බරෝග සෝක උපද්දව දුක්ඛදෝමනස්සුපායාසා විනස්සන්තු සබ්බසංකප්පා තුය්හං සමිඡ්ඣන්තු දීඝායුකෝ හෝතු සත වස්ස ජිවෙන සමංගිකෝ හෝතු සබ්බදා ආකාස පබ්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ඛක දේවතාසදා තුම්හේ අනුරක්ඛන්තු සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන බුද්ධරතනං ධම්මරතනං සංඝරතනං තින්නං රතනානං ආනුභාවෙන චතුරාසිති සහස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජිනසාවකානුභාවේන සබ්බේ තේ රොගා සබ්බේ තේ භයා සබ්බේ තේ අන්තරායා සබ්බේ තේ උපද්දවා සබ්බේ තේ දුන්නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු ආයුවඞ්ඪකෝ ධනවඞ්ඪකෝ  සිරිවඞ්ඪකෝ යසවඞ්ඪකෝ බලවඞ්ඪකෝ වණ්ණවඞ්ඪකෝ සුඛවඞ්ඪකෝ හෝතු සබ්බදා දුක්ඛ රෝග භයා වේරා සෝකා සබ්බේ උපද්දවා අනේකා අන්තරායාපි  විනස්සන්තු ච තේජසා ජය සිද්ධි ධනං ලාභං සොත්ථි භාග්‍යාං සුඛං බලං සිරි ආයු ච වණ්ණො ච භොගං වුද්ධි ච යසවා සතවස්සා ච ආයුච ජීව සිද්ධි භවන්තුතේ

ශී‍්‍ර සෞභාග්‍ය ධෛර්ය බුද්ධි තේජස් ඇත්තාවූද  ජයසිරි මහා ඉර්ධි මහාගුණ ඇත්තාවූද උප‍්‍රමාණ පුන්‍යසම්පත්තියක් ඇත්තාවූද සකලාන්තරාය දූරීභූත කිරීමේ ශක්තිය ඇත්තාවූද ඒ භාග්‍යවත් අර්හත් සම්‍යක් සම්බුදුරඡානන් වහන්සේගේ දෙතිස් මහා පුරිස් ලක්‍ෂන අනුහසින්ද අසූ අනූව්‍යඤ්ජන ලක්‍ෂන අනුහසින්ද එකසිය අටක් මඟුල් ලක්‍ෂන අනුහසින්ද සවනක් ඝණ බුදුරැස් අනුහසින්ද කේතුමාලාවේ අනුහසින්ද දස පාරමිතාවන්ගේ අනුහසින්ද දස උප පාරමිතාවන්ගේ අනුහසින්ද දස පරමාර්ථ පාරමිතාවන්ගේ අනුහසින්ද සීල සමාධි ප‍්‍රඥාවන්ගේ අනුහසින්ද සම්බුදුරදුන්ගේ අනුහසින්ද සදහම් බලයේ අනුහසින්ද මහ සඟරුවනගේ අනුහසින්ද තේජස්වල අනුහසින්ද ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනුහසින්ද අටසමවත් අනුහසින්ද ෂඞ් අභිඥාවන්ගේ අනුහසින්ද මෛතී‍්‍ර කරුනා මුදිතා උපේක්‍ෂා ගුනයන්ගේ අනුහසින්ද සියළු පාරමිතාවන්ගේ අනුහසින්ද තෙරුවන් සරණේ අනුහසින්ද මාගේ සියළු රෝගද සියළු ශෝකයන්ද සියළු උවදුරුද සියළු දුක් දොම්නස්ද දුරුවේවා මාගේ සියළු පැතුම් ඉටුවේවා දීර්ඝායුෂ ලබා සියවසක් ජීවත්වීමේ වාසනාව උදාවේවා  අහසද පර්වතද වන භූමි තටාකයන්ද ගංගා හා මහා සමුද්‍රයටද උධිගෘහිත වූ සියළු දෙවියෝ සදා කල්හීම අප රුකදෙත්වා සියළු බුදු බලයෙන්ද සියළු සදහම් බලයෙන්ද සියළු සඟසරණින් බුදුන් දහම් සඟුන්  යන තෙරුවන් බලයෙන්ද අසූහාර දහසක් ධර්මස්කන්ධයේ බලයෙන්ද තුන් පිටකයේ බලයෙන්ද බුද්ධ ශ‍්‍රාවකයන්ගේ බලයෙන්ද මාගේ සියළු රෝගද මාගේ සියළු බියද මාගේ සියළු අන්තරායයන්ද මාගේ සියළු උවදුරුද මාගේ සියළු අසුබ නිමිතිද  මාගේ සියළු අවමංගල්‍යයන්ද විනාශ වේවා ආයු වැඩිවේවා  ධනයේ දියුණුව වේවා සිරිය වැඩිවේවා  යසස බලය දියුණුව වේවා පැහැය වැඩිවේවා  සැපය තව වැඩිවේවා නිදුක් බව වේවා සදාකල්හිම ජයම වේවා සියළු දුක් රෝග බිය සෝක උවදුරු වෛරය දුරුවී සාමය උදාවී අනේක වූ අනතුරු දුරුවේවා ජය ධන ලාබ  යහපත වාසනාව උදාවේවා සැප බල සිරිය ආයුස පැහැය වැඩිවේවා සම්පත යසස දියුණුව නොමදව ලබමින් සියවස් ආයු ලබමින් ද නිබද යෙහෙන් සැරදේවා.