අටවිසි පිරිත

අටවිසි පිරිත

තණහඕකරො මහා වීරො, මෙධඕකරො මහායසො සරණඕකරො ලොකහිතො, දීපඕකරො ජූතින්ධරො කොණ්ඩඤ්ඤො ජනපාමොක්ඛො,  මඕගලො පුරිසාසභො සුමනො සුමනො ධිරො, රේවතෝ රතිවද්ධනො සෝභිතො ගුණ සම්පන්නො, අනෝමදස්සී ජනුත්තමො පදුමෝ ලෝක පජ්ජෝතො, නාරදො වරසාරථි පදුමුත්තරෝ සත්තසාරො, සුමෙධො අග්ග පුග්ගලො සුජාතො සබ්බලොකග්ගො, පියදස්සී නරා සභො අත්ථදස්සී කාරුණිකො, ධම්මදස්සි තමොනුදො සිද්ධත්ථො අසමො ලොකෙ,තිස්සො වරදසංවරො ඵුස්සො වරද සම්බුද්ධො, විපස්සී ච අනූපමො සිබී සබ්බහිතො සත්ථා, වෙස්සභු සුභදායකෝ කකුසන්ධෝ සත්ථවාහෝ, කොණාගමනෝ රණඤ්ජහෝ කස්සපෝ සිරි සම්පන්නෝ, ගොතමෝ සක්‍ය පුංගවො තෙසං සච්චේන සීලෙන, ඛන්තිමෙත්ත බලේනච තෙපි ත්වං අනුරක්ඛන්තු, ආරෝග්‍යෙන සුකේනච

මහා වීර වූ තණහඕකර බුදුරජානන් වහන්සේ ද, මහා යසස් ඇත්තා වූ මෙධඕකර බුදුරජානන් වහන්සේ ද, ලොකයට හිතවත් වූ සරණඕකර බුදුරජානන් වහන්සේ ද, මහත් ආලෝකයක් දෙන්නා වූ දීපඕකර බුදුරජානන් වහන්සේ ද, මනුශ්‍යයන්ට නිවන දෙන්නා වූ කොණ්ඩඤ්ඤ බුදුරජානන් වහන්සේ ද, මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ මඕගල බුදුරජානන් වහන්සේ ද, සතුටු මනසක් ඇති සුමන බුදුරජානන් වහන්සේ ද, නිවනට සිත යොමුකල රේවත බුදුරජානන් වහන්සේ ද, ගුණ සම්පන්න වූ සෝභිත බුදුරජානන් වහන්සේ ද, ජනයා අතර උතුම් වූ අනෝමදස්සී බුදුරජානන් වහන්සේ ද, ලෝකයට දැල්වූ පහනක් බදු වූ පදුම බුදුරජානන් වහන්සේ ද, ලෝකයට උතුම් මග පෙන්නන්නා වූ නාරද බුදුරජානන් වහන්සේ ද, සත්වයන්ට නිවන පෙන්නන්නා වූ පදුමුත්තර බුදුරජානන් වහන්සේ ද, මිනිසුන් අතර අග‍්‍ර වූ සුමේද බුදුරජානන් වහන්සේ ද, ලෝකයාට උතුම් වූ සුජාත බුදුරජානන් වහන්සේ ද, මිනිසුන් අතර ශ්‍රේෂ්ඨ වූ පියදස්සී බුදුරජානන් වහන්සේ ද, කරුණාගුණ ඇති අත්ථදස්සී බුදුරජානන් වහන්සේ ද, අදුර දුරුකලා වූ ධම්මදස්සි බුදුරජානන්  වහන්සේ ද, ලෝකයාට අසම සම වූ සිද්ධත්ථ බුදුරජානන් වහන්සේ ද, සංවර බව්න් උතුම් වූ තිස්ස බුදුරජානන් වහන්සේ ද, සම්බුදු බව්න් උතුම් වූ ඵුස්ස බුදුරජානන් වහන්සේ ද, උපමා නොමැත්තාවූ විපස්සී බුදුරජානන් වහන්සේ ද, සියළු සත්වයින්ට හිත් ඇත්තා වූ සිබී බුදුරජානන් වහන්සේ ද, සැප ගෙනදෙන්නාවූ වෙස්සභූ බුදුරජානන් වහන්සේ ද, සත්වයන්ට මග පෙන්නන්නාවූ කකුසන්ද බුදුරජානන් වහන්සේ ද, මාර යුද්ධයෙන් ජයගත්තාවූ කෝණාගමන බුදුරජානන් වහන්සේ ද, යහපත් ගුණයෙන් යුක්ක වූ කස්සප බුදුරජානන් වහන්සේ ද, සාඛ්‍ය වංශයට උතුම් වූ ගෞතම බුදුරජානන් වහන්සේ ද, ඒ බුදුරජානන් වහන්සේලාගේ සත්‍ය බලයෙන්, ශීල බලයෙන්, ශාන්ති බලයෙන්, මෛතී‍්‍ර බලයෙන්, නීරෝගීව, සැපයෙන් යුතුව ඔබ සැම ආරක්‍ෂා වේවා.