තෙරුවන් සමාකර ගැනීම

තෙරුවන් සමාකර ගැනීම

කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ භන්තේ භූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ ධම්ම සන්දිට්ඨික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං, අච්චයං ඛම මේ සංඝ පුංඤ්ඤකෙත්තං අනුත්ථරං. ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාලසමාගමෝ, සතං සමාගමෝ හෝතු යාව නිබ්බාණ පත්තියා.

ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන ලද යම් වරදක් වේ නම්, ඒ වරදට බුදුරජාණන් වහන්ස මට සමාව දෙන සේක්වා. ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන ලද යම් වරදක් වේ නම්, ඒ වරදට සන්දිට්ඨික වූ අකාලික වූ ධර්මරත්නය මට සමාව දෙන සේක්වා. ම විසින් සිතින් හෝ කයින් හෝ වචනයෙන් හෝ යන තුන් දොරින් නොදැනුවත්ව සිදුකරන ලද යම් වරදක් වේ නම්, ඒ වරදට පිං කෙතක් බදු වූ අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය මට සමාව දෙන සේක්වා. මෙසේ කරන ලද සියලූ පුණ්්‍ය කර්මයන්ගේ හේතුවෙන් නිවන් දක්නා ජාති දක්වා අසත්පුරුෂ, අනුවන, බාල, ඇසුරක් නොමවේවා යහපත් උතුම් සත් පුරුෂ ඇසුරක්ම වේවා.