සත්බුදු නමස්කාරය

සත්බුදු නමස්කාරය

විපස්සිස්ස නමත්‍ථු චක්ඛුමන්තස්ස සිරීමතො, සිඛිස්සපි නමත්‍ථු සබ්බභූතානුකම්පිනො, වෙස්සභුස්ස නමත්‍ථු නහාතකස්ස තපස්සිනො, නමත්‍ථුකකුසන්‍ධස්ස මාරසේනා පමද්දිනො. කොණාගමනස්ස නමත්‍ථු බ‍්‍රාහ්මණස්සවුසීමතො, කස්සපස්ස නමත්‍ථු විප්පමුත්තස්ස සබ්බධී, අඕගීරසස්ස නමත්‍ථු සක්‍යපුත්තස්ස  සිරීමතො, යො ඉමං ධම්ම මදේසේසි සබ්බදුක්ඛාපනූදනං. යේ චාපි නිබ්බුතා ලොකේ යතාභූතං විපස්සිසුං, තෙ ජනා අපිසුණා මහන්තා වීතසාරදා. හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගොතමං, විජ්ජාචරන සම්පන්නං මහන්තං වීතසාරදං.

ප්රඥා ඇත්තා වූ ශීමත් වූ විපස්සී නම් බුදුරජු හට නමස්කාරවේවා සියලූ සතුන් කෙරෙහි අනුකම්පා ඇත්තා වූ සීඛි නම් බුදුරජානන් වහන්සේට නමස්කාරවේවා නිර්ක්ලේසී වූ කෙලෙසුන් නසන වීර්ය ඇත්තා වූ වෙස්සභු බුදුරජු හට ද නමස්කාරවේවා පංචවිද මාර සේනාව මර්දනය කලාවූ කකුසද බුදුරජානන් වහන්සේට ද නමස්කාරවේවා, බහා තබන ලද පව් ඇති වැස නිමවන ලද මාර්ග බ‍්‍රහ්මචර්ය්‍යා ඇති කෝණාගමන නම් බුදුරජානන්, වහන්සේට නමස්කාරවේවා සියලූ කෙලෙසුන් කෙරෙන් විශේෂයෙන් මිදුනාවූ කාශ්‍යප බුදුරජානන් වහන්සේට ද නමස්කාරවේවා යම් සර්වඥ කෙනෙක් සියලූ දුක් දුරුකරන්නාවූ මේ ධර්මය වදාළසේක් ද අංගීරස නම් වූ ශ‍්‍රීමත් වූ ශාක්‍යපුත‍්‍ර වූ ගෞතම  බුදුරජානන් වහන්සේට නමස්කාරවේවා, සත්ව ලෝකයෙහි යම් රහත් කෙනෙක් පිරිනියවියාහූ ද තත්වූ පරිද්දෙන් විදර්ශනා කලා වූ ද ඒ නික්ලේෂී වූ ජනයෝ පෙහෙසුන් වදන් නැත්තාහ මහත් බවට පමිනියා හ පහවූ සංසාර භය ඇත්තා වූ නොහොත් නිර්භය වූ ඒ රහතන් වහන්සේලාට නමස්කාරවේවා, දෙව් මිනිසුන්ට හිත වූ විද්‍යා හා චරණ ධර්මයෙන් සම්පූරණ වූ මහත්වයට පැමිණි පහවූ සංසාර භය ඇත්තා ව ගෞතමයන් වහන්සේට නමස්කාරනරත් ද ඒ බුදුරජුන්ට ද ඊට පලමුව සිටි බුදුවරුන්ට ද නමස්කාරවේවා.