වන්දණා ගාථා

වන්දණා ගාථා

ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිසදම්මසාරථි සත්ථා දේවමනුස්සානං බුද්ධෝ භගවා ති
නමාමි බුද්ධං ගුණ සාගරන්තං, සත්තා සදා හොන්තු සුඛී අවේරා
කායො ජිගුච්ජෝ සකලෝ දුගන්ධෝ, ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච

ගුණ නම් වූ මහා සයුරේ පරතෙරට ගියාවූ සම්බුදුරජානන් වහන්සේ වදිමි, සියලූ සත්වයෝ සියලූ කල්හී සැප ඇත්තෝ වෙත්වා,
වෛර නැත්තෝ වෙත්වා, මෙම කය පිළිකුල්ය දුගද ය අන් සියල්ලන්ම සේම මමද මරණයට පත්වෙමි.

ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහිපස්සිකෝ ඔපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහී ති
නමාමි ධම්මං සුගතේන දේසිතං, සත්තා සදා හොන්තු සුඛී අවේරා, කායො ජිගුච්ජෝ සකලෝ දුගන්ධෝ, ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච.

බුදුරජානන් වහන්සේ විසින් දේශිත ගුණ සයුරක් බදු වූ ශී‍්‍ර සද්ධර්මය වදිමි, සියලූ සත්වයෝ සියලූ කල්හී සැප ඇත්තෝ වෙත්වා,
වෛර නැත්තෝ වෙත්වා, මෙම කය පිළිකුල්ය දුගද ය අන් සියල්ලන්ම සේම මමද මරණයට පත්වෙමි.

සුපටිපන්නෝ භගවතෝ සාවකසඞඝෝ උජුපටිපන්නෝ භගවතො සාවකසඞඝෝ
ඤයපටිපන්නො භගවතො සාවකසඞඝෝ සාමීචිපටිපන්නො භගවතො සාවකසඞඝෝ
යදිදංචත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා ඒස භගවතෝ සාවකසඞඝෝ ආහුනෙයියො
පාහුනෙයියො දක්ඛිණෙයියො අඤ්ඡුලිකරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සා ති
නමාමි සංඝං මුනිරාජ සාවකං, සත්තා සදා හොන්තු සුඛී අවේරා, කායො ජිගුච්ජෝ සකලෝ දුගන්ධෝ, ගච්ඡුන්ති සබ්බේ මරණං අහංච.

බුදුරජානන් වහන්ගේ ආර්ය සංඝරත්නය වදිමි, සියලූ සත්වයෝ සියලූ කල්හී සැප ඇත්තෝ වෙත්වා, වෛර නැත්තෝ වෙත්වා,
මෙම කය පිළිකුල්ය දුගද ය අන් සියල්ලන්ම සේම මමද මරණයට පත්වෙමි.

පහන් පූජා කිරීම

ඝනසාරප්ප දිත්තේන, දීපේන තමධංසිනා, තිලෝක දීපං සම්බුදධං, පූජයාමි තමෝ නුදං.

සුවද පූජා කිරීම

සුගන්ධිකාය වදනං, අනන්ත ගුණ ගන්ධිනා, සුගන්ධිනාහං ගන්ධේන, පූජයාමි තථාගතං.

මල් පූජා කිරීම

වණ්ණ ගන්ධ ගුණෝ පේතං, ඒතං කුසුම සන්තතිං, පූජයාමි මුනින් දස්ස, සිරිපාද සරෝරුහේ
පුජේමි බුද්ධං කුසුමේනනේන, පුඤ්ඤ්න මේතේන ලභාමි මොක්ඛං, පුප්පං මිලායාති යථා ඉදං මේ, කායෝ තථායාති විනාසභාවං.

පැන් පූජා කිරීම

අනන්ත ඤාණෝ විමලෝ, දක්ඛිණෙයියො ගුණාකරෝ, පතිගණ්හාතු භගවා, දක්ඛිණොදක මුත්තමං
සුගන්ධං සීතලං කප්පං, පසන්න මධුරං සුභං, පානීය මේතං භගවා, පතිගණ්හාතු මුත්තමං
අධිවාසේතු නෝ භන්තේ, පානීයං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

ගිලන්පස පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, ගිලානපච්චයං ඉමං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං
ඨපෙත්වා ධාතු කායං යෝ, අඨිට්ටාය ජිනෝ අගා, නිබ්බානං තස්ස පුජේමි, ගිලාන පච්චයං ඉමං.

කැඳ පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, තරලං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

කිරි ආහාර පූජා කිරීම

පරිසුද්දෝ ජවන්තේන, පායාසේන සුගන්ධිනා, භගවන්තං අරහන්තං, සන්ති ලාභාය පුජයේ
අධිවාසේතු නෝ භන්තේ, පායාසං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

ආහාර පූජා කිරීම

සම්මා සම්බුද්ධ නාමයෝ, තිලෝකේ පච්චයාරහෝ, සනාථො පතිගන්හාතු, දානංදානි සුපුජිතං
අධිවාසේතු නෝ භන්තේ, භෝජනං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

ව්‍යාඤ්ජන පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, ව්‍යාඤ්ජනං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

රසකැවිලි පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, ඛජ්ජකං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

පළතුරු පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, ඵලා ඵලං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

බෙහෙත් පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, භේසජ්ජං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

චතුමධුර පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, චතුමධුරං පරිකප්පිතං,අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

අෂ්ඨවිධපාන පූජා කිරීම

අධිවාසේතු නෝ භන්තේ, අෂ්ඨපානං පරිකප්පිතං, අනුකම්පං උපාදාය, පතිගණ්හාතු මුත්තමං.

දැහැත් පූජා කිරීම

නාගවල්ලි දලූ පේතං, චුණ්ණපූග සමායුතං, තාම්බූලං පතිගණ්හාතු, සතං පුජේමි දංජිනෝ.

ති‍්‍රවිධරත්නයේ ආශීර්වාද ලබාගැනීම

ඉච්චේවමච්චන්ත නමස්සනීයං, නමස්සමානෝ රතනත්තයං යං
පුඤ්ඤාභිසන්ධං විපුලං අලත්ථං, තස්සානුභාවේන හතන්තරායෝ.

අටවිසි ආහාර බුද්ධ පූජාව පූජා කිරීම

තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං පානීයං සාධු පූජිතං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං භොජනං සාධු පූජිතං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හන්තුමං සබ්බං ව්‍යංජනං සාධු පූජිතං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං ඛජජකං සාධු
පූජිතං.තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං රසවන්තං ඵලා ඵලං
තණහංකරාදයො බුද්ධා අට්ඨවීසතිනායකා, පටිගණ්හාතුමං සබ්බං ගිලාන පච්චයං වරං

සියලූ පූජාවන් පූජාකිරීම

සේවිතං ධම්මරාජේන, පත්තං සම්බෝධිමුත්තමං, පූජේමි බෝධිරාජානං, සබ්බං සද්ධාය පූජිතං

දඹදිව සැවැත්නුවර ආනන්ද බොධි වන්දනාව

සුරෝපිතං සුදත්තේන, සම්බුද්ධෙ නාපි සේවිතං, ආනන්ද බොධි නමෝයං, දුමින්දං සිරසා නමේ.

බෝධි වන්දනාව

මැද්ද දේසේ ඉර්දියෙන් වැඩි සිද්ද සිරිමහ බෝධි සාමිනි
අනුරපුර නුවරටත් වැඩලා ගුවන් සක්මන් කලයි සාමිනි
පොලව මිහිකත දිවැස් බලලා රනින් පලසක් මවා පෑමෙනි
නොදැන කළ පව් ගෙවා වඳිනට ආමි සිරි මහ බෝධි සාමිනි

අනුත්තර පුරිසාදි ගුණයෙන් පුදනු ලැබු දෙව් බඹු විසින්
සුගත මුනි සිරිපා කමල් යුග අනඳ හිමි නෑවූ ලෙසින්
දොහොත් මුදුනේ තබා වඳිමින් සුවඳ පැන් ඉස සිසිලසින්
අපිත් නාවමු අපේ සිරි මහ බෝ රජාණන් සන්තොසින්

සම්බුදු හිමිට සෙවනක් වුනු බෝරජුට
මේ මල් පුදන්නේ සමිඳුන්ගේ නමට
බුදු හිමි කියා දුන් ඒ මහ ගුණ කඳට
පළමුව වදිමි බෝ සමිඳුන්ගේ  නමට

බුදු පුද ලබාගත් සොඳ මේ බෝ රුකට
මේ පුද කරන්නේ පිළියෙළ කර සොඳට
සියලූම අපල දුරු කරවා දෙන ලෙසට
සහනය සලසන්න බෝරජුනේ අපට

අන්තිම සැපයි බෝ සමිඳුගේ සෙවන මට
අප අසරණයි වෙන්නකො සමිඳුනි පිහිට
සියලූම අපල දුරු කරවා දෙන ලෙසට
වැඳ වැඳ කියමි පින් ඇති බෝ සමිඳුන්ට

දෙවියන් බඹුන් වඳිනා පුදනා බෝධී
කොපමණ වැඳුම් පිදුවත් මගෙ සිතට මදී
දැල්වෙන පහන් ආලෝකය සිතෙහි රැඳී
බුදුහිමි පෙනේවා දෙනෙතට බෝ මැඩදී

බෝ පත් පවන් සිලි සිලි හඬ ඇසෙන විට
මට සිහිවෙන්නෙ බෝ සමිඳුන්ගේ සතුට
සුදුවැලි තලාවේ බෝමැඩ සෙවන යට
තෙල් මල් පුදා වඳිනෙමි බෝ සමිඳුන්ට

බෝ සමිඳුන්ගෙ මහ ගුණ කඳ මෙනෙහි කොට
අපෙ දුක කියන්නේ සමිඳුගෙ සෙවන යට
සිසිලක් වෙලා අපෙ දුක නිවනා ලෙසට
අයදිමි නමැද මේ ලෙස බෝ සමිඳුන්ට

මද සුළගට ලෙල දෙන බෝ පත් සෙවනේ
ඉඳගෙන කියමි මට පිහිටක් වන ලෙසිනේ
මහ මෙවුනා උයනෙ රෝපිත බෝ රජුනේ
මට සිසිලක් ගෙන දෙයි මේ බෝ සෙවනේ

සිලි සිලි හඬ ඇසෙන විට බෝ සෙවන යට
ගෙනදෙයි සිසිල සහනය අපෙ අපලයට
සිටිනා විටදි බෝ සමිඳුගෙ සෙවන යට
අපෙ දුක් නිවෙයි ලැබෙමින් සමිඳුගෙ පිහිට

බුදු හිමි නෙතින් පුද ලැබු මහ බෝ සමිඳේ
තේජස් බවක් ඇති බව වැටහෙයි නිබඳේ
පිහිටක් අයැද මා අද කරදර මැද්දේ
බෝ සමිදුටයි අපෙ දුක කියලා වැන්දේ

අටවිසි බුද්ධ වන්දනාව

දන් පින් බලයෙන් ලොව සෙත සෑදු, තන්හන්කර මුණි වඳිනෙමි සාදු
පාදන් පෙරහර බුදු බව සෑදු, මේදන්කර මුණි වඳිනෙමි සාදු
දරුවන් දන්දී මරුවන් පැරදු, සරණංකර මුණි වඳිනෙමි සාදු
මේ පන් දහසෙන් බුදුඟුණ සෑදු, දීපන්කර මුණි වඳිනෙමි සාදු
පින් බලයෙන් ලොව්තුරු බවසෑදු, කොණ්ඩඤ්ඤය මුනි වඳිනෙමි සාදු
පින්කල සතහට මොක්සුව සෑදු, මංගල මුණි වඳිනෙමි සාදු
නිවන ලබාගන්නට මග සෑදු, සුමන මුනිඳු නමදිමි මම සාදු
පාමෙත සත හට මොක් මග සෑදු, රේවත මුණි රජ වඳිනෙමි සාදු
ලෝසත සසරින් ගොඩකර සෑදු, සෝභිත මුණි රජ වඳිනෙමි සාදු
දෙනෝ දහස් දෙනෙතට සෙත සෑදු, අනෝම දස්මුනි වඳිනෙමි සාදු
සුදට සුදේ බුදුරුස් ලොව විහිදු, පදුම මුනිදු වඳිනෙමි නිති සාදු
බෝරද මුලදී මරසෙන් පැරදු, නාරද මුණි රජ වඳිනෙමි සාදු
හදවත් මොක් සිසිලෙන් නිති සේදු, පදුමුත්තර මුණි වඳිනෙමි සාදු
විවාද දුරුකොට මොක් මග සෑදු, සුමේද මුණි රජ වඳිනෙමි සාදු
නිවාත ගුණ ලොව ඇති කල සෑදු, සුජාත මුණි රජ වඳිනෙමි සාදු
බලවත් වී ආ මරබල පැරදු, පියදස්සී මුණි වඳිනෙමි සාදු
තිස්ස සුවය නිවනට මඟ පෑදු, අත්ථදස්සි මුණි වඳිනෙමි සාදු
ධම්ම බලයෙන් ලොව සුබසෙත සෑදු, ධම්මදස්සි මුණි වඳිනෙමි සාදු
බුදුපුත් ඇතිකොට ලොව සෙත සෑදු, සිදුහත් මුණි රජ වඳිනෙමි සාදු
ලක්ෂ ගනන් සත හට සෙත සෑදු, තිස්ස මුනිඳු වඳිනෙමි මම සාදු.
රැස්ව සිටිය මර බලයෙන් පැරදු, ඵුස්ස මුනිඳු වඳිනෙමි මම සාදු,
තපස්ගුණය ලොව සැම තැන පිහිටූ, විපස්සි මුණි රජ වඳිනෙමි සාදු,
කිපී පැමිනි වසවත් බල පැරදු, සිඛී මුනි වඳිනෙමි මම සාදු,
තිස්සෙම සතහට මෙත්කල සාදු, වෙස්සභු මුණි රජ වඳිනෙමි සාදු.
ඉර සඳමෙන් ලොව බුදු බල විහිදු, කකුසඳ මුණි රජ වඳිනෙමි සාදු,
පානා මොක් සිසි ලෙන් සෙත සෑදු, කෝනාගම මුණි වඳිනෙමි සාදු,
විස්මිත බුදුබල ලොවටම විහිදු, කස්සප  මුණි රජ වඳිනෙමි සාදු,
සව් සෙත වෙත මෙත් ගුණ පෑ සාදු, ගෞතම අප මුනි වඳිනෙමි සාදු.

සීවලි පූජාව – සීවලි තෙරුන් වහන්සේට වැදීම

පියං දේව මනුස්සානං, බ‍්‍රහ්මාණ්ඤච පියං තථා, පියං නාගසුපණ්ණානං
කතකිච්චං අනාසවං ලාහිං ලභන්තං සබ්බත්ථ, වනෙ ගාමෙ ජලෙ ථලෙ.
ලාභීනමග්ගතං පත්තං, කත්වාන කුසලං බහුං, ඡුලභිඤ්ඤං මහාතෙජං
පහින්නපටිසම්භිදං. සුසීලං සීවලී ථෙරං, නමාමි සිරසාදරං

මල් පිදීම
පියං දේව මනුස්සානං, කුසුමං ච මනෝහරං, සුසීලං සීවලී ථෙරං, පූජේමි කුසුමේන හං.
පහන් පිදීම
පියං දේව මනුස්සානං, කුසුමං ච මනෝහරං, සුසීලං සීවලී ථෙරං, දීපෙන පූජයාම හං.
සුවද දුම් පිදීම
පියං දේව මනුස්සානං, කුසුමං ච මනෝහරං, සුසීලං සීවලී ථෙරං, ධූපෙන පූජයාම හං.
ගිලන් පස පිදීම
පූජේමි අග්ගලාභිස්ස, සම්මාසම්බුද්ධසාසනේ, සීවලී ථෙර පාදස්ස, ගිලානපච්චයං ඉමං.
ආහාර පූජාව
සදාදෙවමනුස්සෙහි, උපනෙන්තස්ස පච්චයේ,සීවලී ථෙර පාදස්ස, පූජෙමි භොජන ඉමං.

තෙරුවන් වන්දනාව

බුදු බෝ මුල දෙසැට මිසදිටු නසා ලෝසතවෙත දයාවෙනි
මිහිරි බඹසර මිහිරි වදනින් දෙසු මුදු වදනින් අමාවැනි
සහම් සිව්සස දෙසා ලොව්තුරු නිවන පලකල බුදු පියාණනි
අපට බුදු ගුණ කියාපා වැ`ද පුදන්නට අවසර ස්වාමිනි

ලෝබ දුරුකර මෝහ සි`දහැර අසම සම මහණැන වතාණනි
කාරුනික අසරණ සතුන් වෙත ලෝකගුරු සම්බුදු පියාණනි
දෑත ඔසවා කරන බැතිපුද ව`දිමි පිලිගනු මැන ස්වමිනි
අපව සසරින් මුදාලන්නට පිහිට වුන මගෙ බුදු පියාණනි

ලොවට යහපත පිණිස කටයුතු කරන්නට මගෙ සිත යෙදේවා
එයට සහයෝගයද අනුබල සැම උදව් නොඅඩුව ලැබේවා
සියලූ ඒ මේ කුසල් බලයෙන් පාරමී දම් දියුණු වේවා
සාදු සාදු සදා සුන්දර අමානිවනෙහි මා ගැලේවා

රහත් බෝධිය පසේ බෝධිය ලොව්තුරා බුදුබවෙන් වේවා
සිතූ පැතු අයුරකින් මගඵල නිවන් සුවයේ මා ගැලේවා
සසරේදී යම් පමාවක් මට කිසිම හේතුවකින් නොවේවා
සාදු සාදු සදා සුන්දර නිවන් සුවයේ මා ගැලේවා

සම්මා සම්බුදු සරණ ගොසින් අපි බුදුරුව දැක දැක සැනසෙනවා
සම්මා සම්බුදු සරණ ගොසින් අපි බුදුගුණ සිත සිත සැනසෙනවා
සම්මා සම්බුදු සරණ ගොසින් අපි බුදුගුණ කිය කිය සැනසෙනවා
සම්මා සම්බුදු සරණ ගොසින් අපි සුන්දර නිවනට ලංවෙනවා

බුදුරුව දුටු මගේ දෙනෙතට විපතක් බුදුන් දකිනතුරු ඇති නොවේවා
බුදුගුණ කිව් මගේ මුවට විපතක් මතු සංසාරෙදීවත් ඇති නොවේවා
බුදුගුණ ඇසු මගේ සවනට විපතක් නිවන් දකින තුරු ඇති නොවේවා
බුදුගුණ කිය කිය බුදුන් වැන්ද මා සුන්දර නිවනට පැමිනේවා.