ජයමංගල ගාථා

ජයමංගල ගාථා

බාහුං සහස්සමභිනිම්මිතසායුධං තං ගිරිමේඛලං උදිතඝෝරසේන මාරං දානාදිධම්ම විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි  මාරාතිරේකමහියුජ්ක්‍ඨතසබ්බරත්තිං ඝොරංපනාලවක මක්ඛමථද්ධ යක්ඛං ඛන්තී සුදන්ත විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි  නාලාගිරිං ගජවරං අතිමත්තභූතං දාවග්ගිචක්කමසනීච සුදාරුණන්තං මෙත්තම්බුසේක විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි  උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුණංතං ධාවංති යෝජනපථංගුලිමාලවන්තං ඉද්ධීහි සංඛතමනෝ ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි   කත්වාන කට්ඨමුදරං ඉව ගබ්භිනීයා විඤ්චාය දුට්ඨවචනං ජනකායමජ්ෙක්‍ධ් සන්තේන සෝමවිධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි  සච්චං විහාය මතිසච්චකවාදකේතුං වාදාහිරෝපිතමනං අතිඅන්ධභූතං පඤ්ඤාපදීපජලිතෝ ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි  නන්දෝපන්‍දභුජගං විබූධිං මහිද්ධිං පුත්තේන ථෙරභුජගේන දමාපයන්තො ඉද්ධුපදෙස විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි දුග්ගාහදිට්ඨි භුජගෙන සුදට්ඨභූත්ථං බ‍්‍රහ්මං විසුද්ධජුතිමිද්ධිබකාහිධානං ඤාණාගදේන විධිනා ජිතවා මුනින්දෝ තං තේජසා භවතු තේ ජයමංගලානි එතාපි බුද්ධජයමංගල අට්ඨගාථා යො වාචකෝ දිනදිනේ සරතේ මතන්දි හිත්වාන නේකවිවිධානි වුපද්දවානි මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපඤ්ඤෝ

මවන ලද බාහු දහසක් ඇති ආයුධ සහිත වූ ගිරිමේඛලා ඇතු පිට නැඟ සේනා සහිතව  පැමිනියා වූ මාරයා, මුනින්ද්‍රයන් වහන්සේ, දානාදිධර්ම විධියෙන් ජයගත් සේක. එ් තේජසින් ඔබට ජය මඟුල් වේවා. අතිරේක වූ මාරයකු මෙන් සියලූ රැයෙහි යුද්ධයට ඉදිරිපත්වූ ඝොර නම් වූ, ගුණමකු වූ, තද වූ,  අළවු යකු, මුනින්ද්‍රයන් වහන්සේ, ක්ෂාන්ති නම් වූ ඉතා දැමුණු විධියෙන්  ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා.  බොහෝ සෙයින් මත්ව, ළැවිගින්නක් මෙන්ද, සෙණක් මෙන්ද, ඉතා දරුණුව ආ ඒ නාලාගිරි නම් මහ ඇතා මුනින්ද්‍රයන් වහන්සේ, මෙත් සිසිල් ඉසීම නැමති විධියෙන්  ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා. ඉස්සූ කඩුවක් ඇති අතින් ඉතා දරුණු ව තුන් යොදුන් මඟ දිවූ, ඒ මඟුල්මල් සොරු, මුනින්ද්‍රයන් වහන්සේ, ඍද්ධියෙන් උසස් ව සකස්කරන ලද මනසින් ජයගත් සේක. ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා. බඩෙහි දර මිටියක් බැදගෙන, ගැබණියක මෙන් ජනකාය මධ්‍යයෙහි චිඤ්චාමානවිකාව බැණ වැදුනු දුෂ්ඨ වූ බස්, මුනින්ද්‍රයන් වහන්සේ, ශාන්ත වූ සෙෘම්‍ය විදියෙන් ජයගත් සේක.  ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා. සත්‍යය අතහැර වාදයෙහි ම නැගූ සිත් ඇතිව, ඉතාම අන්ධව, බාලව, ලොවෙහි ප‍්‍රසිද්ධ කේතු  (කොඩි ඇති) හෙවත් ලොවෙහි පතළ වූ සච්චකයාගේ වාදය ප‍්‍රඥා ප‍්‍රදීපයෙන් ජවලිතවූ මුනින්ද්‍රයන් වහන්සේ, ජයගත් සේක.  ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා. වෙසෙස් නුවණින් යුතු, මහාර්ධි වූ, න්දෝපනන්ද නම් නාගරාජයා, තමන්ගේ පුත් ස්ථවීර නාගයා ලවා හෙවත් මුගලන් තෙරුන් ලවා දමනය කරවන්නාහු, මුනින්ද්‍රයන් වහන්සේ, සෘද්ධි උපදේශ විධියෙන් ජයගත්සේක.  ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා. වැරදි මත ගැනීමේ දැකුම නැමැති නාගයා විසින් බොහො සේ දෂ්ට කරන ලද අත් ඇති (හෙවත් බොහෝ වූ වැරදි මතයන්හි එල්බ සිටි) ඉතා පිරිසිදු ආලෝකයෙන් හා සෘද්ධියෙන් ද යුත් බක නම් බඹා, මුනින්ද්‍රයන් වහන්සේ, නුවණ නැමති බෙහෙත් විධියෙන් ජයගත්සේක.  ඒ තේජසින් ඔබට ජය මඟුල් වේවා. මේ බුදු ජය මඟුල් අටගය (ගාථා අට) වූව ද, යමෙක් දිනක් දිනක් පාසා නොකම්මැළිව කියමින් සිතෙහි දරා ද, ඒ නුවණැති මිනිස්තෙමේ අනේක වූ ද විවිධ වූ ද උපද්‍රවයන් අතැර, මොක්ෂ සුඛය හෙවත් නිර්වාණය අවබෝධ කරන්නේය.