මෙත්තානිසංස සුත්රය

මෙත්තානිසංස සුත්රය

Play Sound

ඒවං මේ සූතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ  අනාථපිණ්ඩිකස්ස ආරාමේ, තත්ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝ ති භදන්තේ ති තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං භගවා ඒතදවෝච.  මෙත්තාය භික්ඛවේ චේතෝවිමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්‍ථු කතාය අනුට්ඨීතාය පරිචිතාය සුසමාරද්ධාය, එ්කා දසානිසංසා පාටිකඞඛා.   කතමේ ඒකාදස ?  සුඛං සුපති, සුඛං පටිබුජ්ක්‍ඞති, න පාපකං සුපිනං පස්සති, මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, දේවතා රක්ඛන්තී, නාස්ස අග්ගිවා විසං වා සත්ථං වා කමති, තුවටං චිත්තං සමාධියති, මුඛ වණ්ණෝ විප්පසීදති, අසම්මුළ්හෝ කාලං කරොති, උත්තරිං අප්පටිවිජ්ඣන්තෝ   බ්රහ්මලෝකූපගෝ හෝති.  මෙත්තාය භික්ඛවේ චෙතෝවිමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය යානිකතාය වත්‍ථු කතාය අනුට්ඨීතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමෙ ඒකාදසානිසංසා පාටිකඞඛාති.   ඉදමවෝච භගවා අත්තමනා තේ භික්ඛු භගවතො භාසිතං අභිනන්‍දුන්ති. ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා.

මා විසින් මෙසේ අසන ලදී.  එකල එක් සමයක භාග්‍යවතුන්වහන්සේ අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.  එකලහී භාග්‍යවතුන්වහන්සේ  භික්ෂූන්ට ආමන්ත්රනය කල සේක. ස්වාමිනී භාග්‍යවතුන්වහන්ස යි භික්ෂූන් පිලිවදන් දුන්හ.  එකල හී භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.  මහනෙනි, ඔබ ආදරයෙන් සකසන ලද, එසේම පුහුනුකරන ලද, නැවත නැවත පුහුනුකරන ලද, යානාවක් මෙන් සකසන ලද, වස්තුවක් මෙන් සකසන ලද, නැවත නැවත උපදවන ලද, සියලූ අන්දමින් පුරුදු කරන ලද, මනාසේ පටන්ගන්නා ලද මෛයිත්රීය චිත්ත විමුක්තිය පිලිබද වූ අනුසස් එකොළෙසෙක් කෙරෙහි කැමැත්තෝ විය යුත්තාහ.   ඒ කවර එකොළෙසෙක් ද යත්,  සැපසේ නිදීම, සැපසේ පිබිදීම, නපුරු සිහින නොදැකීම, මිනිසුනට ප්රිය වීම, අමුනුෂ්‍යයනටද ප්‍රිය වීම, දෙවියන් විසින් රැකදීම, මෙවන් මෛතී‍ විහරණ ඇත්තන්ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදී, ක්‍ෂනිකව සිත එකගවෙයි, මුහුන පැහැපත් වෙයි, මුලානොවී කලූරිය කරයි, මෛතී‍ සමවතින් මතුව රහත් නොවූයේ නම් මරනින් මතු බඹලොව උපදියි.  මහනෙනි ආදරයෙන් සකසන ලද එසේම මනාසේ පටන්ගන්නා ලද මෛතී‍ චිත්ත විමුක්තිය පිලිබදවූ අනුසස් භාවිත කළ කල්හී භාවිත බහුලීකෟත කළ කල්හී යානාවක් මෙන් සකසන ලද කල්හී වස්තුවක් මෙන් සකසන ලද කල්හී මැනවින් මනාසේ පටන්ගන්නා ලද කල්හී මෙම එකොළෙසෙක් ආනිසංසයෝ කෙරෙහි කැමැත්තෝ විය යුත්තාහුය.  භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. සතුටට පත්වූ එම භික්ෂූහු භාග්‍යවතුන්වහන්සේ ගේ එම දේශනාවට කැමතිවූහ. මේ උතම් පිරිතෙන් එ් පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.