තෙසැත්තෑඤාණ වන්දනාව

තෙසැත්තෑඤාණ වන්දනාව

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

පඤචාරම්මණ පහීණ වන්නේ, සංසාරික බන්‍ධන පහ වන්නේ, විජ්ජාචරණෙන් සිත පහදින්නේ, සැත්තෑ  තුන් බුදු නුවණ වඳින්නේ.

සුතමය ඤාණං බුද්ධ ඤාණං නමාමි

සදහම් රසයෙන් දෙසවන සේදු, සිව්සස් දහමින් නුවණැස පෑදු, සුතමය ඤාණය දස දෙස වීදු, ගෞතම මුණි පද නමදිමි සාදු.

සීලමය ඤාණං බුද්ධ ඤාණං නමාමි

සංවර සීලෙන් නුවණැස පෑදු, ඉදුරන් ගෙන් එන අරමුණු   සේදු, සීලමයේ නැණ දස දෙස වීදු, භගවත් බුදු හිමි නමදිමි   සාදු.

සමාධි භාවනාමය ඤාණං බුද්ධ ඤාණං නමාමි

අමා නිවන ලොව් සතහට   පෑදු, සමාධි භාවන ඤාණය   වීදු, සමාධි සිත තුළ සමවත   සෑදු, අරහත් බුදු හිමි නමදිමි   සාදු.

ධම්මටඨිති ඤාණං බුද්ධ ඤාණං නමාමි

උත්පාදයඨිති භංගය සේදු, හේතුව සහ ඵල දහමට ඈදු, අවිදු අදුර මැඩ දම් සක වීදු, ධම්මටඨිති නැණ නමදිමි   සාදු.

සම්මස්සන ඤාණං බුද්ධ ඤාණං නමාමි

පස්කඳ විදසුන් තිලකුණු   සේදු, හේතු ඵලෙන් අම නිවනම පෑදු, සම්මස්සන ඤාණය  ලෙව වීදු, සුගතො බුදු හිමි නමදිමි සාදු.

උදයබවය ඤාණං බුද්ධ ඤාණං නමාමි

තුන්කල්හිම සිත නොමකර   මෝදු, පැතුමන් රහිතව සම මෙත පෑදු, සන්තති බිඳ හැර නුවණැස වීදු, උදයබවය නැණ නමදිමි සාදු.

විපස්සනෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අරමුණු බිඳි බිඳ නොම වෙයි මොදු, විදසුන් නුවණින් වැටහෙයි සාදු, භංග ඤාණයෙන් බය වැය සේදු, ලෝක විදු හිමි නමදිමි සාදු.

ආදීනව ඤාණං බුද්ධ ඤාණං නමාමි

නාම රූප භය නැති කළ සාදු, සංස්කාර සන්තති දම් සේදු, විදසුන් නුවණින් නුවණැස පෑදු, ආදීනව නැණ වදිනෙමු   සාදු.

සංඛාරූපෙක්‍ඛා ඤාණං බුද්ධ ඤාණං නමාමි

උපෙක්‍ඛාව මැදහත් බව පෑදු, සංස්කාර නව නුවණින් සෑදු, සංඛාරූපෙක්‍ඛා ඤාණය වීදු, ශාක්‍ය සීහ මුනි නමදිමි සාදු.

ග්‍රෝත‍්‍ර භූ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සංස්කාර සඤඤත බව පෑදු, නිරෝධයට සමවත් නැණ වීදු, සතර අගති භය සදහට සේදු, ග්‍රෝත‍්‍ර භූ නැණ වදිනෙමු සාදු.

මග්ග ඤාණං බුද්ධ ඤාණං නමාමි

මිසදුටු වත හැර නුවණැස පෑදු, නිරෝධමය සුව සිත තුළ වීදු, මග්ග ඤාණයෙන් දස බැමි සේදු, අංගී රස හමි වදිනෙමු සාදු.

ඵල ඤාණං බුද්ධ ඤාණං නමාමි

සද්ධා සති පඤ්ඤා කළ මෝදු, විඡ්ජාචරණෙන්  කෙළෙසුන් සේදු, සුඛයෙන් ලැබු ඵල දස දෙස වීදු, ඵල ඤාණය මම නමදිමි සාදු.

විමුක්ති ඤාණං බුද්ධ ඤාණං නමාමි

කිළෙස වට්ටය නුවණින් සේදු, තණ්හා පහ කර නිසි මග පෑදු, විමුක්ති සුවයම තිලොවට වීදු, විමුක්ති ඤාණය වදිනෙමු   සාදු.

පච්චවෙක්‍ඛණ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සව්සිස් සත්තිස් දම් ඇස පෑදු, ප‍්‍රතිවේධිත ප‍්‍රතිලාභය වීදු, ප‍්‍රත්‍යාවේක්‍ෂා නැණ කළ මෝදු, තිලොවග මුණි පද නමදිමි සාදු.

වත්‍ථු නානෙත්‍ථ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අටවිසි රූප කලාප   දකින්නේ, ඇතුළත ඉන්‍ද්‍රිය පස   විමසන්නේ, තිලකුණු හේතු ද සිතට   නැගෙන්නේවත්‍ථු නානෙත්‍ථ ඤාණෙ වඳින්නේ

ගෝචර නානෙත්‍ථ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අටවිසි රූපය අරමුණු වන්නේ, පස්කඳ ගැන නුවණින්   විමසන්නේ, බාහිර රූපෙට නො මැත   ඇලෙන්නේ, ගොචරනානත්‍ථය නැණ නමඳින්නේ.

චරියා නානාත්‍ථයෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අරමුණු හැසිරෙන බව   වැටහෙන්නේ, ඤාණය විඤාණය ඇති   වන්නේ, සය අරමුණු ඤාණෙනි විමසන්නේ චරියා නානාත්‍ථය ඤාණෙ වඳින්නේ.

භූමි නානෙත්‍ථයෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සතර භූමි පිරිසිඳ දැන ගන්නේ, මඟ ඵල භූමින් ගැන වැටහෙන්නේ, පටිභා ඤාණෙනි හැම දෙය දන්නේ, භූමි නානෙත්‍ථ ඤාණෙ   වඳින්නේ.

ධම්ම නානත්‍ථයෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

කුසල් ද අකුසල් කිරිය දකින්නේ, රූප ද අරූප තල වැටහෙන්නේ, සදහම් සුවයෙනි නිති සැනසෙන්නේ, ධම්ම නානත්‍ථ ඤාණෙ වඳින්නේ.

ඤාතට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

ලක්‍ඛණ රස පස් කඳින් දකින්නේ, ණාම රූප පඤඤා මතු වන්නේ, ඤාත බවින් සත් දහම රකින්නේ, ඤාතට්ඨෙ ඤාණය නමඳින්නේ.

තිරණට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සන්තති ඉරියව් පිරිසිඳ දන්නේ, අනාත්මයයි හැම තැනමතු වන්නේ, තිලකුණු නුවනට අරමුණ වන්නේ, තිරණට්ඨෙ බුදු ඤාණෙ   වඳින්නේ.

පරිච්ච ගට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අවිද්‍යාව ඉවතට දුරු වන්නේ, විපල්ලාස එකිනෙක මතු වන්නේ, විදර්ශනාවෙන් ඉවතට යන්නේ, පරිච්චගට්ඨෙ ඤාණෙ   වඳින්නේ.

ඒක රසට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

එක රසයක් විඳ සැනසුම වන්නේ, සුබ ආරම්මණ රස දුරු වන්නේ, විමුක්ති රසයෙන් රසවත් වන්නේ, ඒක රසට්ඨෙ ඤාණෙ   වඳින්නේ

ඵුසනට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

දහම් පහස ඤාණයෙනි ලැබෙන්නේ, පහන් ලෙසින් පටිලාභය වන්නේ, ප‍්‍රතිවේදී රස නිවනෙහි වන්නේ, ඵුසනට්ඨෙ ඤාණය නමඳින්නේ.

 අත්‍ථ පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අර්ථ විපාකද කි‍්‍රයා ද දන්නේ, වැටහෙන නුවණින් දහම බෙදන්නේ, අත්‍ථ පටිසම්භිදා නැණ බබලන්නේ, සම්බුදු හිමි සිරිපද   නමදින්නේ.

ධම්ම පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

හේතු ඵලය මැනවින් වැටහෙන්නේ, මඟ ඵල පිලිබද නුවණ ලැබෙන්නේ, ධම්මස්කන්‍ධයෙ ගැබුර දකින්නේ,

ධම්ම පටිසම්භිදේඤාණෙ වඳින්නේ.

නිරුක්ති පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

දහමෙහි ගම්භිර අරුත් දකින්නේ, සමුද්පාද ඨිති භංග සොයන්නේ, අනේක විධ නුවණින් විමසන්නේ, නිරුක්ති පටිසම්භිදේ නැණ නමදින්නේ.

පටිභාන පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

දේශිත දහමෙහි ගැඹුරු දකින්නේ, සමුද්පාද ඨිති භංග සොයන්නේ, අනේක විධ නුවණින් විමසන්නේ, පටිභාන පටිසම්භිදේ නැණ නමදින්නේ.

විහාරට්ඨයෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

විපල්ලාස රසයේ නොයෙදෙන්නේ, සමවත් විහරනයේ පසුවන්නේ, සව් බඹ විහරණයේ පසුවන්නේ, විහාරට්ඨයෙ ඤාණෙ වඳින්නේ.

සමාපතට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සමාධි සමවත් සුවය වැඩෙන්නේ, අට්ඨංගික මග්ගය ගැන දන්නේ, චේතෝ විමුක්ති ඵලය ලැබෙන්නේ,

සමාපතට්ඨෙ ඤාණෙ වඳින්නේ.

විහාර සමාපතට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

නිමිත්ත අප්පතිහීතම වන්නේ, අනිමිත්තය සුඤඤතයට යන්නේ, සමාපත්තියෙහි සිත පවතින්නේ, විහාර සමාපතට්ඨෙ ඤාණෙ වඳින්නේ.

ආනත්තරික සමාධි ඤාණං බුද්ධ ඤාණං නමාමි

චතුරෝඝෙන් භව තරණෙ කරන්නේ, ක්ලේශ නිවාරණයද දුරු වන්නේ, අතොරක් නොමැතිව සමාධි වන්නේ ආනත්තරික සමාධිය නමදින්නේ

අරණ විහාරෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි.

විදර්ශනා නැණ පෙරමුණ ගන්නේ, සංහිඳි විහරණයෙන් පසු වන්නේ, ක්ලේශාවරණ්‍ය ප‍්‍රහාණ වන්නේ, අරණ විහාරෙ ඤාණෙ වඳින්නේ.

නිරෝධ සමාපත්තියෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සමථ විදර්ශන ඤාණය පෑදු, සංස්කාරයෙන් ඉවතට වීදු, සොළොස් චරණ දම් කළ සිත මෝදු, නිරෝධ සමවත නමදිමි සාදු.

පරිනිබ්බානෙ  ඤාණං බුද්ධ ඤාණං නමාමි

උපතේ හේතුව නැතිකළ   සාදු, සවනක් බුදුරුස් තිලොවෙහි විහිදු, පරිනිබ්බානයෙ ඤාණය පෑදු, ගෞතම මුණි පද නමදිමි   සාදු,

සමසීසට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි.

ජීවිත ඉන්‍ද්‍රිය අවසන් වන්නේ, නිරෝධයද ඒ සමගම වන්නේ, පිරිනිවනින් හැම කෙළවර වන්නේ, සමසීසට්ඨෙ ඤාණෙ වඳින්නේ.

සලෙලකට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සුත නානෙත්‍ථ තේජෝ වේවා, තණ්හා කාම දුසිල්ද වේවා, දහමින් ක්‍ෂය කර ප‍්‍රහීණ වේවා, සලෙලකට්ඨෙ ඤාණෙන් සැනසුම වේවා.

විරියාරම්භේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

නූපන් අකුසල් සිත නැති වේවා, උපන් කුසල් දම් තව වැඩි වේවා, කය සිත බන්‍ධන තව දුරු වේවා, විරියාරම්භෙන් විරිය ලැබේවා.

අත්‍ථ සන්දස්සන ඤාණං බුද්ධ ඤාණං නමාමි

සොළොසායතනද අරමුණු වේවා, අරිහත් මඟ ඵලයෙන් නැති වේවා, සිත නිතරම නිවනට යොමු වේවා, අත්‍ථ සන්දස්සන ඤාණය වේවා.

දස්සන විසුද්ධි ඤාණං බුද්ධ ඤාණං නමාමි

ලොව්තුරු දහමෙහි සිත හැසිරෙන්නේ, නීවරණින් නැණ මඟ අවුරන්නේ, පිරිසිදු පැහැසර සිත බබලන්නේ, දස්සන විසුද්ධි ඤාණෙ වඳින්නේ.

ඛන්තී ඤාණං බුද්ධ ඤාණං නමාමි

භාවිත බහුලීකත පින වේවා, තිලකුණු පිළිබඳ නුවනද වේවා, ක්‍ෂාන්ති චිත්තක්‍ෂණ මතු වේවා, ඛන්තී ඤාණෙන් ක්‍ෂාන්ති වේවා.

පරියෝගහණ ඤාණං බුද්ධ ඤාණං නමාමි

පඤ්ඤාවෙන් පස් කඳ වැටහේවා, ති‍්‍ර ලක්‍ෂණය දහමින් මතු වේවා, නිවන් සුවය ආරම්මණ වේවා, පරියෝගහණෙ නැණ මතු වේවා.

පදේස විහාරෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

නව ලෝකුත්තර දහම් වැඬේවා, දිට්ඨි මාන තන්හා දුරු වේවා, පඤ්ඤාවෙන් සඤ්ඤා නැති වේවා, පදේස ඤාණෙන් සුවය ලැබේවා.

සඤ්ඤා විවට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

විතර්ක දඤ්ඤා අරමුණු වේවා, නීවරණය මෝහය දුරු වේවා, කෙළෙස් මරුන් බිඳ නිවනට යේවා, විවට්ඨෙ ඤාණයෙ පිහිටම වේවා.

චෙතො විවට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

නිවන් අවුරනි කෙළෙස් නැසෙන්නේ, නෙකඛම්මයෙ අනුසස් වැටහෙන්නේ, අනේකවිධ පඤ්ඤා මතු   වන්නේ, චෙතො විවට්ඨෙ ඤාණෙ  වඳින්නේ.

චිත්ත විවට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අධිට්ඨාන සිත පෙරටු කරන්නේ, නෙකඛම්මයෙ අනුසස් වැටහෙන්නේ, රහත් මෙඟහි සිතුවිලි ගෙනු වන්නේ, චිත්ත විවට්ඨෙ ඤාණෙ   වඳින්නේ.

ඤාණ විවට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සළායතනවල හිස් බව දන්නේ, සුන්‍ය ධර්ම පිලිබද විමසන්නේ, ලොව්තුරු නැණමය පෙරමුණ ගන්නේ, ඤාණ විවට්ඨෙ ඤාණෙ වඳින්නේ.

විමොක්ඛ විවට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

ක්ලේශාවරණය පහවී යන්නේ, ආත්ම දිට්ඨිය ජේදන වන්නේ,  විමොක්ඛයට නුවණැස යොමු වන්නේ, විමොක්ඛ විවට්ඨෙඤාණෙ වඳින්නේ.

සච්ච විවට්ඨෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

දුක සහ එහි හේතුව වැටහෙන්නේ, සමුදය නිරෝධ මෙනෙහි කරන්නේ, සත්‍ය සතර මේ ලෙස දැන ගන්නේ, සච්ච විවට්ඨෙ ඤාණෙ වඳින්නේ.

ඉද්ධි විධ ඤාණං බුද්ධ ඤාණං නමාමි

රූප ධ්‍යානයට අරමුණ   ඈදු, සිතු දේ දක්නා දක්නා නුවණම පෑදු, තුන් ලෝතලයෙම මෙත් සිත් වීදු, ඤාණ ඉද්ධි විධ නමදිමි   සාදු.

 දිබ්බ සෝත ඤාණං බුද්ධ ඤාණං නමාමි

ඡුන්‍ද ච්ත්ත සහ විරියට ඈදු, විමංසාවෙන් අරමුණ හේදු, දිබ්බ සෝතයෙන් නුවණැස පෑදු, සෝත ධාතු නැණ නමදිමි සාදු.

චේතෝ පරිය ඤාණං බුද්ධ ඤාණං නමාමි

දුක භය සෝකය දොම්නස ඈදු, සිත්හි ස්වභාවය දැනගත් සාදු, පරසිත් දන්නා නැණ කළ මොදු, චේතෝ පරිය නැණ නමදිම් සාදු.

පුබ්බෙ නිවාස ඤාණං බුද්ධ ඤාණං නමාමි

සව්වෙනි දැහැනට සිතකර මෝදු, පෙර විසු කඳ ගැන නුවණැස වීදු, හේතු විපාකය ඵලයට ඇදු, පුබ්බෙ නිවාස නැණ නමදිම් සාදු.

දිබ්බ චක්ඛු ඤාණං බුද්ධ ඤාණං නමාමි

කසිණ වර්ණ ආලෝකය වීදු, ඉද්ධිපාද දම් සිත කළ මෝදු, භාවිත බහුලීකත නැණ සෑදු, දිබ්බ චක්ඛු නැණ නමදිම් සාදු.

ආසවක්ඛය ඤාණං බුද්ධ ඤාණං නමාමි

කාමාදී ආසව හැම සේදු, අරිහත් මග ඵල ලැබ සිත සේදු, මෙත්තා කරුණා ගුණබල වීදු, ආසවක්ඛය නැණ නමදිම්   සාදු.

දුක්ඛෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

පඤචස්කන්‍ධයේ බන්‍ධනසේදු, විපරිනාම පීලන දුක සේදු, සම්මුති බිඳ නුවණින් සැප පෑදු, දුක්ඛෙ ඤාණය නමදිමු   සාදු.

සමුදය ඤාණං බුද්ධ ඤාණං නමාමි

උපාදානයට නිදාන පෑදු, පහානයට පළිබෝධය සෑදු, සියලූ සතුන්හට බව දුක පෑදු, සමුදය ඤාණය නමදිමු සාදු.

නිරෝධ ඤාණං බුද්ධ ඤාණං නමාමි

නිස්සරණය පව්වේකය සෑදු, අසංඛකය අමතය රස පෑදු, තිලොවෙහි සතුනගෙ බව දුක සේදු, නිරෝධ ඤාණය නමදිමු   සාදු.         

මග්ගෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

කය මනසෙහි දුක දැක සිත සේ, ඉන්ද්‍රිය බල සමථෙන් කළ මෝදු, දර්ශනයෙන් නිවනෙහි රුස් වීදු, මාර්ග ඤාණය නමදිමි සාදු.

දුක්ඛෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

විනිවිද නුවණින් කෙළෙසුන් සේදු, ඉන්ද්‍රිය බල බෝ පැකි දම් සෑදු, ඉදු ඇස දම් ඇස නුවණැස පෑදු, දුක්ඛෙ ඤාණය නමදිමි සාදු.

දුක්ඛෙ සමුදයෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

එකසිය අටලොස් හේතු දකින්නේ, සත්‍ය ඤාණ අවබෝධය වන්නේ, සිව්සස්වල සමුදය වැටහෙන්නේ, දුක්ඛෙ සමුදයෙ ඤාණෙ වඳින්නේ.

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඤාණං බුද්ධ ඤාණං නමාමි

සත්තාපය දුක කෙළවර වන්නේ, සත්‍ය ඤාන පිළිවෙත වැටහෙන්නේ, ලොව්තුරු සැනසුම් සුවය දැනෙන්නේ, පිළිවෙත් ඤාණය මම නමදින්නේ.

අත්‍ථ පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අරිය මග්ග ඤාණය වැටහෙන්නේ, අර්ථ හේතු ඵල දහම් දකින්නේ, වර්තමානයේ සිත පවතින්නේ, අත්‍ථ පටිසම්භිදේ ඤාණෙ වඳින්නේ.

ධම්ම පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

මාර්ග ආරම්මණ වැටහෙන්නේ, සමුදය සත්‍යය තහවුරු වන්නේ, ධර්මස්කන්ධය පැහැදිලි වන්නේ, ධම්ම පටිසම්භිදේඤාණෙ   වඳින්නේ.

නිරුක්ති පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අත්‍ථ දීපයෙහි සිත පවතින්නේ, නිරුක්තියේ ඇති ගැඹුර දකින්නේ, දේශන පිළිවෙත තහවුරු වන්නේ, නිරුක්ති පටිසම්භිදේ ඤාණෙ   වඳින්නේ.

පටිභාන පටිසම්භිදේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

අත්‍ථ ධම්ම සහ නිරුක්ති දන්නේ, මඟ ථල නුවණෙනි නිසිවැට හෙන්නේ, ගම්භිර මෙමදම් එක් ස්රැ වන්නේ, පටිභාන පටිසම්භිදේඤාණෙ වඳින්නේ.

ඉන්ද්‍රිය පරෝපරියත්තයේ ඤාණං බුද්ධ ඤාණං නමාමි

සද්ධා සහ සති වීරිය වැඩෙන්නේ, පඤච ඉන්ද්‍රිය කැඩපත වැන්නේ, සම්බුදු බුදු රශ්මිය විහි දෙන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තෙ ඤාණෙ වඳින්නේ.

ආශය අනුසය ඤාණං බුද්ධ ඤාණං නමාමි

නිදිගත් කෙළෙසුන් ප‍්‍රභීණ වන්නේ, ආසව නැන සිත පැහැසර වන්නේ, අධි මුක්තික බව විගස දැනෙන්නේ, ආශය අනුශය ඤාණෙ වඳින්නේ.

යමක පටිහාරියෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

ශාඛ්‍ය මානය පහවී යන්නේ, තුන්ලොවටම එහි බලය දිවෙන්නේ, ආපෝ සහ අග්නිය විහිදෙන්නේ, යමක පටිහාරියෙ ඤාණෙ වඳින්නේ.

මහා කරුණා සමාපත්තියෙ ඤාණං බුද්ධ ඤාණං නමාමි

කරුණා චක්‍ෂුස ලෙවෙ පතුරන්නේ, විනේය ජනයන් නැණින් දකින්නේ, ඔවුන් සොයා නිසි මඟ පහදන්නේ, මහා කරුණා ඤාණය නමදින්නේ.

සබ්බඤුුත ඤාණං බුද්ධ ඤාණං නමාමි

දත යුතු සියල්ල මැනවින් දන්නේ, ඇසතු බෝධි මූලයෙ වැඩ   උන්නේ, දසබිම්බර මර සෙන්පැන යන්නේ, සබ්බඤුත ඤාණය නමදින්නේ.

අනාවරණ ඤාණං බුද්ධ ඤාණං නමාමි

උනා කෙළෙස් පොදි ප‍්‍රහීණ කරමී, මනා පසැස් ඇති මුනි රද පුදමී, සනාතනික වූ නිවනම පතමී, අනා වරණ ඤාණය  මම වඳිමී.