ධම්මචක්කප්පවත්තන සූත්‍රය

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

ඒවං මේ සුතං, ඒ ඒකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනේ මිගදායේ. තත‍්‍ර ඛෝ භගවා පඤ්චවග්ගියේ භික්ඛූ ආමන්තේසි. ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා යෝචායං කාමේසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ. යෝචායං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ, ඒතේ තේ භික්ඛවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා භික්ඛවේ මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා, චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති සම්මාසමාධි. අයං ඛෝ සා භික්ඛවේ මජඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ, පියේහි විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං, සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛසමුදයෝ අරියසච්චං, යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත‍්‍රතත‍්‍රාභිනන්දින’. සෙය්‍යථීදං? කාමතණ්හා භවතණ්හා විභවතණ්හා. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධෝ අරියසච්චං,  යෝ තස්සායේව තණ්හාය අසේසවිරාගනිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ. ඉදං ඛෝ පන භික්ඛවේ, දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ, සෙය්‍යථීදං, සම්මාදිට්ඨි, සම්මාසංකප්පෝ, සම්මාවාචා, සම්මාකම්මන්තෝ, සම්මාආජීවෝ, සම්මාවායාමෝ, සම්මාසති, සම්මාසමාධි. ඉදං දුක්ඛං අරියසච්චන්ති මේ භිකඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්‍යන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. ඉදං දුක්ඛසමුදයෝ අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛසමුදයෝ අරියසච්චං පහාතබ්බන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛසමුදයං අරියසච්චං පහීණන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝකෝ උදපාදි. ඉදං දුක්ඛනිරෝධෝ අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධෝ අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධං අරියසච්චං සච්ඡිකතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවේතබ්බන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. තං ඛෝ පනිදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චං භාවිතන්ති මේ භික්ඛවේ, පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි. යාව කීවඤ්ච මේ භික්ඛවේ ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහෝසි. නේවතාවාහං භික්ඛවේ සදේවකෝ ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මා සම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං. යතෝ ච ඛෝ මේ භික්ඛවේ, ඉමේසු චතුසු අරියසච්චේසු ඒවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහෝසි. අථාහං භික්ඛවේ සදේවකේ ලෝකේ සමාරකේ සබ‍්‍රහ්මකේ සස්සමණබ‍්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය අනුත්තරං සම්මාසම්බෝධිං අභිසම්බුද්ධෝ පච්චඤ්ඤාසිං.ඤාණඤ්ච පන මේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුත්ති අයමන්තිමා ජාති නත්ථිදානි පුනබ්භවෝති. ඉදමවෝච භගවා අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතෝ භාසිතං අභිනන්දුන්ති. ඉමස්මිඤ් ච පන වෙය්‍යාකරණස්මිං භඤ්ඤමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්ම චක්ඛුංඋදපාදි යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මන්ති. පවත්තිතේ ච පන භගවතා ධම්මචක්කේ භුම්මා දේවා සද්දමනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. භුම්මානං දේවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. චාතුම්මහාරාජිකානං දේවානං සද්දං සුත්වා තාවතිංසා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. තාවතිංසානං දේවානං සද්දං සුත්වා යාමා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති.  යාමානං දේවානං සද්දං සුත්වා තුසිතා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. තුසිතානං දේවානං සද්දං සුත්වා නිම්මාණරතී දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. නිම්මාණරතීනං දේවානං සද්දං සුත්වා පරනිම්මිතවසවත්තිනෝ දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. පරනිම්මිතවසවත්තීනං දේවානං සද්දං සුත්වා බ‍්‍රහ්මපාරිසජ්ජා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. බ‍්‍රහ්මපාරිසජ්ජානං දේවානං සද්දං සුත්වා බ‍්‍රහ්මපුරෝහිතා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. බ‍්‍රහ්මපුරෝහිතානං දේවානං සද්දං සුත්වා මහාබ‍්‍රහ්මා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා  කේනචි වා ලෝකස්මින්ති. මහාබ‍්‍රහ්මානං දේවානං සද්දං සුත්වා පරිත්තාභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. පරිත්තාභානං දේවානං සද්දං සුත්වා අප්පමාණාභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අප්පමාණාභානං දේවානං සද්දං සුත්වා ආභස්සරා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. ආභස්සරානං දේවානං සද්දං සුත්වා පරිත්තසුභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. පරිත්තසුභානං දේවානං සද්දං සුත්වා අප්පමාණසුභා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අප්පමාණසුභානං දේවානං සද්දං සුත්වා සුභකිණ්හකා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති.  සුභකිණ්හකානං දේවානං සද්දං සුත්වා වේහප්ඵලා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. වේහප්ඵලානං දේවානං සද්දං සුත්වා අවිහා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අවිහානං දේවානං සද්දං සුත්වා අතප්පා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. අතප්පානං දේවානං සද්දං සුත්වා සුදස්සා දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. සුදස්සානං දේවානං සද්දං සුත්වා සුදස්සී දේවා සද්දමනුස්සාවේසුං, ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. සුදස්සීනං දේවානං සද්දං සුත්වා අකණිට්ඨකා දේවා සද්දමනුස්සාවේසුං ඒතං භගවතා බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මින්ති. ඉතිහ තේන ඛණේන තේන මුහුත්තේන යාව බ‍්‍රහ්මලෝකා සද්දෝ අබ්භුග්ගඤ්ý. අයඤ්ච දසදහස්සී ලෝකධාතු සංකම්පි සම්පකම්පි සම්පවේධි. අප්පමාණෝ ච උළාරෝ  ඕභාසෝ ලෝකේ පාතුරහෝසි අතික්කම්ම දේවානං දේවානුභාවන්ති.අථ ඛෝ භගවා උදානං උදානේසි. අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත භෝ කොණ්ඩඤ්ඤෝති ඉතිහිදං ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤෝත්වේව නාමං අහෝසිති. ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු

මා විසින් මෙසේ අසන ලදී එක් සමයෙක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතනේ මිගදායේ වැසවසන වැඩ වසන සේක. ඒ සමයෙහි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් අමතා මේ ධම්මචක්ක දේශනය වදාළේය. මහණෙනි, පැවිදිවූවන් විසින් නොකළයුතු වූ අන්ත දෙකකි. යමකු කාම සුඛයේ ඇලී ගැලී වෙසෙත් ද මෙය හීන වූ, ලාමක වූ දෙයකි. මහජනයා විසින් භාවිතාකලාවූ ද, උතුම් මිනිසුන් විසින් භාවිතානොකලාවූ ද, අනර්ථ සහිතවූ දෙයකි. මහණෙනි, එලෙස තමා ව පීඩාවට පත් කරවන යමෙකු ඇත්තේද, එය දුක් සහිතය, උතුම් මිනිසුන් විසින් භාවිතානොකලාවූ ද, අනර්ථ සහිතවූ දෙයකි. තථාගතයන් වහන්සේ විසින් මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිලිවෙත අවබෝධ කරගන්නා ලදී. මේ මධ්‍යම ප‍්‍රතිපදාව දහම් දැණුම ලබා දී නුවණ වඩයි, සංවර බව ඇති කරයි, විශේෂ ඤාණයන් ලබාදෙයි. මෙම මධ්‍යම ප‍්‍රතිපදාව නිවන් සුව පිණිස ම පවතින්නේ ය.  මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම් දැණුම ලබා දී නුවණ වඩවා, සංවර බව ඇති කර, විශේෂ ඤාණයන් ලබාදෙන්නාවූද නිවන් සුව පිණිස ම පවතින්නාවූද මෙම මධ්‍යම ප‍්‍රතිපදාව නම් කවරෙක් ද? එනම්, ඒ මේ ආර්යඅෂ්ටාංගික මාර්ගයමය, ආර්යඅෂ්ටාංගික මාර්ගය නම්, සම්මා දිට්ඨිය ද, සම්මා සංකල්පය ද, සම්මා වාචා ද, සම්මා කම්මන්තය ද, සම්මා ආජීවය ද, සම්මා වායාමය ද, සම්මා සතිය ද, සම්මා සමාධිය යන්නයි. මහණෙනි, තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරගන්නා ලද දහම් දැණුම ලබා දී නුවණ වඩවා, සංවර බව ඇති කර, විශේෂ ඤාණයන් ලබාදෙන්නාවූද නිවන් සුව පිණිස ම පවතින්නාවූද මධ්‍යම ප‍්‍රතිපදාව නම් මෙය යි. මහණෙනි, මේ නම්, දුක නම්වූ ආර්ය සත්‍යය යි. ඉපදීම දුකකි, ජරාවට පත් වීම දුකකි, රෝගී වීම දුකකි, මරණයට පත්වීම දුකකි, අප‍්‍රිය පුද්ගලයින් හා වස්තූන් සමඟ එක්වීම දුකකි, ප‍්‍රියමනාප පුද්ගලයන් හා වස්තූන් ගෙන් වෙන් වීම දුකකි, කැමති වන්නා වූ යම් යම් දේ නො ලැබීම ද දුකකි, සැකෙවින් පවසත් නම් මේ පංච උපාදානස්කන්ධයෝ ම දුකකි,මහණෙනි, මේ නම්, දුක ඇතිවීම නම්වූ ආර්ය සත්‍යය යි. එනම්, නැවත නැවත ඉපිදීම ඇති කරවන්නාවූ, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ යම් දෙයක් වෙත්ද, සතුටින් පිළිගන්නා වූ යම් තණ්හාවක් වෙත්ද, එයයි. ඒ කවරෙක්ද?, එනම්, කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව යයි. මහණෙනි, මේ නම්, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය යි. එනම්,  කිසිදු ඉතිරියක් නොමැතිව තණ්හාවේ නො ඇල්මෙන් ප‍්‍රානය නිරුද්ධ වීමක් වේ ද, දුරු වීමක් වේ ද, තණ්හාවෙන් මිදීමක් වේ ද, ආලය නැතිවීමක් වේ ද යන්නයි. මහණෙනි, මේ නම්, දුක නැතිකිරීම පිණිස පවතින්නාවූ ප‍්‍රතිපදාවකි ආර්ය සත්‍යයකි. එනම්,  මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය මය, එනම්, සම්මා දිට්ඨිය, සම්මා සංකල්පය, සම්මා වාචා, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධිය ද යන මේවාය. මහණෙනි, මේ නම්, දුක නම්වූ ආර්ය සත්‍යයි භාග්‍යවතුන් වහන්සේ හට මනාලෙස අවබෝධ විය. පෙර නො ඇසූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. එ දුක නම් වූ ආර්ය සත්‍යය මනාලෙස පරිපූර්ණ වශයෙන් අවබෝධ කලයුතුයයි, භාග්‍යවතුන් වහන්සේ හට පෙර නො ඇසූ ධර්මයන් හි දහම් ඇස පහළ විය ඤාණය පහළ විය ප‍්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය. ඒ දුක නම් වූ ආර්ය සත්‍යය මනාලෙස පරිපූර්ණ වශයෙන් අවබෝධ කලේයයි, භාග්‍යවතුන් වහන්සේ හට පෙර නො ඇසූ ධර්මයන් හි දහම් ඇස පහළ විය ඤාණය පහළ විය ප‍්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය. මහණෙනි, මේ නම්, දුක ඇතිවීම නම්වූ ආර්ය සත්‍යයි භාග්‍යවතුන් වහන්සේ හට මනාලෙස අවබෝධ විය. පෙර නො ඇසූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රහාණය කළ යුතුයි කියා භාග්‍යවතුන් වහන්සේ හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ඒ දුක ඇතිවීම නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රහාණය වූයේ යයි කියා භාග්‍යවතුන් වහන්සේ හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ, විය ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, මේ නම්, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යයි භාග්‍යවතුන් වහන්සේ හට මනාලෙස අවබෝධ විය. පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කළ යුතුයි කියා භාග්‍යවතුන් වහන්සේ හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය’ ඤාණය පහළ විය ප‍්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය. ඒ දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍යය සාක්ෂාත් කරන ලදි යි කියා භාග්‍යවතුන් වහන්සේ හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය ඤාණය පහළ විය ප‍්‍රඥාව පහළ විය විද්‍යාව පහළ විය ආලෝකය පහළ විය. මහණෙනි, මේ නම්, දුක නැතිකිරීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යි භාග්‍යවතුන් වහන්සේ  හට මනාලෙස අවබෝධ විය. පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය.ඒ දුක නැතිකිරීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රගුණ කළ යුතුයි කියා භාග්‍යවතුන් වහන්සේ  හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. ඒ දුක නැතකිරීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය ප‍්‍රගුණ කරන ලදි යි කියා භාග්‍යවතුන් වහන්සේ  හට පෙර නො ඇසූ විරූ ධර්මයන් හි දහම් ඇස පහළ විය, ඤාණය පහළ විය, ප‍්‍රඥාව පහළ විය, විද්‍යාව පහළ විය, ආලෝකය පහළ විය. මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේලෙස තුන් අයුරකින් දොළොසකින් ආකාරයකින් සත්්‍යාවබෝධව, නිරවද්‍යවූ ඤාණ දර්ශනය, පාරිශුද්ධ ලෙස, භාග්‍යවතුන් වහන්සේ  හට යම් තාක් අවබෝධ නො වූයේ ද, මහණෙනි, ඒ තාක් කාලයක් ම දෙවියන්, මරුවන්, බඹුන්, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්, සහිත වූ මෙම ලෝකයේ දෙව් මිනිස් ප‍්‍රජාව තුළ උන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප‍්‍රතිඥා නො දුන්නේමය. මහණෙනි, චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මේලෙස තුන් අයුරකින් දොළොසකින් ආකාරයකින් සත්්‍යාවබෝධව, නිරවද්‍යවූ ඤාණ දර්ශනය, පාරිශුද්ධ ලෙස, භාග්‍යවතුන් වහන්සේ  හට යම් තාක් අවබෝධ වූයේ ද, මහණෙනි, ඒ තාක් කාලයක් ම දෙවියන්, මරුවන්, බඹුන්, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන්, සහිත වූ මෙම ලෝකයේ දෙව් මිනිස් ප‍්‍රජාව තුළ උන් වහන්සේ අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප‍්‍රතිඥා දුන්නේය. භාග්‍යවතුන් වහන්සේ හට ඒකී ඤාණ දර්ශනය පහළ විය. උන් වහන්සේගේ ච්ත්ත විමුක්තියේ වෙනසක් සිදුනොමවන්නේමය. මෙය උන් වහන්සේගේ අන්තිම ඉපදීම වේ, භාග්‍යවතුන් වහන්සේ හට පුනර්භවයක් නැත්තේමය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙම ධම්මචක්ක දේශනය වදාළ සේක අතිශයින් සතුටට පත් වූ පස්වග මහණුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ විසින් අණුදැනවදාල මෙම ශ‍්‍රී සද්ධර්මය මහත් පී‍්‍රතියෙන් යුතුව පිළිගත්තාහු ය. මෙම ධම්මචක්කපවත්වන සූත‍්‍රය දේශනා කරණ කල්හි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ භික්‍ෂූන්වහන්සේ හට හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ යම් දෙයක් වෙත්ද, එම හේතූන් නිරුද්ධ වීමෙන් ඒ සැම නිරුද්ධ වී යන ස්වභාවයකින් යුක්ත බව අවබෝධකොටගත හැකි වූ, සියළුු කෙලෙසුන්ගෙන් තොර වූ දහම් ඇස පහළ විය. අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය දේශණාකරන ලදී . එම සූත‍්‍රය  ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් මේළොව වසන්නාවූ සැම දෙවියෝම දහම් ඝෝෂා පැවැත්වූහ. පොළොවවාසී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් චාතුම්මහාරාජික දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. චාතුම්මහාරාජික දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් තාවතිංස දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. තාවතිංස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් යාම දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. යාම දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා  අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් තුසිත දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. තුසිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් නිම්මාණරතී දෙවියෝ ද දහම් ඝෝෂාපැවැත්වූහ. නිම්මාණරතී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් පරනිම්මිතවසවත්තී දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. පරනිම්මිතවසවත්තී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් බ‍්‍රහ්මපාරිසජ්ජ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. බ‍්‍රහ්මපාරිසජ්ජ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් බ‍්‍රහ්ම පුරෝහිත දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. බ‍්‍රහ්ම පුරෝහිත දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් මහා බ‍්‍රහ්ම දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. මහා බ‍්‍රහ්ම දෙවියන් ගේ දහම් ඝෝෂාව අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අසා පරිත්තාභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. පරිත්තාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අප්පමාණාභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අප්පමාණාභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් ආභස්සර දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. ආභස්සර දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් පරිත්තසුභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. පරිත්තසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අප්පමාණසුභ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අප්පමාණසුභ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් සුභකිණ්හ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. සුභකිණ්හ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් වේහප්ඵල දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. වේහප්ඵල දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අවිහ දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අවිහ දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අතප්ප දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ. අතප්ප දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් සුදස්ස දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ.  සුදස්ස දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් සුදස්සී දෙවියෝ ද දහම් ඝෝෂා පැවැත්වූහ.  සුදස්සී දෙවියන් ගේ දහම් ඝෝෂාව අසා අප භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස්නුවර ඉසිපතනේ මිගදායෙහි දේශණාකරන ලද අනුත්තර වූ ධම්මචක්ක පවත්වන සූත‍්‍රය ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ මෙලෝකයෙහි වෙසෙන කවරෙකුට හෝ වෙනස් කළ නො හැක්කේම යයි කියමින් අකනිට්ඨ දෙවියෝ දහම් ඝෝෂා පැවැත්තුවාහු ය. ඒ්ක්ෂණයකින්, එම මොහොතේදීම, මේ විෂ්වයේ යම්තාක් බ‍්‍රහ්ම ලෝක පවතීද, ඒ තාක් මෙම දහම් ඝෝෂාව පැතිර ගියේය. දස දහසක්වූ ලෝක ධාතුවම කම්පා වි තදින්ම කම්පාවි බලවත්ව කම්පාවි දෙවියන් ගේ දේවානුභාවය ද ඉක්මවා යමින් අප‍්‍රමාණ වූ ආලෝකයක් ලෝකයෙහි පැතිර ගියේය. එකල්හී අප භාග්‍යවතුන් වහන්සේ විසින් උදානයක් පහළ කළහ. භාග්‍යවත් කොණ්ඩඤ්ඤ තෙමේ එ්කාන්තයෙන් ම අවබෝධ කළහ භවත් කොණ්ඩඤ්ඤ තෙමේ ඒකාන්තයෙන් ම අවබෝධ කළහ. මේ හේතුවෙන් ආයුෂ්මත් කොණ්ඩඤ්ඤ භික්‍ෂූන් වහන්සේට අඤ්ඤාකොණ්ඩඤ්ඤ යන මේ නාමය පඨබැදිනි. මේ උතම් පිරිතෙන්, ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.