නවගුණ ආශිර්වාදය

නවගුණ ආශිර්වාදය

ඉතිපිසෝ භගවා අරහං සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණසම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ, පුරිසදම්මසාරථී සත්ථාදේවමනුස්සානං බුද්ධෝභගවාති

අරහං බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, සියළු රාග-ද්වේෂ-මෝහප‍්‍රහාණය කළසේක, වීතරාගී වූ සේක, වීතදෝසී වූ සේක, වීතමෝහී වූ සේක, සියළු අකුසල ධර්මයන් ප‍්‍රහණයකළ සේක, සියළු කුසල ධර්මයන් උපදවාගත්සේක, සිත කයවචනය පිරිසිදු කළ සේක,අමාමහ නිවන සාක්‍ෂාත්කළ සේක බුදුරජාණන්වහන්සේ ඇසින් රූපදැක ඒ රූප කෙරෙහි නොඇළුනසේක, නොගැටුනසේක මුළා නොවුණසේක,ආශාවදුරුකළසේක
කණින් ශබ්ද අසා ඒ ශබ්ද කෙරෙහි නොඇළුනසේක, නොගැටුනසේක මුළා නොවුණසේක,ආශාවදුරුකළසේක නාසයෙන් ගඳ සුවඳ දැන ඒගඳ සුවඳ කෙරෙහි නොඇළුනසේක නොගැටුනසේක මුළානොවුණසේක,ආශාවදුරුකළසේක  දිවෙන් රසවිඳ ඒරසය කෙරෙහි නොඇළුනසේක, නොගැටුනසේක මුළානොවුණසේක,ආශාවදුරුකළ සේක කයින් පහස ලබා ඒ පහසකෙරෙහි නොඇළුනසේක,නොගැටුනසේක  මුළා නොවුණසේක ආශාවදුරුකළ සේක මනසින් අරමුණු සිතා  ඒ අරමුණුකෙරෙහි නොඇළුනසේක,නොගැටුනසේක මුළා නොවුණසේක,ආශාවදුරුකළසේක රහසින් වත් පව් නොකළසේක එහෙයින් අප බුදුරජාණන්වහන්සේ අරහං වනසේක අරහං නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා අරහං නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා අරහං නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

සම්මා සම්බුද්ධ බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධකළ යුතු වූ දුක නම්වූ ආර්ය සත්‍යය ගුරු උපදේශනැතිව ම අවබෝධකොට වදාළසේක ප‍්‍රහාණයකළ යුතු වූ දුක හටගැනීම නම්වූආර්ය සත්‍යය ගුරු උපදේශ නැතිව ම ප‍්‍රහාණයකොට වදාළ සේක සාක්‍ෂාත්කළ යුතු වූ දුක නැතිවීම නම්වූ ආර්ය සත්‍යය ගුරු උපදේශනැතිව ම සාක්‍ෂාත්කොට වදාළසේක ප‍්‍රගුණ කළ යුතු වූ දුක නැතිවීමේ මග නම්වූආර්ය සත්‍යය ගුරු උපදේශනැතිවම ප‍්‍රගුණ කොටවදාළ සේක  මෙසේ මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් සත්‍යඤාණ වශයෙන්ද කෘත්‍ය ඤාණ වශයෙන්ද කෘත ඤාණ වශයෙන්ද පරිවර්ත තුනකින්යුතුව ආකාර දොළසකින්යුතුව ගුරු උපදේශනැතිවම අවබෝධකොට වදාළ නිසා අප බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධ වනසේක සම්මා සම්බුද්ධ නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා සම්මා සම්බුද්ධ නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා සම්මා සම්බුද්ධ නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

විජ්ජාචරණසම්පන්න බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අහසින්ගමන්කිරීම ජලයේ සක්මන්කිරීම පොළොවේ කිමිදී වෙනතැනකින් මතුවීම නොපෙනී ගමන්කිරීම ආදී අනන්ත ප‍්‍රාතිහාර්යයන්ගෙන් යුතු සෘද්ධි ප‍්‍රාතිහාර්යය ඤණය ලබාගත්සේක සියළුසත්වයන්ගේ අතීත ජීවිත දැකීමේ හැකියාව වූ  පුබ්බේනිවාසානුස්සති ඤාණය ලබාගත්සේක සියළු සත්වයන්ගේ සිත්සතන් දැකීමේ හැකියාව වූ පරචිත්තවිජාණන ඤාණය ලබාගත්සේක සියළු සත්ත්වයන් කර්මානුරූපව චුතවනආකාරයද  කර්මානුරූපව උපදිනආකාරයද දැකීමේ හැකියාව වූ චුතූපපාත ඤාණය ලබාගත්සේක දුර තිබෙන රූපයන් ද ලඟ තිබෙන රූපයන් ද දැකීමේ හැකියාව වූ දිවැස්නුවණ ලබාගත් සේක දුරතිබෙන ශබ්දයන්ද ලඟ තිබෙන ශබ්දයන්ද ඇසීමේහැකියාව වූ දිව්‍යශ‍්‍රවණඤාණය ලබාගත් සේක තමන්වහන්සේතුළ පැවති සියළුකෙළෙසුන් සියළු ආස‍්‍රවයන් මුළුමනින්ම නැතිකොට ඤාණාලෝකය උපදවාගෙන ආසවක්ඛයඤාණය ලබාගත්සේක මෙසේඅනන්ත ඤාණයෙන්ද අනන්ත ගුණයෙන්ද  අනන්ත සීලයෙන්ද  අනන්ත වීර්ය්‍යයෙන්ද  අනන්ත ප‍්‍රඥාවෙන්ද අනන්ත සමාධියෙන්ද  සමන්විත නිසා අප බුදුරජාණන්වහන්සේ විජ්ජාචරණසම්පන්න වනසේක විජ්ජාචරණසම්පන්න නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා විජ්ජාචරණසම්පන්න නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා විජ්ජාචරණසම්පන්න නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

සුගත බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ශෝභන වූ රූප කාය සම්පත්තියක් ඇති හෙයින් සුන්දර වූ වචන ඇති හෙයින් සුන්දර වූ ප‍්‍රතිපත්ති ඇති හෙයින් ආර්ය මාර්ග සංඛ්‍යාත ශෝභන වූ ගමන් ඇති හෙයින් සුන්දර වූ ආර්ය අෂ්ටාංගිකමාර්ගය අවබෝධකරගෙන  ඒ මග ගමන්කොට  ඒ අමා මහ නිවනට පැමිණවදාළ නිසා අප බුදුරජාණන්වහන්සේ සුගත වනසේක සුගත නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා සුගත නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා සුගත නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා ලෝකවිදු බුදුගුණ ආශිර්වාදය අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්ත්තර අස්සේ උපදින සතුන්ගේ ලෝකය ද  මව්කුසින් උපදින සතුන්ගේ ලෝකය ද තෙත් පරිසරයක හෝ කුණු වූ මසක උපදින සතුන්ගේ ලෝකය ද ඉබේපහළ වනසතුන්ගේ ලෝක ද නම් වූ මෙකී නොකී සියලූ  සත්ව ලෝකයන් චතු සත්‍ය වශයෙන් දැන වදාළ සේක සියළුබ‍්‍රහ්ම ලෝක ද සියළු දිව්‍යලෝක ද මේ මිනිස්ලෝකය ද පේ‍්‍රත ලෝකය ද සතර අපාය ද ආදී සියළු අවකාශ ලෝකයන් ද සංස්කාර ලෝකයන් ද චතු සත්‍ය වශයෙන් දැන අවබෝධකොටගෙන ඒ සියළු ලෝකවලින් නිදහස් හෙයින් අප බුදුරජාණන්වහන්සේ ලෝකවිදු වනසේක ලෝකවිදු නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා ලෝකවිදු නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා ලෝකවිදු නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

අනුත්තර පුරිසදම්මසාරථී බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සීල ස්කන්ධයෙන් දෙව් මිනිසුන්ට වැඩි හෙයින් ද සමාධි ස්කන්ධයෙන් වැඩි හෙයින් ද ප‍්‍රඥා ස්කන්ධයෙන් වැඩි හෙයින් ද විමුක්ති ස්කන්ධයෙන් වැඩි හෙයින් ද විමුක්ති ඥාණ දර්ශන ස්කන්ධයෙන් වැඩි හෙයින් ද ඉර්ධි ප‍්‍රාතිහාර්යයෙන් ද අනුන්ගේ සිත් දකිමින් දහම් දෙසීම නම් වූ ආදේශනා ප‍්‍රාතිහාර්යයෙන් ද චතුරාර්ය සත්‍යය ධර්මය විස්තර කරන්නා වූ අනුශාසනා ප‍්‍රාතිහාර්යයෙන් ද දමනය කලයුතු යක්ෂ රාක්ෂ තිරිසන් ආදී සත්වයෝ  දමනය කල හෙයින් ද පින් ඇති දෙව් මිනිසුන්ව දමනය කොට  අමා මහ නිවනට පමුණුවා ලූ හෙයින් ද අප බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිසදම්මසාරථී වන සේක අනුත්තර පුරිසදම්මසාරථී නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා අනුත්තර පුරිසදම්මසාරථී නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා අනුත්තර පුරිසදම්මසාරථී නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

සත්ථා දේවමනුස්සානං බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නුවණැති දෙවියන්ට ද නුවණැති මිනිසුන්ට ද  සසර කතරින් එතෙරවීම පිණිස  මාර්ගය පෙන්වා වදාළසේක අප බුදුරජාණන්වහන්සේ සත්ථා දේවමනුස්සානං වන සේක සත්ථා දේවමනුස්සානං නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා සත්ථා දේවමනුස්සානං නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා සත්ථා දේවමනුස්සානං නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

බුද්ධ බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍යය අවබෝධ කොට අන්‍යයන්ට ද අවබෝධ කරවූ සේක  සමුදය සත්‍යය අවබෝධ කොට අන්‍යයන්ට ද අවබෝධ කරවූ සේක  නිරෝධ සත්‍යය අවබෝධ කොට අන්‍යයන්ට ද අවබෝධ කරවූ සේක  මාර්ග සත්‍යය අවබෝධ කොට අන්‍යයන්ට ද අවබෝධ කරවූ සේක දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුරාර්ය සත්‍යයධර්මයන් අවබෝධ කොට ගෙන අන්‍යයන්ට ද අවබෝධකරගැනී ම පිණිස  මහා කරුණාවෙන් දේශනාකොට වදාළ සේක අවබෝධ කරවූ සේක අප බුදුරජාණන්වහන්සේ බුද්ධ නං වන සේක බුද්ධ නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා බුද්ධ නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා බුද්ධ නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා

භගවා බුදුගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ සියළු සම්බුදු ගුණ දරාගැනීමට තරම් භාග්‍යවන්ත වනසේක  හිරුසඳ එළිය පරදවන අනන්ත ආලෝකය විහිදුවන ඤාණාලෝකය ලබාගැනීමට තරම්භාග්‍යවන්ත වනසේක මහා කරුණාවෙන් සිසිල්වී ගිය හදමඩලක් දරාගැනීමට තරම් භාග්‍ය ඇතිසේක පුණ්‍යභාවයෙන් ද ප‍්‍රඥාවෙන් ද යසයෙන් ද මයෙන් ද සෘද්ධියෙන් ද මහත් වූ හෙයින් ද රාග ද්වේශ මෝහනැසූ හෙයින් ද ශාන්ත වූ නිර්වානය සාක්ෂාත් කල හෙයින් ද අප බුදුරජාණන්වහන්සේ භගවා නම් වනසේක  භගවා නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා භගවා නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා භගවා නම් වූ බුදුගුණ බලයෙන් සුවපත්වේවා. මෙසේ අනන්ත ගුණ ඇති අනන්ත නුවණ ඇති අනන්ත සිල් ඇති අනන්ත වීර්යය ඇති අනන්ත ප‍්‍රඥාඇති අනන්ත විමුක්ති ඇති බුදුරජාණන්වහන්සේ මම සරණයමි මාගේ ජීවිතයට බුදුරජාණන්වහන්සේ එකම ආලෝකය වේවා එකම රැකවරණය වේවා එකම පිළිසරණ වේවා එකම සැනසිල්ල වේවා මේ බුදුගුණයන් ගේ බලයෙන් සුවපත්වේවා මේ බුදුගුණයන් ගේ බලයෙන් සුවපත්වේවා මේ බුදුගුණයන් ගේ බලයෙන් වපත්වේවා සාදු සාදු සාදු

නවගුණ ආශිර්වාදය

අප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක සම්මා සම්බුද්ධ නම් වන සේක විජ්ජා චරණ සම්පන්න නම් වන සේක  සුගත නම් වන සේක ලෝකවිදු නම් වන සේක අනුත්තරෝ පුරිසදම්ම සාරථී නම් වන සේක සත්ථා දේව මනුස්සානං නම් වන සේක බුද්ධ නම් වන සේක භගවා නම් වන සේක මෙසේ අප සම්මා බුදුරජාණන්වහන්සේ නව අරහාදී බුදුගුණයන්ගෙන් සමන්විත වන සේක නව අරහාදී බුදුගුණයන්ගේ බලයෙන් සුවපත්වේවා නව අරහාදී බුදුගුණයන්ගේ බලයෙන් සුවපත්වේවා නව අරහාදී බුදුගුණයන්ගේ බලයෙන් සුවපත්වේවා.