ගිරිමානන්‍ද සුත්‍රය

ගිරිමානන්‍ද සුත්‍රය

ඒවං මේ සූතං, ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ තේන ඛෝ පන සමයේන ආයස්මා ගිරිමානෙන්‍දා ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාළ්හගිලානෝ. අථ ඛෝ ආයස්මා ආනන්දෝ, යේන භගවා තෙනුපසංකමි උපසංකමීත්වා භගවන්තං අභිවාදෙත්‍වා එකමන්තං නිසීදි එකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා  ආනන්දෝ භගවන්තං ඒතදවෝච. ආයස්මා භන්තේ ගිරිමානෙන්‍දා ආබාධිකෝ දුක්ඛිතෝ බාළ්හගිලානෝ සාධු භන්තේ භගවා යෙනායස්මා ගිරිමානෙන්‍දා තේනුපසංඛමතු අනුකම්පං උපාදායා ති. සචේ ඛෝ ත්‍වං ආනන්ද, ගිරිමානන්දස්ස භික්ඛුනෝ උපසංකමීත්වා දසසඤඤා භාසෙය්‍යාසි, ඨානං ඛො පනේතං විජ්ජති යං ගිරිමානන්දස්ස භික්ඛුනෝ දසසඤ්ඤාසුත්වා, සෝ ආබාධෝ ඨානසෝ පටිපපස්සම්භෙය්‍ය කතමා දස. අනිච්ච සඤ්ඤා, අනත්ත සඤ්ඤා, අසුභ සඤ්ඤා, ආදීනව සඤ්ඤා, පහාණ සඤ්ඤා, විරාග සඤ්ඤා, නිරෝධ සඤ්ඤා, සබ්බලෝකේ අනභිරත සඤ්ඤා, සබ්බසංඛාරේසු අනිච්ච සඤ්ඤා, ආනාපාන සති. කතමාචානන්‍ද අනිච්චසඤ්ඤා, ඉධා නන්‍ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුකඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා  ඉතිපටිසංචික්ඛති, රූපං අනිච්චං, වේදනා අනිච්චා, සඤ්ඤා අනිච්චා, සංඛාරා අනිච්චා, විඤඤාණං අනිච්චන්ති ඉති ඉමේසූ පඤ්චසුපාදානක්ඛන්ධේසු අනිච්චානුපස්සී විහරති, අයං වුච්චතා නන්ද අනිච්චසඤ්ඤා. කතමාචානන්‍ද අනත්තසඤ්ඤා, ඉධා නන්‍ද භික්ඛු අරඤ්ඤගතො වා රුකඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා  ඉති පටිසංචික්ඛති චක්ඛුං අනත්තා, රූපා අනත්තා, සෝතං අනත්තා, සද්දා අනත්තා, ඝාණං අනත්තා, ගන්‍ධා අනත්තා, ජීව්හා අනත්තා, රසා අනත්තා, කායෝ අනත්තා, ඵොට්ඨබ්බා අනත්තා, මනෝ අනත්තා, ධම්මා අනත්තා ති. ඉති ඉමේසූ ඡුසූ අජ්ඣත්තික බාහිරේසු ආයතනේසු අනත්තානුපස්සී විහරති. අයං වුච්චතා නන්ද අනත්තසඤ්ඤා. කතමාචානන්‍ද අසුභසඤ්ඤා ඉධා නන්‍ද භික්ඛු ඉමමේව කායං උද්ධං පාදතලා අධෝ කේසමත්ථකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනෝ පච්චවෙක්ඛති. අත්‍ථි ඉමස්මිං කායේ, කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨි, අට්ඨිමීඤ්ජා වක්කං, හදයං යකනං, කිලෝමකං පිහකං පප්ඵාසං, අන්තං අන්තගුණං උදරියං කරීසං, පිත්තං සෙම්හං පුබ්බෝ ලොහිතං සේදෝ මේදෝ, අස්සු වසා ඛේලෝ සිඕඝානිකා ලසිකා මුත්තං මත්‍ථකේ මත්‍ථලූඕගංතී. කතමාචානන්‍ද ආදීනවසඤ්ඤා. ඉධා නන්‍ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා  ඉතිපටිසංචීක්ඛති බහුදුක්ඛෝ ඛෝ අයං කායෝ, බහු ආදීනවෝ, ඉතී ඉමස්මිං කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති, සෙය්‍යථීදං? චක්ඛුරෝගෝ, සෝතරෝගෝ, ඝාණරෝගෝ, ජීවහාරෝගෝ, කායරෝගෝ, සීසරෝගෝ, කණ්ණරෝගෝ, මුඛරෝගෝ, දන්තරෝගෝ, කාසෝ සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ, මුච්ඡු, පක්ඛන්‍දිකා, සූලා, විසූචිකා, කුට්ඨං, ගණෙඩා, කිලාසෝ, සෝසෝ, අපමාරෝ, දද්දු කණ්ඩු, කච්ඡු, රඛසා, විතච්චිකා, ලොහිතපිත්තං මධුමේහෝ, අංසා පිළකා, භගන්‍දළා. පිත්තසමුට්ඨානා ආබාධා, සෙම්හ සමුට්ඨානා ආබාධා, වාත සමුට්ඨානා ආබාධා, සන්නිපාතිකා ආබාධා, උතුපරිනාමජා ආබාධා, විසමපරිහාරජා ආබාධා, ඔපක්කමිකා ආබාධා, කම්මවිපාකජා ආබාධා, සීතං උණ්හං ජීඝචඡු පිපාසා උච්චාරෝ පස්සාවෝ ති. ඉතිං ඉමසමිං කායේ ආදීනවානුපස්සී විහරති. කතමාචානන්‍ද පහානසඤ්ඤා. ඉධා නන්‍ද භික්ඛු උප්පන්නං කාමවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති බයන්තිකරෝති අනභාවං ගමේති, උප්පන්නං ව්‍යාපාදවිතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තිකරෝති අනභාවං ගමේති, උප්පන්නං විහිංසා විතක්කං නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තිකරෝති අනභාවං ගමේති, උප්පන්නුප්පන්නේ පාපකේ අකුසලේධම්මේ නාධිවාසේති පජහති විනෝදේති බ්‍යන්තිකරෝති අනභාවං ගමේති. අයං වුච්චතා නන්‍ද පහාන සඤ්ඤා. කතමාචානන්‍ද විරාග සඤ්ඤා. ඉධා නන්‍ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා  ඉතිපටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පණීතං, යදිදං සබ්බසංඛාර සමතෝ සබ්බුපඨිපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිබ්බාණන්ති. අයංවුච්චතා නන්‍ද විරාග සඤ්ඤා. කතමාචානන්‍ද නිරෝධසඤ්ඤා. ඉධා නන්‍ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා  ඉතිපටිසංචික්ඛති ඒතං සන්තං ඒතං පනීතං, යදිදං සබ්බසංඛාර සමතෝ සබ්බුපඨි පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ නිරොධෝ නිබ්බාණන්ති. අයංවුච්චතා නන්‍ද නිරෝධසඤ්ඤා. කතමාචානන්‍ද සබ්බලෝකේ අනභිරත සඤ්ඤා. ඉධා නන්‍ද භික්ඛු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අධිට්ඨා නාභි නිවේසා නුසයා තේ පජහන්තෝ විරමති න උපාදියන්තෝ. අයං වුච්චතා නන්‍ද සබ්බලෝකේ අනභිරත සඤ්ඤා. කතමාචානන්‍ද සබ්බසංකාරේසු අනිච්ච සඤ්ඤා. ඉධා නන්‍ද භික්ඛු සබ්බසංකාරේහි අටටීයති හරායති ජිගුච්ඡුති. අයං වුච්චතා නන්‍ද සබ්බසංකාරේසු අනිච්ච සඤ්ඤා. කතමාචානන්‍ද ආනාපානසති. ඉධා නන්‍ද භික්ඛු අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා සුඤ්ඤාගාරගතෝ වා නිසීදති පල්ලඕකං ආභූජිත්‍වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා. සෝ සතෝව අස්සසති, සතෝ පස්සසති, දීඝං වා අස්සසන්තෝ දීඝං අස්සසාමී ති පජානාති, දීඝං වා  පස්සසන්තෝ දීඝං පස්සසාමීති පජානාති රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමී ති පජානාති; රස්සංවා පස්සසන්තෝ රස්සං පස්සසාමී ති පජානාති; සබ්බකාය පටිසංවෙදී  අස්සසිස්සාමී ති සික්ඛති; සබ්බකාය පටිසංවෙදී  පස්සසිස්සාමී ති සික්ඛති; පස්සම්හයං කාය සංඛාරං අස්සසිස්සාමී ති සික්ඛති; පස්සමහයං කාය සංඛාරං පස්සසිස්සාමී ති සික්ඛති; පීතිපටිසංවෙදී අස්සසිස්සාමී ති සික්ඛති; පීතිපටිසංවෙදී පස්සසිස්සාමී ති සික්ඛති; සුඛපටිසංවේදී අස්සසිස්සාමී ති සික්ඛති; සුඛපටිසංවේදී පස්සසිස්සාමී ති සික්ඛති; චිත්තසංඛාර  පටිසංවෙදී  අස්සසිස්සාමී ති සික්ඛති; චිත්තසංඛාර  පටිසංවෙදී  පස්සසිස්සාමී ති සික්ඛති; පස්සම්හයං චිත්තසංඛාරං අස්සසිස්සාමී ති සික්ඛති; පස්සම්හයං චිත්තසංඛාරං  පස්සසිස්සාමී ති සික්ඛති; චිත්තපටිසංවේදි අස්සසිස්සාමී ති සික්ඛති; චිත්තපටිසංවේදි පස්සසිස්සාමී ති සික්ඛති; අභිප්පමෝදයං චිත්තං අස්සසිස්සාමී ති සික්ඛති; අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමී ති සික්ඛති; සමාදහං චිත්තං අස්සසිස්සාමී ති සික්ඛති; සමාදහං චිත්තං පස්සසිස්සාමී ති සික්ඛති; විමෝචයං චිත්තං අස්සසිස්සාමී ති සික්ඛති; විමෝචයං චිත්තං පස්සසිස්සාමී ති සික්ඛති; අනිච්චානුපස්සී අස්සසිස්සාමී ති සික්ඛති; අනිච්චානුපස්සී පස්සසිස්සාමී ති සික්ඛති; විරාගානුපස්සී  අස්සසිස්සාමී ති සික්ඛති; විරාගානුපස්සී පස්සසිස්සාමී ති සික්ඛති; නිරෝධානුපස්සී අස්සසිස්සාමී ති සික්ඛති; නිරෝධානුපස්ස පස්සසිස්සාමී ති සික්ඛති; පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමී ති සික්ඛති; පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී ති සික්ඛති; අයං වුච්චතා නන්‍ද ආනාපානසති. සචේ ඛො ත්‍වං ආනන්ද ගිරිමානන්‍දස්ස භික්ඛුනෝ උපසංකමිත්‍වා ඉමා දස සඤ්ඤා භාසෙය්‍යාසි ඨානං ඛෝ පනේ තං විජ්ජත, යං ගිරිමානන්‍දස්ස භික්ඛුනො ඉමා දස සඤ්ඤා සුත්‍වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සමෙහය්‍යාති. අථ ඛෝ ආයස්මා ආනන්දෝ භගවතෝ සන්තිකේ ඉමා දස සඤ්ඤා උග්ගහෙත්වා යෙනායස්මා ගිරිමානන්දෝ තෙනුපසංකමි උපසංකමිත්වා අයස්මතො ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා අභාසි අථ ඛෝ ආයස්මතෝ ගිරිමානන්දස්ස ඉමා දස සඤ්ඤා සුත්වා සෝ ආබාධෝ ඨානසෝ පටිප්පස්සම්හි, වුට්ඨාහි චායස්මා ගිරිමානන්දෝ තම්හා ආබාධා, තථා පහීනෝ ච පනායස්මතෝ ගිරිමානන්දස්ස සෝ ආබාධෝ අහෝසි ති.   ඒතේන සච්ච වජ්ජෙන සබ්බ දුක්ඛ විනස්ස්තු, ඒතේන සච්ච වජ්ජෙන සබ්බ භය විනස්ස්තු, ඒතේන සච්ච වජ්ජෙන සබ්බ රෝග විනස්ස්තු.

මා විසින් මෙසේ අසන ලදී එකල එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර ජේතවනයෙහි  අනාථ පිණ්ඩිකස්ස අනේපිඪු මහා සිටානන්ගේ ආරාමයෙහි වැඩ වසන සේක එ සමයෙහි ආයූෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ ආබාධිතව දුකට පත්ව දැඩි ලෙස ගිලන් වූයේ වෙයි. ඉක්බිති ආයුෂ්යත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතනට එළඹ භාග්‍යවතුන් වහන්සේට වැද එකත් පස්ව උන්නාහූය එකත් පස්ව උන් ආයුෂ්යත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ කීහ. ආයූෂ්මත් ගිරිමානන්ද ස්ථවිරයන් වහන්සේ ආබාධිතව දුකට පත්ව දැඩි ලෙස ගිලන් වූයේ වෙයි භාග්‍යවතුන් වහන්ස ආයූෂ්මත් ගිරිමානන්ද යම් තැනකද එතනට අනුකම්පා පිණිස එළඹෙනසේක් නම් මැනවි. ආනන්දය ඔබ ගිරිමානන්ද භික්ෂූහුගේ සමීපයට එළඹ දශසංඥාවන් කිමදැයි කියන්නේ නම් මැනවි දශසංඥාවන් අසා ගිරිමානන්ද භික්ෂූහුගේ ඒ ආබාධය වහා සංසිදෙන්නේය ඒ රෝග සංසිදීමට එය කාරනයක්ද වෙයි මේ දශසංඥාවන් කවරෙක් දැයි යත්, අනිත්‍ය සංඥා,  අනාත්ම සංඥා, අසුභ සංඥා,  ආදීනව සංඥා, පහාණ සංඥා, විරාගසංඥා, නිරෝධ සංඥා, යන සියලූ ලෝකයන් හි අනභිරත සංඥාවන් සියලූ සංස්කාරයන් කෙරෙහි බලපවත්වන්නාවූ  ආනාපාන සතිය යනුයි. ආනන්දය අනිත්‍ය සංඥා යනු කවරෙක්ද, මෙම සස්නෙහි මහන කෙනෙකු ආරණ්‍යගත වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ නම් මෙසේ නුවනින් සලකා බලා රූපස්කන්දය අනිත්‍යය, වේදනාස්කන්දය අනිත්‍යය, සංඥා ස්කන්දය අනිත්‍යය, සංකාරාස්කන්දය අනිත්‍යය, විඤ්ඤාණස්කන්දය අනිත්‍යය, යයි කියති. මෙසේ මේ පංච උපාදානස්කන්ධයන් හි අනිත්‍ය ලක්ෂණය නැවත නැවත මෙනෙහිකරමින් වෙසෙයි. ආනන්දය මේවා අනිත්‍ය සංඥා යි කියනු ලැබේ. ආනන්දය අනාත්ම සංඥා යනු කවරෙක්ද මෙම සස්නෙහි මහන කෙනෙකු ආරණ්‍යගත වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ නම් මෙසේ නුවනින් සලකා බලා ඇස අනාත්මය  රූපය අනාත්මය ශබ්දයෝ අනාත්මය නාසය අනාත්මය ගන්ධයෝ අනාත්මය දිව අනාත්මය රසය අනාත්මය කය අනාත්මය ස්පර්ශයෝ අනාත්මය මනස අනාත්මය ධර්මයෝ අනාත්මය යි කියති මෙසේ අධ්‍යාත්මික වූද බාහිර වූද මේ ෂඞ් ආයතනයන් කෙරෙහි අනාත්ම ලක්ෂන දකිමින් වෙසෙයි ආනන්දය මේවා අනාත්ම සංඥා යි කියනු ලැබේ. ඉති ඉමස්මිං කායේ අසුභානුපස්සී විහරති, අයං වුච්චතා නන්‍ද අසුභසඤ්ඤා. ආනන්දය අසුභ සංඥා යනු කවරෙක්ද ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු පත්ලෙන් උඩ කෙස් මතුයෙන් යට සම කෙලවර කොට ඇති මේ ශරීරය නානාප‍්‍රකාරවූ අසූචියෙන් පිරුනේය යි ප‍්‍රත්‍යාවේක්ෂා කෙරේද මේ ශරීරයේ කේසයෝ ලෝමයෝ නිය දත් සම මස් නහර ඇට ඇට මිදුලූ වකුගඩු හෘදය මාංශ අක්මාව දලබුවය බඩදිව පපුව  බඩවැල අතුනුභහනය අමු අහරය මල ය පිත සෙම් ලේ දහඩිය මේද කඳුළු තෙල් කෙල සොටු මූත‍්‍ර යන දෑ මේ ශරීරයේ ඇත්තාහූ යයිද මෙසේ මේ ශරීරයේ ඇත්තාවූ සියල්ලන්ගේ අසුභ බව බලමින් වාසය කරයි ආනන්දය මේවා අසුභ සංඥා යි කියනු ලැබේ.  අයං වුච්චතා නන්‍ද ආදීනවසඤ්ඤා, ආනන්දය ආදීනව සංඥා යනු කවරෙක්ද මෙම සස්නෙහි මහන කෙනෙකු ආරණ්‍යගත වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ නම් මෙසේ නුවනින් සලකා බලමින් මේ ශරීරය බොහෝ දුක් ඇත්තේ වෙයි බොහෝ ආදීනව ඇත්තේ වෙයි මේ ශරීරය බොහෝ ආබාධයෝ උපදිත් යි සිතයි එ කවරෙක්ද යත් ඇස් රෝග සොත රෝග කර්ණ රෝග නාස රෝග  දිවේ ඇතිවන රෝග කයෙහි ඇතිවන රෝග හිසෙහි ඇතිවන රෝග කණෙහි ඇතිවන රෝග මුඛයෙහි ඇතිවන රෝග දන්ත රෝග කාස රෝග ස්වාස රෝග පීණස දැවිල්ල උණ උදර රෝග මූර්ජාව අතීසාරය ඉදිමීම කූෂ්ඨ ගඩූ රෝග අපස්මාරය දද නිය රෝග පිත මදුමේහය අංශ රෝග පිලිකා පිත සහ පිතෙන් ඇතිවන රෝග සෙම සහ සෙමෙන් ඇතිවන රෝග  වාතයෙන් හටගන්නා රෝග තුන් දොසින් වන රෝග සෘතු පෙරලියෙන් ඇතිවන රෝග විෂම පරිහාරියෙන් ඇතිවන රෝග උපක‍්‍රමයෙන් ඇතිවන රෝග කර්ම විපාකයන්ගෙන් ඇතිවන රෝග සීත උණ පිපාසය මල මූත‍්‍රය නිසා වන රෝග ආදී මේ සිරුරෙහි ආදීනව අනුව බලමින් මෙසේ මේ ශරීරයේ ඇත්තාවූ සියල්ලන්ගේ ආදීනව බලමින් වාසය කරයි ආනන්දය මේවා ආදීනව සංඥා යි කියනු ලැබේ.  ආනන්දය පහාන සංඥා යනු කවරෙක්ද ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු උපන් කාම විතර්කය නොඉවසත් ද අත්හරී ද දුරු කෙරෙත් ද නැති කෙරෙත් ද අභාවයට පමුනවාව් ද උපන් ව්‍යාපාද ව්තර්කය නොඉවසත් ද අත්හරී ද දුරු කෙරෙත් ද නැති කෙරෙත් ද අභාවයට පමුනවාව් ද උපන්නාවූ විහිංසා ව්තර්කය නොඉවසත් ද අත්හරී ද දුරු කෙරෙත් ද නැති කෙරෙත් ද අභාවයට පමුනවාව් ද උපනූපන් අකුසල ධර්මයන් පවිටු අකුසල ධර්මයන් නොඉවසත් ද අත්හරී ද දුරු කෙරෙත් ද නැති කෙරෙත් ද  අභාවයට පමුනවාව් ද ආනන්දය මේවා පහාණ සංඥා යි කියනු ලැබේ. ආනන්දය විරාග සංඥා යනු කවරෙක්ද මෙම සස්නෙහි මහන කෙනෙකු ආරණ්‍යගත වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ නම් මෙසේ නුවනින් සිතයි මේ ශාන්ත මේ ප‍්‍රනීත මේ සියලූ සංස්කාරයන්ගේ සංසිදීම සියලූ කෙලෙසුන් සන්සිදීම තෘෂ්ණාව ක්ෂ්‍යය කිරීම විරාගයට නොඇලීම නිර්වාන්ය යයි ආනන්දය මේවා විරාග සංඥා යි කියනු ලැබේ. ආනන්දය විරාග සංඥා යනු කවරෙක්ද ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු ආරණ්‍යගත වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ නම් මෙසේ නුවනිින් සිතයි මේ ශාන්ත මේ ප‍්‍රනීත මේ සියලූ සංස්කාරයන්ගේ සංසිදීම කෙලෙසුන් සන්සිදීම තෘෂ්ණාව ක්ෂ්‍යය කිරීම නිරෝදය නිර්වාන්ය යයි ආනන්දය මේවා නිරෝධ සංඥා යි කියනු ලැබේ. ආනන්දය මුලූ ලොව නොඇලීමේ සංඥාව යනු කවරෙක්ද ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු ලෝකයෙහි උපයා ගත් යම් තෘෂ්ණා දෘෂ්ට්යක් වෙත්ද යම් උපාදානයක් වෙත්ද සිත පිලිබද පිහිටියාවූ අභිනිවේසයෝ වෙත්ද අනුසයෝ නම් පැවති කෙලෙස් වෙත්ද ඔවුන් පහ කරමින් නො ගනිමින් නොඇලේද ආනන්දය මේවා සියලූ ලොවෙහිම අනභිරත සංඥාව යයි කියනු ලැබේ. ආනන්දය සියලූ සංස්කාර ධර්මයන් හී අනිත්‍ය සංඥාව යනු කවරෙක්ද ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු සියලූ සංස්කාර ධර්මයන් කෙරෙන් පීඩාවට පත්වේද ලැජ්ජාවේද පිල්කුල් කෙරේද ආනන්දය මෙය සියලූ සංස්කාර ධර්මයන් කෙරෙහි අනිච්ච සංඥාව යයි කියනු ලැබේ. ආනන්දය ආනාපාන සතිය යනු කවරෙක්ද ආනන්දය මෙම සස්නෙහි මහන කෙනෙකු ආරණ්‍යගත වූයේ හෝ රුක්ෂමූලයකට ගියේ හෝ ශුන්‍යාගාරයකට ගියේ හෝ ද පලක් බැද උඩුකය ඇද නැතිව මනාව පිහිටුවාගෙන අරමුනෙහි සිහිය එළවා හිදියි ද එ මහණතෙම සිහිඇත්තේමව ආශ්වාස කෙරේද  සිහිඇත්තේමව ප‍්‍රාශ්වාස කෙරයිද දීර්ඝ කොට ආශ්වාස කෙරේද දීර්ඝ කොටආශ්වාස කරන බව දනීද දීර්ඝ කොට ප‍්‍රාශ්වාස කෙරේද දීර්ඝ කොට ප‍්‍රාශ්වාස කරන බව දනීද ලඝු කොට ආශ්වාස කෙරේද ලඝු කොට ආශ්වාස කරන බව දනීද ලඝු කොට ප‍්‍රාශ්වාස කෙරේද ලඝු කොට ප‍්‍රාශ්වාස කරන බව දනීද සකල ආශ්වාස කාලය මුල මැද අග පහළ කරමින් ආශ්වාස කරමින් හික්මෙයි සකල ප‍්‍රාශ්වාස කාලය මුල මැද අග පහළ කරමින් ප‍්‍රාශ්වාස කරමින් හික්මෙයි  කාය සංස්කාරහ හෙවත් ආශ්වාසය සංසිදුවන්නෙමි ආශ්වාස කෙරෙමි යි හික්මෙයි කාය සංස්කාරහ හෙවත් ප‍්‍රාශ්වාසය සංසිදුවන්නෙමි ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි පී‍්‍රතිය විදිමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි පී‍්‍රතිය විදිමින් ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි සුවය විදිමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි සුවය විදිමින් ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි චිත්තසංකාර විදිමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි චිත්තසංකාර විදිමින් ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි සිත දන්නේ ආශ්වාස කෙරෙමි යි හික්මෙයි සිත දන්නේ ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි සිත පහන් කරමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි සිත පහන් කරමින් ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි සිත අරමුණෙහි සමව තබමින් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි සිත අරමුණෙහි සමව තබමින් ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි නිර්වානයෙන් සිත මුදම්න් ආශ්වාස කෙරෙමි යි හික්මෙයි නිර්වානයෙන් සිත මුදම්න් ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි අනිත්‍යානුඅදර්ශී වූවෙමි ආශ්වාස කෙරෙමි යි හික්මෙයි අනිත්‍යානුඅදර්ශී වූවෙමි ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි විරාගානුඅදර්ශී වූවෙමි ආශ්වාස කෙරෙමි යි හික්මෙයි විරාගානුඅදර්ශී වූවෙමි ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි නිරෝධානුඅදර්ශී වූවෙමි ආශ්වාස කෙරෙමි යි හික්මෙයි නිරෝධානුඅදර්ශී වූවෙමි ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි ප‍්‍රතිනිඃසර්ගානු වූවෙමි ආශ්වාස කෙරෙමි යි හික්මෙයි ප‍්‍රතිනිඃසර්ගාන වූවෙමි ප‍්‍රාශ්වාස කෙරෙමි යි හික්මෙයි ආනන්දය මෙය ආනාපාන සතිය යයි කියනු ලැබේ. ආනන්දය ඔබ ගිරිමානන්ද භික්ඛුන් වෙත එළඹ මේ දස සංඥවන් කියන්නෙහි නම්  ගිරිමානන්ද භික්ඛූ තෙමේ මේ දස සංඥවන් අසා ඒ ආබාධයන්ගෙන් වහා සංසිදෙන්නේය. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ දස සංඥවන් උගෙන ආයුෂ්මත් ගිරිමානන්ද භික්ඛුන් යම් තැනකද එතනට එළඹ  ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂු නමට මේ දස සංඥවන් වදාළේ ය. ආයුෂ්මත් ගිරිමානන්ද භික්ෂුන්වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටියේය ආයුෂ්මත් ගිරිමානන්ද තෙරුන්ගේ ඒ ආබාධය අහෝසිවී පහවී ගියේමය.   මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් සියළු දුක්, සියළු භය, සියළු රෝග, සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.