සච්ච විභංග සූත්‍රය

සච්ච විභංග සූත්‍රය

ඒ වං මේ සුතං  ඒ කං සමයං භගවා බාරණසියං විහරති ඉසිපතනේ මිගදායේ  තත‍්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි භිකඛවෝ ති  භදන්තේ ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං භගවා ඒ තද වෝච  තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං කතමේසං චතුන්නං ? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං දුක්ඛ සමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං දුක්ඛ නිරෝධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං තථාගතේන භික්ඛවේ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං යදිදං ඉමේසං චතුන්නං අරිය සච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං සේවේථ භික්ඛවේ, සාරිපුත්තමොග්ගල්ලානේ, භජථ භික්ඛවේ, සාරිපුත්තමොග්ගල්ලානේ  පණ්ඩිතා භිකඛූ අනුග්ගාහකා සබ‍්‍රහ්මචාරීනං සෙය්‍යථා පි භික්ඛවේ, ජනෙත්ති ඒ වං සාරිපුත්තෝ, සෙය්‍යථා පි ජාතස්ස ආපාදේතා ඒ වං මොග්ගල්ලානෝ  සාරිපුත්තෝ භිකඛවේ සෝතාපත්ති ඵලේ විනේති මොග්ගල්ලානෝ උත්තමත්ථේ විනේති සාරිපුත්තෝ භික්ඛවේ, පහෝති චත්තාරි අරියසච්චානි විත්ථාරේන ආචික්ඛිතුං දේසේතුං පඤ්ඤපේතුං පට්ඨපේතුං විවරිතුං විභජිතුං උත්තානීකාතුන් ති ඉදම වෝච භගවා ඉදං වත්වා සුගතෝ උට්ඨායාසනා විහාරං පාවිසි තත‍්‍ර ඛෝ ආයස්මා සාරිපුත්තෝ අචිරපක්කන්තස්ස භගවතෝ භික්ඛූ ආමන්තේසි ආවුසෝ භික්ඛවෝ ති  ආවුසෝ ති ඛෝ තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස පච්චස්සෝසුං ආයස්මා සාරිපුත්තෝ ඒ තද වෝච තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං යදිදං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං කතමේසං චතුන්නං ? දුක්ඛස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං දුක්ඛ සමුදයස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං දුක්ඛ නිරෝධස්ස අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං දුක්ඛනිරෝධගාමිනීපටිපදා අරියසච්චස්ස ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං කතමඤ්චා වුසෝ දුක්ඛං අරියසච්චං? ජාති පි දුක්ඛා ජරා පි දුක්ඛා ව්‍යාධි පි දුක්ඛෝ මරණම් පි දුක්ඛං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා පි දුක්ඛා  යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා කතමාචා වුසෝ ජාති? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්තනිකායේ ජාති සඤ්ජාති ඔක්කන්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවෝ ආයතනානං පටිලාභෝ  අයං වුච්චතා වුසෝ ජාති  කතමාචා වුසෝ ජරා? යා තේසං තේසං සත්තානං තම්හි තම්හි සත්ත නිකායේ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනෝ සංහානි ඉන්ද්‍රියානං පරිපාකෝ  අයං වුච්චතා වුසෝ ජරා කතමඤ්චා වුසෝ මරණං? යං තේසං තේසං සත්තානං තම්හා තම්හා සත්ත නිකායා චුති චවනතා භේදෝ අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භේදෝ කළේබරස්ස නික්ඛේපෝ  ජීවිතින්ද්‍රියස්සුපච්ෙඡ්දෝ ඉදං වුච්චතා වුසෝ මරණං කතමෝචා වුසෝ සෝකෝ? යෝ ඛෝ ආවුසෝ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස සෝකෝ සෝචනා සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ  අයං වුච්චතා  වුසෝ සෝකෝ කතමෝචා වුසෝ පරිදේවෝ? යෝ ඛෝ ආවුසෝ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛධම්මේන ඵුට්ඨස්ස ආදේවෝ පරිදේවෝ ආදේවනා පරිදේවනා ආදේවිතත්තං පරිදේවිතත්තං  අයං වුච්චතාවුසෝ පරිදේවෝ කතමඤ්චා වුසෝ දුක්ඛං? යං ඛෝ ආවුසෝ, කායිකං දුක්ඛං කායිකං අසාතං කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වේදයිතං  ඉදං වුච්චතා වුසෝ දුක්ඛං කතමඤ්චා වුසෝ දෝමනස්සං? යං ඛෝ ආවුසෝ, චේතසිකං දුක්ඛං චේතසිකං අසාතං වේදයිතං මනෝ සම්ඵස්සජං දුක්ඛං අසාතං වේදයිතං  ඉදං වුච්චතා වුසෝ දෝමනස්සං කතමෝචා වුසෝ උපායාසෝ? යෝ ඛෝ ආවුසෝ, අඤ්ඤතරඤ්ඤතරේන බ්‍යසනේන සමන්නාගතස්ස අඤ්ඤතරඤ්ඤතරේන දුක්ඛ ධම්මේන ඵුට්ඨස්ස ආයාසෝ උපායාසෝ ආයාසිතත්තං උපායාසිතත්තං  අයං වුච්චතා වුසෝ උපායාසෝ කතමඤ්චා වුසෝ යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං? ජාති ධම්මානං ආවුසෝ සත්තානං ඒ වං ඉච්ඡා උප්පජ්ජති  අහෝ වත මයං න ජාතිධම්මා අස්සාම  න ච වත නෝ ජාති ආගච්ඡෙය්‍යාති  න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං  ඉදම්පි යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං ජරාධම්මානං ආවුසෝ සත්තානං ඒ වං ඉච්ඡා උප්පජ්ජති  අහෝ වත මයං න ජරාධම්මා අස්සාම  න ච වත නෝ ජරා ආගච්ඡෙය්‍යාති  න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං  ඉදම්පි යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං ව්‍යාධිධම්මානං ආවුසෝ සත්තානං ඒ වං ඉච්ඡා උප්පජ්ජති  අහෝ වත මයං න ව්‍යාධිධම්මා අස්සාම  න ච වත නෝ ව්‍යාධි ආගච්ඡෙය්‍යාති  න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං  ඉදම්පි යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං මරණධම්මානං ආවුසෝ සත්තානං ඒ වං ඉච්ඡා උප්පජ්ජති  අහෝ වත මයං න මරණධම්මා අස්සාම  න ච වත නෝ මරණං ආගච්ඡෙය්‍යාති  න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං  ඉදම්පි යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසධම්මානං ආවුසෝ සත්තානං ඒ වං ඉච්ඡා උප්පජ්ජති  අහෝ වත මයං න සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසධම්මා අස්සාම  න ච වත නෝ සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා ආගච්ඡෙය්‍යුන් ති  න ඛෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං  ඉදම්පි යම්පිච්ඡුං න ලභති තම්පි දුක්ඛං කතමමේචා වුසෝ සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා? සෙය්‍යථීදං: රූපූපාදානක්ඛන්ධෝ වේදනූපාදානක්ඛන්ධෝ සඤ් ක්‍දුපාදානක්ඛන්ධෝ සංඛාරූපාදානක්ඛන්ධෝ විඤ්ඤාණූපාදානක්ඛන්ධෝ  ඉමේ වුච්චතා වුසෝ සංඛිත්තේන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා  ඉදං වුච්චතා වුසෝ දුක්ඛං අරියසච්චං  කතමඤ්චා වුසෝ දුක්ඛසමුදයං අරියසච්චං? යායං තණ්හා පෝනෝභවිකා නන්දිරාගසහගතා තත‍්‍රතත‍්‍රාභිනන්දිනී  සෙය්‍යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා  ඉදං වුච්චතා වුසෝ දුක්ඛසමුදයං අරියසච්චං  කතමඤ්චා වුසෝ දුක්ඛ නිරෝධං අරියසච්චං? යෝ තස්සායේව තණ්හාය අසේස විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ  ඉදං වුච්චතා වුසෝ දුක්ඛනිරෝධං අරියසච්චං කතමඤ්චා වුසෝ දුක්ඛනිරෝධ ගාමිනීපටිපදා අරියසච්චං? අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ  සෙය්‍යථීදං: සම්මාදිට්ඨි සම්මාසංකප්පෝ සම්මාවාචා සම්මාකම්මන්තෝ සම්මාආජීවෝ සම්මාවායාමෝ සම්මාසති සම්මාසමාධි කතමාචා වුසෝ සම්මාදිට්ඨි? යං ඛෝ ආවුසෝ දුක්ඛේ ඤාණං දුක්ඛ සමුදයේ ඤාණං දුක්ඛනිරොධේ ඤාණං දුක්ඛනිරෝධගාමිනියාපටිපදාය ඤාණං  අයං වුච්චතා වුසෝ සම්මාදිට්ඨි කතමෝචා වුසෝ සම්මාසංකප්පෝ? නෙක්ඛම්මසංකප්පෝ අව්‍යාපාදසංකප්පෝ අවිහිංසා සංකප්පෝ  අයං වුච්චතා වුසෝ සම්මාසංකප්පෝ කතමාචා වුසෝ සම්මාවාචා? මුසාවාදා වේරමණී පිසුනාය වාචාය වේරමණී ඵරුසාය වාචාය වේරමණී සම්ඵප්පලාපා වේරමණී  අයං වුච්චතා වුසෝ සම්මාවාචා කතමෝචා වුසෝ සම්මාකම්මන්තෝ? පාණාතිපාතා වේරමණී අදින්නාදානා වේරමණී කාමේසුමිච්ඡුාචාරා වේරමණී  අයං වුච්චතා වුසෝ සම්මාකම්මන්තෝ  කතමෝචා වුසෝ සම්මාආජීවෝ? ඉධා වුසෝ අරියසාවකෝ මිච්ඡුාආජීවං පහාය සම්මාආජීවේන ජීවිකං කප්පේති  අයං වුච්චතා වුසෝ සම්මාආජීවෝ කතමෝචා වුසෝ සම්මාවායාමෝ? ඉධා වුසෝ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡුන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති  උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡුන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති  අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡුන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති  උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මෝසාය භීයේ‍යා්භාවාය වේපුල්ලාය භාවනාය පාරිපූරියා ඡුන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති  අයං වුච්චතා වුසෝ සම්මාවායාමෝ කතමාචා වුසෝ සම්මාසති? ඉධා වුසෝ භික්ඛු කායේ කායානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං  වේදනාසු වේදනානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජ්ඣාදෝමනස්සං  අයං චුච්චතා වුසෝ සම්මා සති කතමෝචා වුසෝ සම්මාසමාධි? ඉධා වුසෝ භික්ඛු විවිච්චේව කාමේහි විවිච්ච අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීතිසුඛං පඨමංඣානං උපසම්පජ්ජ විහරති විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චේතසෝ ඒ කෝදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියංඣානං උපසම්පජ්ජ විහරති පීතියා ච විරාගා උපෙක්ඛකෝ ච විහරති සතෝ ව සම්පජානෝ සුඛං ච කායේන පටිසංවේදේති  යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකෝ සතිමා සුඛවිහාරී ති තං තතියංඣානං උපසම්පජ්ජ විහරති සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගමා උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථංඣානං උපසම්පජ්ජ විහරති  අයං වුච්චතා වුසෝ සම්මාසමාධි ඉධං වුච්චතා වුසෝ දුක්ඛනිරෝධගාමිනී පටිපදාඅරියසච්චං තථාගතේන ආවුසෝ අරහතා සම්මා සම්බුද්ධේන බාරාණසියං ඉසිපතනේ මිගදායේ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණේන වා බ‍්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ‍්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිංන්ති යදිදං ඉමේසං චතුන්නං අරියසච්චානං ආචික්ඛනා දේසනා පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං ඉදමවෝචා යස්මා සාරිපුත්තෝ  අත්තමනා තේ භික්ඛූ ආයස්මතෝ සාරිපුත්තස්ස භාසිතං අභිනන්දුන්ති

මා විසින් මෙසේ අසන ලදී  එක් සමයක භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බරණැස ඉසිපතන මිගදායේ වැඩ වසන සේක  එකල්හී භාග්‍යවතුන් වහන්සේ පින්වත් මහණෙනි යි කියා භික්ෂුසංඝයා අමතා වදාළ සේක  ඒ  භික්ෂූන් වහන්සේලා ද පින්වතුන් වහන්ස යැ යි කියා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය  භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක පින්වත් මහණෙනි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිපතන මිගදායේ දී අනුත්තර වූ ධම්මචක්කය පවත්වන ලදී  ලෝකයේ වෙන ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට හෝ එය වෙනස් කළ නො හැක්කේ ම ය එනම් මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳ ව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනැවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය  ඒ  කවර චතුරාර්ය සත්‍යයන් පිළිබඳව ද? දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය  දේශනා කිරීම ය  පැනවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය  විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනැවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය දුක නිරුද්ධ වීම නම් වූ වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් වූ වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය  දේශනා කිරීම ය  පැනවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය  විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය පින්වත් මහණෙනි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිතපන මිගදායේ දී අනුත්තර වූ ධම්ම චක්කය පවත්වන ලදී  ලෝකයෙහි වෙන ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයෙහි වෙන කිසිවෙකුට හෝ එය වෙනස් කළ නො හැක්කේ ම ය  එනම් මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳ ව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනැවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය පින්වත් මහණෙනි, සාරිපුත්ත හා මොග්ගල්ලානයන් ඇසුරු කළ යුත්තේ ය  සාරිපුත්ත හා මොග්ගල්ලානයන් භජනය කළ යුත්තේ ය ඔවුහු නුවණැත්තෝ ය  සබ‍්‍රහ්මචාරී භික්ෂූන් වහන්සේලාට අනුග‍්‍රහ දක්වන්නෝ ය පින්වත් මහණෙනි, දරුවන් වදන්නා වූ මෑණියන් යම් සේ ද සාරිපුත්තයන් ද ඒ  ආකාරම ය  උපන්නා වූ දරුවා ව පෝෂණය කරන තැනැත්තා යම් සේ ද මොග්ගල්ලානයන් ඒ  ආකාරම ය  පින්වත් මහණෙනි,සාරිපුත්තයන් සෝවාන් ඵලය අවබෝධ කර ගැනීම පිණිස ශ‍්‍රාවකයන් හික්මවන්නේ ය  මොග්ගල්ලානයන් ඉහළ මාර්ගඵලයන් අවබෝධ කර ගැනීම පිණිස ශ‍්‍රාවකයන් හික්මවන්නේ ය පින්වත් මහණෙනි, සාරිපුත්තයන් චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳ ව විස්තර වශයෙන් ප‍්‍රකාශ කරන්නට ද දේශනා කරන්නට ද පණවන්නට ද පිහිටුවාලන්නට ද විවරණය කරන්නට ද විග‍්‍රහ කොට දක්වන්නට ද අතිශයින් ම ප‍්‍රකට කරවන්නට ද අතිශයින් ම දක්ෂ වන්නේ ය  භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක  මෙය වදාළ සුගතයන් වහන්සේ ආසනයෙන් නැගිට ගන්ධකුටියට පිවිස වදාළ සේක  එකල්හී භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ වේලාවකින් ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ආයුෂ්මත් භික්ෂූන් වහන්සැ යි කියා භික්ෂු සංඝයා ඇමතුවාහු ය  ඒ  භික්ෂූන් වහන්සේලා ද පි‍්‍රය ආයුෂ්මතුන් වහන්සැ යි කියා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිතුරු දුන්නාහු ය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළ සේක  ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිතපන මිගදායේ දී අනුත්තර වූ ධම්ම චක්කය පවත්වන ලදී  ලෝකයේ වෙන ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට හෝ එය වෙනස් කළ නො හැක්කේ ම  එනම් මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳ ව ප‍්‍රකාශ කිරීම ය  දේශනා කිරීම ය  පැනැවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය  ඒ  කවර චතුරාර්ය සත්‍යයන් පිළිබඳව ද? දුක නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය  දේශනා කිරීම ය  පැනවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය  විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනැවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය දුක නිරුද්ධ වීම නම් වූ වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය දුක නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් වූ වූ ආර්ය සත්‍යය පිළිබඳව ප‍්‍රකාශ කිරීම ය  දේශනා කිරීම ය  පැනවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය  විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, දුක නම් වූ ආර්ය සත්‍යය යනු කුමක් ද? ඉපදීම ද දුකකි  ජරාවට පත් වීම ද දුකකි  රෝගපීඩා වැළඳීම ද දුකකි  මරණය ද දුකකි  සෝක වැළපීම් හා කායික මානසික දුක් ද සුසුම් හෙළීම් ද දුකකි  කැමති වන්නා වූ යමක් නො ලැබේ නම් එය ද දුකකි  සංක්ෂේපයෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධයෝ ම දුකකි පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම යනු කුමක් ද? ඒ  ඒ  සත්වයන් ගේ ඒ  ඒ  සත්ව ලෝක තුළ යම් උපතක් ඇද්ද යම් හට ගැනීමක් ඇද්ද මව් කුසක බැස ගැනීමක් ඇද්ද විශේෂ උපතක් ඇද්ද උපාදානස්කන්ධයන් ගේ පහළ වීමක් ඇද්ද ඇස් කන් ආදී ආයතනයන් ගේ ලැබීමක් ඇද්ද ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී ඉපදීම යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ජරාවට පත් වීම යනු කුමක් ද? ඒ  ඒ  සත්වයන් ගේ ඒ  ඒ  සත්ව ලෝක තුළ යම් දිරීමක් ඇද්ද දිරා යන ස්වභාවයක් ඇද්ද දත් ආදියෙහි කැඞීමක් ඇද්ද කෙස් ආදියෙහි පැසීමක් ඇද්ද සමෙහි රැළි වැටීමක් ඇද්ද ආයුෂයා ගේ ගෙවීමක් ඇද්ද ඇස් ආදී ඉඳුරන් ගේ මෝරා යාමක් ඇද්ද ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී ජරාවට පත් වීම යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මරණය යනු කුමක් ද? ඒ  ඒ  සත්වයන් ගේ ඒ  ඒ  සත්ව ලෝක වලින් යම් චුත වීමක් ඇද්ද චුත වන ස්වභාවයක් ඇද්ද බිඳී යෑමක් ඇද්ද අතුරුදහන් වීමක් ඇද්ද මරණයට පත් වීමක් ඇද්ද කළුරිය කිරීමක් ඇද්ද උපාදනස්කන්ධයන් ගේ බිඳී යාමක් ඇද්ද ශරීරයේ බැහැර දැමීමක් ඇද්ද ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී මරණය යැයි කියනු ලබන්නේ ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සෝකය යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් හට විවිධාකාර විපත් අතරින් ඉවසිය නො හැකි දුකකින් වේදනා විඳින කෙනෙකුන් හට යම් කිසි සෝක කිරීමක් ඇද්ද සෝකයෙන් තැවීමක් ඇද්ද සෝකීව සිටින ස්වභාවයක් ඇද්ද සිත දවාලන සෝකයක් ඇද්ද හිත හාත්පස දවාලන සෝකයක් ඇද්ද ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී සෝකය යයි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, හඬා වැළපීම යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් හට විවිධාකාර විපත් අතරින් ඉවසිය නො හැකි දුකකින් වේදනා විඳින කෙනෙකුන් හට යම් හඬා වැළපීමක් ඇද්ද නම් ගොත් කියමින් වැළපීමක් ඇද්ද හඬා වැළපෙන ස්වභාවයක් ඇද්ද නම් ගොත් කියමින් හඬා වැළපෙන ස්වභාවයක්ඇද්ද ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී හඬා වැළපීම යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, කායික දුක යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, කායික ව හට ගන්නා වූ ඉවසිය නො හැකි වූ යම් දුකක් ඇද්ද කායිකව හට ගන්නා වූ අමිහිරි වේදනා ඇද්ද කයෙහි ස්පර්ශයෙන් හට ගන්නා වූ දුක් හා අමිහිරි වේදනා ඇද්ද විඳවන ස්වභාවයක් ඇද්ද පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී කායික දුක යැ යි කියනු ලබන්නේ ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මානසික දුක යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මානසික ව හට ගන්නා වූ ඉවසිය නො හැකි වූ යම් දුකක් ඇද්ද මානසිකව හට ගන්නා වූ අමිහිරි වේදනා ඇද්ද මනසේ ස්පර්ශයෙන් හට ගන්නා වූ දුක් හා අමිහිරි වේදනා ඇද්ද විඳවන ස්වභාවයක් ඇද්ද ඇද්ද පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී මානසික දුක යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, දුක් පීඩා ගැන සිතමින් සුසුම් හෙළීම යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, විවිධාකාර විපත් අතරින් කවර හෝ විපතකින් පීඩා විඳින කෙනෙකුන් හට විවිධාකාර විපත් අතරින් දුක විඳින කෙනෙකුන් හට ඇති වන්නා වූ යම් වෙහෙසක් ඇද්ද ඒ  ගැන සිත සිතා යම් සුසුම් හෙළීමක් ඇද්ද මහත් වෙහෙසට පත් වීමක් ඇද්ද ඒ  ගැන සිත සිතා සුසුම් හෙළන ස්වභාවයක් ඇද්ද මෙය වනාහී දුක් පීඩා ගැන සිතමින් සුසුම් හෙළීම යැ යි කියනු ලබන්නේ ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, කැමති වන්නා වූ යමක් නො ලැබීමේ දුක යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ඉපදීම උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය  අනේ ! ඒ කාන්තයෙන් ම අපි වනාහී ඉපදීම උරුම කර නො ගන්නමෝ නම් ඒ කාන්තයෙන් ම ඉපදීම අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය  එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය  මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ජරාව උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය  අනේ ! ඒ කාන්තයෙන් ම අපි වනාහී ජරාවට පත් වීම උරුම කර නො ගන්නමෝ නම් ඒ කාන්තයෙන් ම ජරාව අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය  එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය  මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, ලෙඩ දුකට පත් වීම උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය  අනේ! ඒ කාන්තයෙන් ම අපි වනාහී ලෙඩ දුකට පත් වීම උරුම කර නො ගන්නමෝ නම් ඒ කාන්තයෙන් ම ලෙඩ දුක් අප කරා නො පැමිණෙන්නේ නම් කොයිරම් හොඳ ද කියා ය  එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය  මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මරණයට පත් වීම උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය  අනේ ! ඒ කාන්තයෙන් ම අපි වනාහී මරණයට පත් වීම උරුම කර නො ගන්නමෝ නම් ඒ කාන්තයෙන් ම මරණය අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය  එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය  මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සෝක වැළපීම් දුක් දොම්න්ස සුසුම් හෙළීම් උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය  අනේ ! ඒ කාන්තයෙන් ම අපි වනාහී සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් උරුම කර නො ගන්නමෝ නම් ඒ කාන්තයෙන් ම සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය  එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය  මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සංක්ෂේපයෙන් කීවොත් පංච උපාදානස්කන්ධයෝ ම දුක යනු කුමක් ද? එනම් මේ රූප උපාදානස්කන්ධය ය  වේදනා උපාදානස්කන්ධය ය සඤ්ඤා උපාදානස්කන්ධය ය  සංස්කාර උපාදානස්කන්ධය ය  විඤ්ඤාණ උපාදානස්කන්ධය ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සංක්ෂේපයෙන් කියන ලද පංච උපාදානස්කන්ධ දුක යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය යනු කුමක් ද? පුනර්භවය ඇති කරන්නා වූ ආශ්වාදයෙන් ඇලෙන්නා වූ ඒ  ඒ  තැන සතුටින් පිළිගන්නා වූ යම් මේ තණ්හාවක් ඇද්ද එය යි  එනම් කාමතණ්හාව ය  භව තණ්හාව ය  විභව තණ්හාව ය  ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍යය යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යනු කුමක් ද? ඒ  තණ්හා වේ ම ඉතිරි නැතුව නො ඇල්මෙන් යම් නිරුද්ධ වීමක් ඇද්ද අත් හැරීමක් ඇද්ද දුරු කිරීමක් ඇද්ද නිදහස් වීමක් ඇද්ද ආල රහිත වීමක් ඇද්ද එය යි  පි‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යය යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, දුක නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යනු කුමක් ද? ඒ  වනාහී මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ම ය  එනම්, සම්මා දිට්ඨිය ද සම්මා සංකල්පය ද සම්මා වාචා ද සම්මා කම්මන්තය ද සම්මා ආජීවය ද සම්මා වායාමය ද සම්ම සතිය ද සම්මා සමාධිය ද යන මෙය යි පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා දිට්ඨිය යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධ ඤාණයක් ඇද්ද දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධ ඤාණයක් ඇද්ද දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධ ඤාණයක් ඇද්ද දුක්ඛ නිරෝධ ගාමිනී ප‍්‍රතිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධ ඤාණයක් ඇද්ද ප‍්‍රිය ආයුෂ්මතුන් වහන්ස මෙය වනාහී සම්මා දිට්ඨිය යැ යි කියනු ලබන්නේ ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සංකල්පය යනු කුමක් ද? නෙක්ඛම්ම සංකල්පය ය  අව්‍යාපාද සංකල්පය ය  අවිහිංසා සංකල්පය ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා සංකල්පය යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා වාචා යනු කුමක් ද? බොරු කීමෙන් වැළකී සිටීම ය  කේලාම් කීමෙන් වැළකී සිටීම ය  පරුෂ වචන කීමෙන් වැළකී සිටීම ය  හිස් වචන කීමෙන් වැළකී සිටීමය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා වාචා යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා කම්මන්ත යනු කුමක් ද? ප‍්‍රාණඝාතයෙන් වැළකී සිටීම ය  සොරකම් කිරීමෙන් වැළකී සිටීම ය  වැරදි කාමසේවනයෙන් වැළකී සිටීම ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා කම්මන්ත යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා ආජීව යනු කුමක් ද? මෙ කරුණෙහිලා ආර්ය ශ‍්‍රාවකයා මිත්‍යා  ආජීවය දුරු කොට ඉතා ධාර්මික ලෙස ජීවිතය ගත කරන්නේ ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා ආජීව යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා වායාම යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙ කරුණෙහිලා භික්ෂුව තව ම හට නො ගත්තා වූ පාපී අකුසල ධර්මයන් හට නො ගැනීම පිණිස කැමැත්ත උපදවන්නේ ය  වෑයම් කරන්නේ ය  වීරිය අරඹන්නේ ය  සිත දැඩි කොට ගන්නේ ය  බලවත් ව වීරිය ගන්නේ ය හට ගත්තා වූ පාපී අකුසල ධර්මයන් ප‍්‍රහාණය කිරීම පිණිස කැමැත්ත උපදවන්නේ ය  වෑයම් කරන්නේ ය  වීරිය අරඹන්නේ ය  සිත දැඩි කොට ගන්නේ ය  බලවත් ව වීරිය ගන්නේ ය හට නො ගත්තා වූ කුසල ධර්මයන් උපදවා ගැනීම පිණිස කැමැත්ත උපදවන්නේ ය  වෑයම් කරන්නේ ය  වීරිය අරඹන්නේ ය  සිත දැඩි කොට ගන්නේ ය  බලවත් ව වීරිය ගන්නේ ය හට ගත්තා වූ කුසල ධර්මයන් පවතිනු පිණිස, මුලා නො වීම පිණිස වැඩි දියුණු කර ගැනීම පිණිස විපුල බවට පත් කර ගැනීම පිණිස භාවනාවෙන් සම්පූර්ණ කර ගැනීම පිණිස කැමැත්ත උපදවන්නේ ය වෑයම් කරන්නේ ය  වීරිය අරඹන්නේ ය  සිත දැඩි කොට ගන්නේ ය බලවත් ව වීරිය ගන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා වායාම යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සතිය යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙකරුණෙහි ලා භික්ෂුව කය පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතු ව මනා නුවණින් යුතු ව සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කායානුපස්සනා භාවනාවෙන් කල් ගෙවන්නේ ය වේදනාවන් පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතු ව මනා නුවණින් යුතු ව සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට වේදනානුපස්සනා භාවනාවෙන් කල් ගෙවන්නේ ය සිත පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතු ව මනා නුවණින් යුතු ව සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට චිත්තානුපස්සනා භාවනාවෙන් කල් ගෙවන්නේ ය  ධර්මයන් පිළිබඳව කෙලෙස් තවන වීරියෙන් යුතු ව මනා නුවණින් යුතු ව සිහියෙන් යුතුව ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධම්මානුපස්සනා භාවනාවෙන් කල් ගෙවන්නේ ය  පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා සතිය යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, සම්මා සමාධිය යනු කුමක් ද? පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙ කරුණෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් වීමෙන් ම අකුසල ධර්මයන් ගෙන් වෙන් වීමෙන් ම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හට ගත්තා වූ ප‍්‍රීතිය හා සැපය ඇත්තා වූ පළමු වෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරන්නේ ය විතර්ක විචාරයන් ගේ සංසිඳීමෙන් ම තම අභ්‍යන්තරයේ බලවත් පැහැදීමෙන් යුතු ව සිතේ එක ග බවෙන් යුතු ව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හට ගත්තා වූ ප‍්‍රීතිය හා සැපය ඇත්තා වූ දෙවනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නේ ය පී‍්‍රතිය කෙරෙහි නො ඇල්මෙන් සිහියෙන් හා නුවණින් යුතු ව කයෙන් සැපය ද විඳිමින් උපේක්ෂා සහගත ව සිහියෙන් යුතු ව වාසය කරන්නේ ය  ආර්යන් වහන්සේලා උපේක්ෂා සහගතව සිහියෙන් යුතු ව සැපසේ වාසය කිරීම යැ යි පවසන ලද්දා වූ ඒ  තුන් වෙනි ධ්‍යානය ද උපදවා ගෙන වාසය කරන්නේ ය සැපය ද ප‍්‍රහාණය කිරීමෙන් දුක ද ප‍්‍රහාණය කිරීමෙන් පළමුවෙන් ම සොම්නස් දොම්නස් දෙක නැති කිරීමෙන් දුක් රහිත වූ සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු වූ උපේක්ෂාව ඇත්තා වූ හතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී සම්මා සමාධිය යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, මෙය වනාහී දුක නිරුද්ධ වීම පිණිස පවතින ප‍්‍රතිපදාවා නම් වූ ආර්ය සත්‍යය යැ යි කියනු ලබන්නේ ය පි‍්‍රය ආයුෂ්මතුන් වහන්ස, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ විසින් බරණැස ඉසිතපන මිගදායේ දී අනුත්තර වූ ධම්ම චක්කය පවත්වන ලදී  ලෝකයෙහි වෙන ශ‍්‍රමණයෙකුට හෝ බ‍්‍රාහ්මණයෙකුට හෝ දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට හෝ ලෝකයේ වෙන කිසිවෙකුට හෝ එය වෙනස් කළ නො හැක්කේ ම ය එනම් මේ චතුරාර්ය සත්‍යය ධර්මයන් පිළිබඳ ව ප‍්‍රකාශ කිරීම ය දේශනා කිරීම ය  පැනැවීම ය  පිහිටුවා තැබීම ය  විවරණය කිරීම ය විග‍්‍රහ කොට පෙන්වීම ය  අතිශයින් ම ප‍්‍රකට කරවීම ය ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක  සතුටු සිත් ඇති ඒ  භික්ෂූන් වහන්සේලා ආයුෂ්මත් සාරිපුත්තයන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්තාහු ය ඒ තේන සච්චේන සුවත්ථි හෝතු මේ සත්‍යානුභාවයෙන් සැමට සෙත් වේවා