ඉසිගිලි සුත්‍රය

ඉසිගිලි සුත්‍රය

එවං මේ සූතං, ඒකං සමයං භගවා රාජගහේ විහරති ඉසිගිලිස්මිං පබ්බතේ. තත‍්‍ර ඛෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝ ති භදන්තේ  ති තේ භික්ඛු භගවතෝ පච්චස්සොසුං භගවා ඒත දවෝච. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං වේභාරං පබ්බතන්ති, ඒවං භන්තෙ, එතස්ස පි ඛෝ භික්ඛවේ වේභාරස්ස  පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි, අඤ්ඤා පඤඤත්ති. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං පණ්ඩවං පබ්බතන්ති ඒවං භන්තෙ, එතස්ස පි ඛෝ භික්ඛවේ පණ්ඩවස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි, අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං වේපුල්ලං පබ්බතන්ති ඒවං භන්තෙ, ඒතස්ස පි ඛෝ භික්ඛවේ වේපුල්ලස්ස පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි, අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඒතං ගිජ්ඣකූටං පබ්බතන්ති ඒවං භන්තේ, ඒතස්ස පි ඛෝ භික්ඛවේ ගිජ්ඣකූටස්ස  පබ්බතස්ස අඤ්ඤාව සමඤ්ඤා අහෝසි, අඤ්ඤා පඤ්ඤත්ති. පස්සථ නෝ තුම්හේ භික්ඛවේ ඉමං ඉසිගිලිං පබ්බතන්ති ඒවං භන්තේ, ඉමස්සපි ඛෝ භික්ඛවේ ඉසිගිලිස්ස පබ්බතස්ස ඒසා ව සමඤ්ඤා අහෝසි, ඒසා පඤ්ඤත්ති. භූතපුබ්බං භික්ඛවේ පඤ්ච පච්චේකබුද්ධ සතානි ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසිනෝ අහේසුං. තේ ඉමං පබ්බතං පවිසන්තා දිස්සන්ති, පවිට්ඨා න  දිස්සන්ති. තමේනං මනුස්සා දිස්වා එවමාහංසු. අයං පබ්බතෝ ඉමේ ඉසි ගිලතී ති, ඉසිගිලී ඉසිගිලී ත්‍වව සමඤ්ඤා උදපාදි. ආචික්ඛිස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නාමානි. කිත්තයිස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නාමානි. දෙසිස්සාමි භික්ඛවේ පච්චේකබුද්ධානං නාමානි. තං සුණාථ සාධුකං මනසි කරෝථ, භාසිස්සාමී ති. එවං භන්තේ ති ඛෝ තේ භික්ඛු භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච. අරිට්ඨෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. උපරිට්ඨො නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. තරගසිඛී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. යසස්සී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. සුදස්සනෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. පියදස්සී නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. ගන්‍ධාරෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. පිණ්ඩොලෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. උපාසභෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි.නීථෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. තථෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. සුතවා නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. භාවිතත්තෝ නාම භික්ඛවේ පච්චේක සම්බුද්ධෝ, ඉමස්මිං  ඉසිගිලිස්මිං පබ්බතේ චිරනිවාසී අහෝසි. යේ සත්තසාරා අනිඝා නිරාසා, පච්චේකමෙවජ්ඣගමුං සුබෝධිං; තේසං විසල්ලානං නරුත්තමානං, නමාමි මෙ කිත්තයතෝ සුනාථ. අරිට්ඨෝ උපරිට්ඨෝ තරගසිඛී යසස්සී, සුදස්සනෝ පියදස්සී ච බුද්ධෝ; ගන්‍ධාරෝ පිණ්ඩෝලෝ උපාසභෝ ච, නීථෝ තථෝ සුතවා භාවිතත්තෝ. සුම්භෝ සුභෝ මේථුලෝ අට්ඨමෝ ච, අතස්සු මේඝෝ අනිඝෝ සුදාඨෝ; පච්චේක බුද්ධා,  භවනෙත්තිඛීණා, හිංගු ච හිංගෝ ච මහානුභාවා. දේවේ ජාලිනෝ මුනිනෝ අට්ඨකෝ ච, අථ කෝසලෝ බුද්ධෝ,  අථෝ සුබාහු;  උපනේමිසෝ නෙමිසෝ සන්තචිත්තෝ, සච්චෝ තථෝ විරජෝ පණ්ඩිතෝ ච. කාලූපකාලා විජිතෝ ජිතෝ ච, අඞගෝච පඞගෝ ච ගුතිජ්ජිතෝ ච; පස්සී ජහී උපධිං දුක්ඛමූලං, අපරාජිතෝ මාරබලං අජේසි. සත්ථා පවත්තා සරභඞගෝ ලෝමහංසෝ, උච්චඞගමායෝ අසිතෝ අනාසවෝ; මනෝමයෝ මානච්චිදෝ ච බන්‍ධුමා, තදාධිමුත්තෝ විමලෝ ච කේතුමා. කේතුම්බරාගෝ ච මාතඞගෝ අරියෝ, අථච්චුතෝ අච්චුතගාමබ්‍යාමකෝ; සුමඞගලෝ දබ්බිලෝ සුප්පතිට්ඨිතෝ, අසය්හෝ ඛෙමාභිරතෝ ච සෝරතෝ. දුරන්නයෝ සංඝෝ අථෝ පි උච්චයෝ, අපරෝමුනී සය්හෝ අනෝමනික්කමො; ආනන්ද නන්දෝ උපනන්දෝ ද්වාද්ස. භාරද්වාජෝ අන්තිමදේහධාරී. බෝධී මහානාමෝ අථෝ පි උත්තරෝ, කේසී සිඛී සුන්දරෝ භාරද්වාජෝ; තිස්සූ පතිස්සා භවබන්ධනච්චිදා, උපසීදරී තණ්හච්ඡුදෝ ච සීදරී. බුද්ධෝ අහූ මඞගලෝ වීතරාගෝ, උසභච්චිදා ජාලනිං දුක්ඛමූලං; සන්තං පදං අජ්ඣගමුපනීතෝ, උපෝසථෝ  සුන්දරෝ සච්චනාමෝ.ජේතෝ ජයන්තෝ පදුමෝ උප්පලෝ ච, පදුමුත්තරෝ රක්ඛිතෝ පබ්බතෝ ච; මානත්‍ථද්ධෝ සෝභිතෝ වීතරාගෝ, කණ්හෝ ච බුද්ධො සුවිමුත්තචිත්තෝ. එතේ ච අඤේඤ ච මහානුභාවා, පච්චෙකබුද්ධා,  භවනෙත්තිඛීණා; තේ සබ්බසඞගාතිගතේ මහේසී, පරිනිබ්බුතේ වන්දථ අප්පමෙය්‍යති.   ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා, ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා, ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා

මා විසින් මෙසේ අසන ලදී. එකල එක් සමහයක භාග්‍යවතුන්වහන්සේ අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකලහී භාග්‍යවතුන්වහන්සේ භික්ෂූන්ට ආමන්ත‍්‍රනය කල සේක. ස්වාමිනී භාග්‍යවතුන්වහන්ස යි භික්ෂූන් පිලිවදන් දුන්හ. එකල හී භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි ඔබලා මෙම වෙභාර පර්වතය දක්නාහූ ද, එසේය දේවයන් වහන්ස, මහණෙනි මෙම වෙභාර පර්වතයට වෙනත් නමක් වීය වෙනත් පැනවීමක් වීය. මහණෙනි ඔබලා මෙම පණ්ඩව පර්වතය දක්නාහූ ද, එසේය දේවයන් වහන්ස, මහණෙනි මෙම පණ්ඩව පර්වතයට වෙනත් නමක් වීය වෙනත් පැනවීමක් වීය. මහණෙනි ඔබලා මෙම වෙපුල්ල්‍ය පර්වතය දක්නාහූ ද, එසේය දේවයන් වහන්ස, මහණෙනි මෙම වෙපුල්ල්‍ය පර්වතයට වෙනත් නමක් වීය වෙනත් පැනවීමක් වීය. මහණෙනි ඔබලා මෙම ගිජ්ඣකූට පර්වතය දක්නාහූ ද, එසේය දේවයන් වහන්ස, මහණෙනි මෙම ගිජ්ඣකූට පර්වතයට වෙනත් නමක් වීය වෙනත් පැනවීමක් වීය. මහණෙනි ඔබලා මෙම ඉසිගිලි පර්වතය දක්නාහූ ද, එසේය දේවයන් වහන්ස, මහණෙනි මෙම ඉසිගිලි පර්වතය වූ කලි මේ නාමයම විය. මේ ප‍්‍රඥප්තියම විය. මහණෙනි පෙර සිදුවූවක් කියමි. පන්සීයක් පසේ බුදුවරු මෙම ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූහ. උන් වහන්සේලා මෙම පර්වතයට පිවිසෙන්නා දක්නා ලද නමුත් පිටවයන්නා දක්නා නොලදී. මෙම කරුන දක්නා ලද මනූෂ්‍යයෝ මෙසේ කීහ. මෙම පර්වත තෙමේ සෘෂීන් වහන්සේලා ගිලගනී. ඒ හෙයින් ඉසිගිලියට ඉසිගිලි නම ලැබින. මහණෙනි පසේ බුදුවරුන්ගේ නම් නම් පවසන්නෙමි, මහණෙනි පසේ බුදුවරුන්ගේ නම් දෙසන්නෙමි එය අසව්, මනා කොට මෙනෙහි කරවු යි කියන්නෙමි. දේවයන් වහන්ස, එසේයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ, භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. මහණෙනි අරිට්ඨ නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි උපරිට්ඨ නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි තරගසිඛී නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි යසස්සී නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි සුදස්සන නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි පියදස්සී නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය.  මහණෙනි ගන්‍ධාර නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි පිණ්ඩොල නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි උපාසභ නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි නීථ නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි තථ නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි සුතවන්තු නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. මහණෙනි භාවිතත්ත නම් වූ පසේ බුදු තෙමේ මේ ඉසිගිලි පර්වතයෙහි බොහෝ කල් විසූයේ විය. දුක් නැත්තා වූ, ආශා රහිත වූ, යම් උතුම් සත්ව කෙනෙකු වෙන වෙනම සම්‍යක්සම්බෝධිය අවබෝධ කළේද, කෙලෙස් නැතිකළේද, ඒ නරෝත්තමයන්ගේ නම් ප‍්‍රකාශකරන මාගේ වචනය අසව්. අරිට්ඨ, උපරිට්ඨ, තරගසිඛී, යසස්සී, සුදස්සන පියදස්සී බුද්ධ, ගන්‍ධාර, පිණ්ඩෝල උපාසභ, නීථ, තථ, සුතව භාවිතත්ත නම් වූ පසේ බුදුහු ද. සුමේහ, සුභ, මෙථුල අට්ඨම, අතස්සු, මෙඝ, අනිඝ, සුදාඨෝ, යන මොවුන් භව ආශාවන් ක්ෂය කලාවූ ද පසේ බුදුවරු ද හිංග ය පසේ බුදුන් ද මහත් ආනුභාව ඇත්තාහ. චුල්ලජාලිය, මහාජාලිය යන මුනිවරයෝ දෙනමද,  අට්ඨක, අථ, තවද කොසල බුද්ධ, සුබාහු, උපනෙමිස, නෙමිස, සන්තචිත්ත, සච්ච, තථ , විරජ පණ්ඩිත යන පසේ බුදුහු ද. කාල, උපකාල, විජිත, ජිත, අංග, පංග, ගුතිජ්ජිත, මුනිවරයෝ ද, දුකට මුල්වූ කෙලෙස් දුරුකළාවූ පස්සී ද, මාරබල දිනූ අපරාජිත ද, නම් පසේ බුදුහු ද. සත්ථ, පවත්තා, සරභංග, ලොමහංස, උච්චංගමාය, අසිත, අනාසව, මනෝමය, මානය දුරු කලා වූ, බන්‍ධුමන්තු, තදාධිමුත්ත, විමල කෙතුමන්තු, නම් පසේ බුදුහු ද. කෙතුම්බරාග, මාතංග, අරිය, අථ ,අච්චුත, අච්චුතගාමබ්‍යාමක, සුමංගල, දබ්බිල, සුප්පතිට්ඨිත, අසය්හ, ඛෙමාභිරත, සොරත. දුරන්නය, සංඝ, නම් පසේ බුදුහු ද, තවද උච්චය, අලාමක වීර්ය ඇති සය්හ නම් පසේ බුදු මුනිවරයකුද, ආනන්ද ය, නන්ද ය, උපනන්ද ය, නම්වූ දොළොස් බුදුහු ද, අවසන් දේහදාරී භාරද්වාජ නම් පසේ බුදුහු ද. බොධී, මහානාම, පසේ බුදුහු ද, තවද උත්තර, කෙසී, සිඛී, සුන්දරභාරද්වාජ, යන පසේ බුදුහු ද. තෘෂ්ණා ප‍්‍රහීන කල සීදරී නම් පසේ බුදුහු ද. රාගය දුරුකරන ලද මංගල නම් පසේ බුදු වරයකුද, පංචස්කන්දයන්හි දුකට මුල්වූ තෘස්නාජාලය සුන්කළ උසභ නම් බුදු තෙමේ ද, ශාන්ත පදයට පැමිනි උපෝසථ, සුන්දර, සච්ච නම් පසේ බුදුහු ද. ජෙත, ජයන්ත, පදුම, උප්පල , පදුමුත්තර, රක්ඛිත, පබ්බත, මානත්ථද්ධ, සොභිත, වීතරාග, යන පසේ බුදුහු ද, සියලූ කෙළෙසුන් කෙරෙන් මිදුන සිත් ඇති  කණ්හ නම් පසේ බුදුහු ද. මෙසේ කී මහානුභාවසම්පන්න පසේ බුදුවරුන්ද, මෙහීදී නොකී මහානුභාවසම්පන්න පසේ බුදුවරුන්ද, භව තන්හා දුරුකලාවූවෝ වෙති. සිය`ඵ කෙළෙස් සතුරන් දිනූ, අප‍්‍රමාණගුණ ඇත්තාවූවොය, පිරිණිවන් පා වදාළ පසේබුදු සෘෂීන් වහන්සේලාට නමස්කාර කරව….මේ උතම් පිරිතෙන් ඒ සැබෑ වදනින් සියලූ රෝග සැනෙකින් දුරුවී ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.