මහා ජය මඞගල ගාථා

මහා ජය මඞගල ගාථා

මහා කාරුණිකෝ නාථෝ හිතාය සබ්බපාණීනං පූරෙත්වා පාරමී සබ්බා පත්තෝ සම්බෝධිමුත්තමං ඒතෙන සච්චවජ්ජේන හෝතු තේ ජය ජයන්තෝ බෝධියා මූලේ සක්‍යානං නන්දි වද්ධනෝ ඒවං තුය්හං ජයෝ හෝතු ජයස්සු ජය මංගලං සක්කත්වා බුද්ධරතනං  ඕසධං උත්තමං වරං හිතං දේව මනුස්සානං බුද්ධ තේජෙන සොත්ථිනා නස්සන්තුපද්දවා සබ්බේ දුක්ඛා වූපසමෙන්තු තේ සක්කත්වා ධම්මරතනං  ඕසධං උත්තමං වරං පරිළාහූපසමනං ධම්මතේජේන සොත්ථිනා නස්සන්තුපද්දවා සබ්බේ භයාවූපසමෙන්තු තේ සක්කත්වා සංඝරතනං  ඕසධං උත්තමං වරං ආහුණෙය්‍යං පාහුණෙය්‍යං සංඝ තේජේන සොත්ථිනා නස්සන්තුපද්දවා සබ්බේ රෝගා වූපසමෙන්තු තේ යං කිඤ්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු රතනං බුද්ධ සමන් නත්ථි තස්මා සොත්ථි භවන්තු තේ යං කිඤ්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු රතනං ධම්ම සමන් නත්ථි තස්මා සොත්ථි භවන්තු තේ යං කිඤ්චි රතනං ලෝකේ විජ්ජති විවිධා පුථු රතනං සංඝ සමන් නත්ථි තස්මා සොත්ථි භවන්තු තේ නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං නත්ථි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං නත්ථි මේ සරණං අඤ්ඤං සංඝො මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජයමංගලං සබ්බීතියො විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මා තේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකො භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බදේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බදේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ  භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බදේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ නක්ඛත්ත යක්ඛ භුතානංපාපග්ගහ නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තු තේසං උපද්දවේ යන්දුන්නිමිත්තං අවමංගලඤ්ච, යෝචා මනාපෝ සකුනස්ස සද්දෝ පාපග්ගහෝ  දුස්සුපිනං  අකන්තං,  බුද්ධානුභාවේන විනාසමෙන්තු යන්දුන්නිමිත්තං අවමංගලඤ්ච, යෝචා මනාපෝ සකුනස්ස සද්දෝ පාපග්ගහෝ  දුස්සුපිනං අකන්තං, ධම්මානුභාවේන  විනාසමෙන්තු යන්දුන්නිමිත්තං අවමංගලඤ්ච, යෝචා මනාපෝ සකුනස්ස සද්දෝ පාපග්ගහෝ දුස්සුපිනං අකන්තං,   සංඝානුභාවේන  විනාසමෙන්තු සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේකානඤ්ච යං බලං අරහන්තානඤ්ච තේජේන රක්ඛං බන්ධාමි සබ්බසෝ

සියළු සතුන්ගේ සිත් සතන් සනසමින් අප මහා බෝසතානෝ ශී‍ මහා බෝ සමිදු පා මුල මාර සේනා ජයගත් සේක. මංගලං සියළු සතුනට හිතැතිවූ මහා කාරැණිකයානන් වහන්සේ, පාරමී දම් පුරා, උතුම් බුද්ධත්වය ලබාගත් සේක. මේ සත්්‍යයේ වචනයෙන් අප සැමට ජය මංගල්ය්‍යක් වේවා. අපටද නියත ජය ලැබේවා. අපටද ජය මංගල්ය්‍යක්ම වේවා. සියළු දෙව් මිනිසුන්ගේ හිත සුව සහනය පිනිස වූ ඖෂධයකට සමවූ, බුදුවරුන්ගේ බුද්ධ ගුණයෙන් අප සැමගේ සියළු දුක් නැසේවා. සියළු දුක් දුරුවේවා. සියළු දුක් වේදනා සංසිදුවන උතුම් වූ ඖෂධයකට සමවූ, සම්මා සම්බුදු දහමේ බලයෙන් අප සැමගේ ඇතිවන සියළු භය නැසේවා. සියළු බිය දුරුවේවා. පින් කෙතක් බදු වූ උතුම් වූ ඖෂධයකට සමවන දුර සිට ගෙන එනු ලබන දහම් පඬුුරු, දන් පිලිගැනීමට සුදුසු වූ මහා සංඝරත්නයේ බලයෙන් අප සැමගේ ඇතිවන සියළු රෝග උවදුරු නැසේවා. ලෙවෙ ඇති අනේක වූ රුවන් අතරින් බුදුරුවනට සම වෙනත් රුවනක් නැත්තේමය. ඒ බුදුරුවනේ බලයෙන් අපහට සුව සෙත ලැබේවා. ලෙවෙ ඇති අනේක වූ රුවන් අතරින් සඟරුවනට සම වෙනත් රුවනක් නැත්තේමය. ඒ සඟරුවනේ බලයෙන් අපහට සුව සෙත ලැබේවා. ලෙවෙ ඇති අනේක වූ රුවන් අතරින් දම්රුවනට සම වෙනත් රුවනක් නැත්තේමය. ඒ දම්රුවනේ බලයෙන් අපහට සුව සෙත ලැබේවා. මා හට බුදුසරණ මිස අන් සරණක් නොමැත. මේ සැබෑ වදනින් අපසැමට ජය මංගල්ය්‍යක් වේවා. මා හට දහම් සරණ මිස අන් සරණක් නොමැත. මේ සැබෑ වදනින් අපසැමට ජය මංගල්ය්‍යක් වේවා. මා හට සඟ සරණ මිස අන් සරණක් නොමැත. මේ සැබෑ වදනින් අපසැමට ජය මංගල්ය්‍යක් වේවා. සියළු උවදුරු දුරුවේවා. සියළු රෝග නැතිවේවා. කිසිදු ආන්ත‍්‍රායක් නොමවේවා. දීඝආයුස ලැබේවා. සියළු බුදු බලයෙන් සියළු දෙවියෝ රුකදෙවත්වා. ඒ සියළු බලයෙන් අපට සදා සුවසෙත අත්වේවා.  සියළු දහම් බලයෙන් සියළු දෙවියෝ රුකදෙවත්වා. ඒ සියළු බලයෙන් අපට සදා සුවසෙත අත්වේවා. සියළු සඟ බලයෙන් සියළු දෙවියෝ රුකදෙවත්වා. ඒ සියළු බලයෙන් අපට සදා සුවසෙත අත්වේවා. නැකැත් වලින්, ග‍්‍රහ අපල වලින්, සිදුවන සියළු උවදුරු මේ පිරිතේ අණුහසින් දුරුවේවා. සියළු බුදුවරුන්ගේ බලයෙන් සියළු පසේ බුදුවරුන්ගේ ශක්තියෙන් සියළු රහතුන්වහන්සේලාගේ තේජසින් ඔබසැම ආරක්‍ෂාවේවා.