ඛන්ධ පිරිත

ඛන්ධ පිරිත

ඒවං මේ සූතං ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ,  තේන ඛෝ පන සමයේන සාවත්ථියං අඤ්ඤතරෝ භික්ඛු අහිනා දට්ඨෝ කාලකතෝ හෝති. අථ ඛෝ සම්බහුලා භික්ඛු යේන භගවා තෙනුපසංකමිංසූ. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදිංසු. ඒකමන්තං නිසින්නො ඛෝ තේ භික්ඛු භගවන්තං එතදවෝචුං.ඉධ භන්තේ, සාවත්ථියං අඤ්ඤතරෝ භික්ඛු අහිනාදට්ඨෝ කාලකතෝ ති. නහ නූන සෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරිස චෙ හි සෝ භික්ඛවේ භික්ඛු චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්‍ය. නහි සෝ භික්ඛ වේ භික්ඛු අහිනාදට්ඨෝ කාලංකරෙය්‍ය. කතමානි චත්තාරි අහිරාජකුලානි විරූපක්ඛං අහිරාජකුලං, ඵරාපථං අහිරාජකුලං, ඡුබ්‍යා පූත්තං අහිරාජකුලං, කණ්හාගෝතමකං අහිරාජකුලං. නහ නූන සෝ භික්ඛවේ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරි ස චෙ හි සෝ භික්ඛවෙ භික්ඛු ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන චිත්තෙන ඵරෙය්‍ය. නහි සෝ භික්ඛවේ භික්ඛු අහිනා  දට්ඨෝ කාලං කරෙය්‍ය. අනුජානාමි භික්ඛවේ ඉමානි චත්තාරි අහිරාජකුලානි මෙත්තෙන  චිත්තේන ඵරිතුං, අත්ත ගුත්තියා අත්තරක්ඛාය අත්තපරිත්තායා ති. ඉදමවෝච භගවා, ඉදං වත්වා සූගතෝ අථාපරං එත දවෝච සත්ථා. විරූපක්ඛෙහි මේ මෙත්තං  මෙත්තං ඵරාපථෙහි මේ ඡුබ්‍යාපුත්තෙහි මේ මෙත්තං  මෙත්තං කණ්හාගෝතමකේහි ච  අපාදකේහි මේ මෙත්තං  මෙත්තං දිපාදකේහි මේ  චතුප්පදේහි මේ මෙත්තං  මෙත්තං බහුප්පදේහි මේ.  මා මං අපාදකෝ හිංසි  මා මං හිංසි දිපාදකෝ  මා මං චතුප්පෙදා හිංසි  මා මං හිංසි භහුප්පෙදා.  සබ්බේ සත්තා සබ්බේ පාණා  සබ්බේ භූතා ච කේවලා  සබ්බේ භද්‍රානි පස්සන්තු  මා කඤ්චි පාපමාගාමා.  අප්පමාණෝ බුද්ධෝ, අප්පමාණෝ ධම්මෝ, අප්පමාණෝ සඞඝෝ, පමාණවන්තානි සිරිංසපානි අහි, විච්චිකා, සතපදී, උන්ණාණාභි, සරබූ, මූසිකා කතා මේ රක්ඛා කතා මේ පරිත්තා පටික්කමන්තු භූතානී, සෝ හං නමෝ භගවතෝ නමො සත්තංන්නං සම්මා සම්බුද්ධානන්ති. ඒතෙන සච්ච වජ්ජෙන සොත්ථිතේ හෝතුසබ්බදා .

මා විසින් මෙසේ් අදන ලදී.  එකල එක් සමයක භාග්‍යවතුන්වහන්සේ අනේපිඩු සිටුතුමා විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.  එසමයෙහි සැවත්නුවර වැඩ විසු භික්ෂූ නමක් නයෙකු විසින් දෂ්ඨ කොට කලූරිය කෙළේය.  එකල්හි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි එළඹි භික්ෂූන් වහන්සේ බුදුරදුන් වැද එකත් පසෙක සිටිමින් මෙ පුවත දැන්වූ සේක.  එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි ඒ භික්ෂු නම සතර සර්ප රාජ කුලයන් කෙරෙහි සිතින් මෛතී‍ය නොපැතිරවී යයි හගිමි.   මහණෙනි ඒ භික්ෂු නම සතර සර්ප රාජ කුලයන් කෙරෙහි මෛතී‍ය  වැඩුයේ වී නම් සර්පයකු විසින් දෂ්ඨ කොට කලූරිය නොකරන්නේය.  සතර සර්ප රාජ කුලයන් නම් විරූපක්ඛල ඵරාපථ, ඡුබ්‍යාපූත්තල කණ්හාගොතමකං යන මේ සතරයි.  මහණෙනි ඒ භික්ෂු තෙමේ ඒකාන්තයෙන්ම මේ සතර සර්ප රාජ කුලයන් කෙරෙහි මෙත් සිත් නොපැතිරවීය. ඒ භික්ෂු තෙමේ මේ සතර සර්ප රාජ කුලයන් කෙරෙහි
මෛතී‍ය වැඩුයේ වී නම් සර්පයකු විසින් දෂ්ඨ කොට කලූරිය නොකරන්නේය.  මහණෙනි තමාගේ සංවරය පිනිස, ආරක්‍ෂාව පිනිස, මේ සතර නාග කුලයන් කෙරෙහි මෙත් සිත් පතුරවන්නට අවසර දෙමි යි පවසා, මෙසේ වදාල සේක. සුගත නම් වූ ශාස්තෲන්වහන්සේ මෙය වදාරා යළිත් මෙලෙස ගාථා වශයෙන්ද ප්‍රකාශ කල සේක.  මාගේ මෛතී‍්‍රය විරූපාක්ඛෂ, ඵරාපථ, ඡුබ්‍යාපූත්ත, කණ්හාගොතමකං නම් සර්ප කුලයන් සමගය.  මාගේ
මෛතී‍ය පා නැති නාග පිබුරු පොළොං ආදී උරග ජාතීන් සමගය, මාගේ මෛතී‍ය දෙපා ඇති මිනිසුන් සහ පක්‍ෂීන් සමගය, මාගේ මෛතී‍ය හස්ති, අශ්ව, ගව ආදී සිව් පා ජාතීන් සමගය, මාගේ
මෛතී‍ය පත්තෑ, ගෝනුසු ආදී බොහෝ පා ඇති සත්වයන් සමගය.  උරග, දිවිපාදක, සිව්පාදක හා බහු පාදක සතුන් මා නොපෙලත්වා.  සෑම සත්වයෝ ද ප‍්‍රාණීහූ ද සියලූ භූතයෝ ද යන සියල්ලන්ටම යහපතක්ම වේවා, මොවුන් අතුරෙන් කිසිවෙකුට දුකක් නොපැමිනෙත්වා.  බුදුවරුන්ගේ ගුණ අප්රමානය, දහම් ගුණ අපමනය, සංඝ ගුණ අපමනය, නමුදු සියලූ සත්වයෝ ප්රමාණවත්ය.  එනම් සර්ප, ගෝනුසු, බොහෝ පා   ඇති සත්වයෝ,  මකුළුවන්, සිකනලූන්, මීයන් ආදීහූය.  තෙරුවන් ගුණ සිහිකිරීමෙන්ද මා  විසින් ආරක්‍ෂාකරන ලද්දී ය. ම විසින් මෙම පිරිත පරිශීලනය කරන ලද්දාහූ ය. මා කෙරෙහි අදහස් ඇති සියලූ සත්වයෝ ඉවත්වෙත්වා.   කිසිවෙකු මා නොවෙහෙසත්වා.  මා භාග්‍යවතුන් වහන්සේ වන්දනාකරමි.  සත් බුදුවරුන්ටද නමස්කාර කරමි . මේ උතම් පිරිතෙන් ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට නිරන්තර සුවයක් සහ ශාන්තියක්ම වේවා.