මෝර පිරිත

මෝර පිරිත

https://cialok.com/. The preparation Cialis Super Active has quality certificates, therefore it is absolutely safe for health. .

උදේතයං චක්ඛුමා ඒකරාජා  හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ  තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ   ගුත්තා විහරේමු දිවසං  යේ බ‍්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ  තේ මේ නමෝ තේ ච මං පාලයන්තු  නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා  නමෝ විමුත්තානං නමෝ විමුත්තියා  ඉමං සෝ පරිත්තං කත්‍වා   මෝරෝ චරති ඒසනා.   අපේතයං චක්ඛුමා ඒකරාජා  හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ  තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං තයජ්ජ   ගුත්තා විහරේමු රත්තිං.   යේ බ‍්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ  තේ මේ නමෝ තේ ච මං පාලයන්තු  නමත්ථු බුද්ධානං නමත්ථු බොධියා  නමෝ විමුත්තානං නමෝ විමුත්තියා  ඉමං සො පරිත්තං කත්‍වා මෝරෝ වාසමකප්පයී ති.   ඒතේන සච්ච වජ්ජෙන හෝතු තේ ජය මංගලම්.

ලොව අදුර දුරුකරමින් ලෝ වැසියන්ට පෙනීම ගෙනදෙන හෙයින් ඇස් ඇති වූත්, ලොවට එලිය දෙන්නා වූ වන්ගෙන් රජ වූත්, රන්වන් පැහැති දිදුලන සිරුරක් ඇත්තාවූත්, මහ පොලව බුබුලවමින් නැගඑන්නා වූත්, ඒ රන්වන් වූ සූර්ය රාජ තමෝ නමදිමි.  ඔබගේ ආරක්‍ෂාව ලද අප මෙ දවස සුවසේ වසන්නෙමු.  සකල ක්ලේශයන් දුරුකල බ්රාහ්මනයන් දතයුතු සියලූ ධර්මයන් දැන සම්යක් සම්බෝධියට පැමිනියේද උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාද මා ආරක්‍ෂා කරන සේක්වා.   අතීත බුදුවරයානන් වහන්සේලාටද, උන් වහන්සේලාගේ නව ලෙවුතුරා බෝධි ගුණයටද, පඤ්ච විමුක්ති ගුණයටද, නමස්කාරය වේවා.  ඒ මයුර තෙම මෙම පිරිත ආරක්‍ෂාකොට කියමින් අහර සෙවීමෙහි හැසිරෙත්වා.  ලොව අදුර දුරුකරමින් ලෝ වැසියන්ට පෙනීමගෙනදෙන හෙයින් ඇස් ඇති වූත්, ලොවට එලිය දෙන්නාවූවන්ගෙන් රජ වූත්, රන්වන් පැහැති දිදුලන සිරුරක් ඇත්තාවූත්, රන්වන් වූ ඒ සූර්ය රාජ තමෝ අප අතරින් ඉවත්වයයි.  ඔබ විසින් රක්නා ලද අප මුළු රුය මුළුල්ලේ සුවසේ වෙසෙමු. ඒ මයුර තෙම මෙම පිරිත ආරක්‍ෂාකොට කියමින් වාසය කරත්වා.  මේ උතම් පිරිතෙන්, ඒ පිරිතේ සත්‍යයේ බලයෙන් ඔබට ජය මංගල්යයක්ම වේවා.