paritha
Infinitesimal drop of load Buddha’s teachings “PIRITH” – Lyrics in Sinhala and its explanations.

පිරුවානා පොත් වහන්සේ පරිශීලනය කරමින් සකසා ඇති මෙම අන්තර්ජාල වෙබ් අඩවිය භාවිතයේ පහසුව උදෙසා ව්‍යවහාරික සිංහල අක්‍ෂර වින්‍යාසය යොදාගෙන ඇත. නිවරදි උචිචාරණය සදහා අදාල පිරිත් දේශණා ශ‍්‍රවනය කරමින් පිරිත් පොත පරිහරනය කරන ලෙසට පින් සිත් පෙරටුව කෘතඥතාපූර්වකව ඉල්ලා සිටිමි.

නිවරදි අක්‍ෂර වින්‍යාසය අධ්‍යයනය සදහා පිරුවානා පොත් වහන්සේ පරිශීලනය කරීමට කාරුණික වන්න.මෙම ව්‍යායාමයට අතහිත දුන් සැමටත් ඔවුන් නමින් මිය පරලව ගියාවූ සියලූ දෙනාටත්, දිග, කෙටි, මහත, මධ්‍යම, විශාල, සියුම්, ශරීර ඇත්තෝ වූ ද, දිය ගොඩ වෙසෙන සියලූ සත්තූ හූද, පෙනෙන, නොපෙනෙන, දුර, ළඟ, වෙසෙන සත්වයෝද, උපතට පැමිනි සහ උපතක් සොයන සත්තූ හූද, ඉපදීම අවසන් කල සත්තූ හූද, ඇතුළු විශ්ව වාසීනට මෙම පිරිත් දේශණාවන්ගේ ආනුභාවයෙන් පින් අනුමෝදන් වේවා, සියල්ලෝම සැප ඇත්තෝ වෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත්වෙත්වා.

සබ්බ පාපස්ස අකරණං - සියලූ අකුසලින් දුරුවීම / කුසලස්ස උපසම්පදා - කුසල් කිරීම හා දියුණු කිරීම
සචිත්ත පරියෝදපනං - තමාගේ සිත පිරිසිදු කිරීම / ඒතං බුද්ධාන සාසනං - මෙය සියළු බුදුවරයන්ගේ අනුශාසනාවයි